විනීතා එම් ගමගේ
 
අගනුවර හා ජනාකීර්න පෙදෙස්වල උදෑසන පවතින අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස රජයේ සේවකයන් සඳහා නම්‍යශීලී කාර්යාල වේලාවක් පවත්වාගැනීමේ නියමු ව්‍යාපෘතියක් ලබන 18 වනදා සිට ක්‍රියාත්මක කෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.  


රජයේ කාර්යාල රැසක් පිහිටි බත්තරමුල්ල ආශ්‍රිතව මුලින්ම ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ උදෑසන 7.30 සිට 9.15 දක්වා  ඕනෑම වේලාවක සේවයට වාර්තා කිරීමට රජයේ සේවකයන්ට ඉඩ සැළසෙන බව ද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කියයි. 


එමෙන්ම ඔවුන් පැමිණි වේලාව අනුව නියමිත සේවා පැය ගණන නිමාකොට පස්වරුවේ 3.15 සිට 5.30 දක්වා කාලය තුළ නික්ම යා හැකියි වේ. 


කෙසේ නමුත් සියලුම සේවකයන් පෙරවරු 9.15 සිට 3.15 දක්වා අනිවාර්යයෙන් කාර්යාලයේ රැඳී සිටිය යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.