(දිල්රුක්ෂි ග්‍රේරු)
තෙල් වලට බදු පැනවීම නවතා දැමුවහොත් තෙල් මිල අඩු කළ හැකි බව ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ඛනිජ තෙල් ව්‍යාපාරයෙන් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට කිසිදු පාඩුවක් නොමැති බවත් සුළු ලාභයක් තබාගෙන ජනතාවට සාධාරණය ඉටු කිරීමට හැකියාව තිබුණද මෙම තෙල් මත බදු පැනවීමෙදී එලෙස අඩු මුදලට තෙල් විකිණිය නොහැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එහෙත් මෙම බදු මුදල ඉවත් කිරීම සිතු පමණින් කළ නොහැක්කක් වන්නේ රටේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් එය ඉතා අත්‍යවශ්‍ය නිසා යැයිද එම හේතුව නිසා අකමැත්තෙන් වුවද කැබිනට් මණ්ඩල රැස්වීමෙදී තෙල් මිල වැඩි කිරීමට එකඟ වීමට සිදු වු බවද අමාත්‍යවරයා පැවසීය.
ඉන්ධන මිල වැනි සංවේදී විෂයක් ගැන තීරණ ගැනීමේදී සැම විටම ජනතාවගේ පැත්තෙන් සිතා තීරණ ගත යුතු අතර ජනතාව කිසිදු අයුරකින් නෙසලකා හැරිය යතු නෙවෙන බවද ලාභ ලබන ආයතනයක් ලෙස නොව වැඩියෙන් මහජන සේවා සපයන ආයතනයක් ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවත්වාගෙන යා යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පෙරට වඩා මේ දිනවල බොරතෙල්හි මිල ඉහළගොස් ඇතැයිද ඉදිරියේදී ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල පහළ යනු ඇති බව තමා විශ්වාස කරන බවත් පැවසු අමාත්‍යවරයා ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අනුව දේශීය ඉන්ධන මිල සංශෝධනය කිරීමේ වගකීම මේ වන විට මුදල් අමාත්‍යාංශයට සහ භාණ්ඩාගාරයට භාර දී ඇති බව සඳහන් කළේය.
ඉන්ධන මිල වැඩි වන විට හා මිල අඩුවන විට සෙසු භාණ්ඩවල සහ සේවාවල මිල ගණන් පහළ බසිනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
මට මතක් වෙනවා 2015 ජනවාරි 8ට කලින් කවුදෝ කට්ටියක් කිව්වා බදු අයින් කළාම රුපියල් 50ක් අඩුවෙන් පෙට්‍රල් දෙන්න පුළුවන් කියලා..
"එහෙත් මෙම බදු මුදල ඉවත් කිරීම සිතූ පමණින් කළ නොහැක්කක් වන්නේ රටේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් එය ඉතා අත්‍යවශ්‍ය නිසා යැයිද එම හේතුව නිසා අකමැත්තෙන් වුවද කැබිනට් මණ්ඩල රැස්වීමෙදී තෙල් මිල වැඩි කිරීමට එකඟවීමට සිදු වු බවද අමාත්‍යවරයා පැවැසීය." එතකොට ඔය කතාව මහින්ද මහතාට වලංගු නැද්ද? ඔහෙලා තෙල්වලට විශාල බද්දකුත් ගහලා කප්පරක් තවත් බදු ගැහැව්වා. නමුත් මහින්ද මහතා එහෙම කලේ නැහැ නේද? මහින්ද මහතාගේ තෙල්මිල ගැන කතා කරන කොටළුවෝ මේ පුවත කියවනවා නම් හොඳයි නේද?
මේක තෙල්වලට දාපු දුස්රා පන්දුවක් නැතිනම් යෝකර් එකක්
ඇයි අඩු මිලට තෙල් දෙන්නේ. බදු භාණ්ඩ ප්‍රවාහනයට සහ රටේ ආර්ථික/ මගී ප්‍රවාහනයට නම් කමක් නැහැ. ඒත් අපි කරන්න ඕනේ තෙල් භාවිතය අවම කරලා විකල්ප බලශක්ති වලට යොමු වෙන එක මිසක් බදු ඉවත් කරලා අඩු මිලට තෙල් දීලා, රටේ අනාගතය සහ පරිසරය විනාශ කරන එක නෙමෙයි.
තෙල් මිල වැඩිවෙනකොට පාරවල්වල දුවන වාහන ප්‍රමාණය ටිකක් අඩුවෙනවා. ඒ නිසා තෙල් මිල අඩුකිරීම නුවණටහුරු නැහැ.
මෝඩ නෑ
කිතුල් ගහට ගිය මිනිහටත් උත්තර තිබ්බලු. පත්තරේක කාටුන් එකක් තිබ්බ පණ්ඩිතයෝ ගැන.
අපේ රටට ගන්නේ ඉතාමත් අඩුම වර්ගයේ බාලම තෙල් ඒ තෙල් කොහොමද මෙතරම් මිල අධික වෙන්නේ.?
ඡන්දයක් ළඟ තබාගෙන ඔබතුමන්ලා තව තව බදු වැඩි කරන්න. තෙල් මිල තව තව වැඩි කරන්න. තෙල් මිල අඩුවූ කිසිම විටෙක බස් ගාස්තු හා රටේ අනිකුත් බදු භාණ්ඩ මිල අඩුවුණේ නැහැ. ඒ නිසා අඩුවූ වාසිය ගියේ වෙනත් අයගේ සාක්කු වලට. අඩුම තරමේ ත්‍රීවීලර් වල තම ගාන අඩු කලේ නැහැ. ඒ උනාට වැඩි උනාම වැඩිවූ ප්‍රතිශතයටත් වඩා බොහෝ ඉහළින් තම ගාස්තු වැඩි කරනවා. ඒවාට රජය නිහඬයි. ඒ නිසා කලයුතු වන්නේ බදු සහ තෙල් මිල ක්‍රමානුකුලව පවත්වා ගැනීමයි. කලින් කට්ටිය හොරකම් කරපු මුදල් අයකරගෙන බඩු මිල අඩුකරනවා කිව්වා. වරදට දඬුවම නැහැ. ජනතාවට අවශ්‍ය වන්නේ සියලු හොරුන් අල්ලා රට සුඛිත මුදිත කරවා ගැනීමයි. සිදුවිය යුත්තේ එයයි.
මේ හා සමගාමී මිලකටම තෙල් විකුණන ඉන්දියානු ඔයිල් සමාගම අධික ලාභයක් උපයන්නෙත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කොට උඩ යන්නෙත් ඔය කියන බද්දක් හින්දා නෙවෙයි. සංස්ථාව රැකියා බැංකුවක් වෙලා. මේ ළඟදිත් මේ ඇමතිතුමාම සංස්ථාවේ සේවකයින්ගේ වැටුප් පුදුමාකාර විදිහට වැඩි කරන්න හැදුවා. සේවකයො පිරිලා. ඒත් වැඩක් හරියට වෙන්නේ නෑ.
මෙන්න කියල අඩුවෙයි තෙල් හා බදු මිල.ඩොලර් එක යනවා හෝ ගාල උඩ. යහපාලනේ සංසන්දනය කරන්නේ 2015 ට කලින් තෙල් විකුණුම් මිල විතරයි. ඒ වෙද්දී තිබුණ බොරතෙල් මිල ගැන කතා නෑ. බස් ගාස්තු ඇතුළු අනෙකුත් ගාස්තු තෙල් වැඩි වෙද්දී වැඩි උනාට, අඩු වෙද්දී අඩු වෙන්නේ නෑ.