(මුදිතා දයානන්ද)
පරිපාලන ආයතන ගණනාවක් යටතේ පාලනය වීමෙන් ඇතිව තිබෙන ගැටලු වළක්වා බත්තරමුල්ල -කෝට්ටේ ප්‍රදේශය වෙනම මහනගර සභාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (01) පැවසීය.
පාඨලී මහතා මෙසේ පැවසූයේ බත්තරමුල්ල බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය හා ඒකාබද්ධ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.
බත්තරමුල්ල කෝට්ටේ ප්‍රදේශය එක් පසෙක පාර්ලිමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසක් ස්ථාපිතව තිබෙන අතර තවත් පසෙක ජනාවාස ස්ථාපිත වී ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින බවද ඔහු පැවසීය. එහෙත් මේ ප්‍රදේශය කෝට්ටේ මහ නගර සභාව, මහරගම නගර සභාව, කඩුවෙල මහ නගර සභාව, කොටිකාවත්ත මුල්ලේරියාව නගරසභාව ආදි පරිපාලන ආයතන ගණනාවක් යටතේ පරිපාලනය වීම නිසා ගැටලු රැසක් මතුව ඇතැයිද රණවක මහතා පැවසීය.
එයට පිළියම් ලෙස මේ ප්‍රදේශය වෙනම පරිපාලන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර පළාත් පාලන අමත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව මහනගර සභාවක් බවට පත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය. එයින් එම ප්‍රදේශය ශීඝ්‍ර දියුණුවක් අත්පත් කරගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද රණවක මහතා වැඩිදුරටත් පැවසීය.




(ඡායාරූප-ශාන්ත රත්නායක)
COMMENTS
ඇත්තටම මේක තමා කරන්න ඉතිරි වෙලා තිබ්බ එකම අත්‍යවශ්‍ය කාර්යය. අනේ මෙහෙමත් වාචාල දේශපාලකයන්...
1 හා 2 ෆොටෝ වල ඉන්න නාකි සමනලයා පිට රටින් " කුණු " ආනයනය කරන්න යනවලු..
මේ මේකේ සමහරු හිතන ඉන්නේ දේශපාලනය කියන්නේ ජාතිවාදය සහ රට බෙදීමේ මාතෘකාව විතරයි කියලා. චම්පික තමයි ඇත්තටම මේ රට ගොඩගන්න ඉන්න.... නිසි දැක්මක් සහිත එකම අනාගත නායකත්වය. මම චම්පික වාදියෙක් නෙමෙයි. මම කවදාවත් ඔහුට ඡන්දයක් දීපු මිනිහෙකුත් නෙමෙයි. හැබැයි ඔහු කතා කරන්නේ රට ගොඩ ගැනීමේ ප්‍රායෝගික දැක්මක්. මම හිතන්නේ ඔහු වගේ කෙනෙක් තමයි රටේ අනාගත නායකයා විය යුත්තේ... ජයවර්ධනපුර නගර සභාව මහා නගර සභාවක් වෙනවා නම්, ඒ සඳහා කල යුත්තේ අනිත් සියලුම නගර සභා අහෝසි කරන එකයි. එවිට මහරගම, කෝට්ටේ, හෝමාගම, කොටිකාවත්ත, කඩුවෙල යන නගර සභා වලින් ලැබෙන ආදායම ඉහළ යනවා. විශාල වැඩ කොටසක් කරන්නත් පුළුවන්...
මේකෙන් මට ලැබෙන එකම ප්‍රතිඵල නම් දැනට නගර සභාවක වරිපනම් ගෙවන අපේ ගෙදරට මහනගර සභාවකට අදාළ ඉහල වරිපනම් මුදලක් ගෙවීමට සිදුවීම පමණයි.
අපි හිතමු අපිට අයිති තනි ඉඩමක්, මායිම් අනුව පළාත් පාලන ආයතන කිහිපයකට අයිතියි කියලා. අපෙන් මොනවා හරි ගන්න තියෙනවා නම් ආයතන ඔක්කොම එනවා, කාට දෙන්නද දන්නෙ නෑ. අපිට මොනවා හරි කර ගන්න තියෙනවා නම් අපෙන් නෙවෙයි අරහෙන් කර ගන්න කියලා හැම එකෙන්ම කියනවා. එවැනි තත්ත්වයක් ඇති වීම වළක්වන්න තමයි මෙවැනි දෙයක් වෙන්නේ.
dappiya වෙතට, සමනල හෝ කොට්ටෝරුවෝ හෝ කුකුලෝ වුනාට අපිට මොකටද? එ්ක පුද්ගලික දෙයක්... අපිට ඕන අවංකව රට හදන දේශපාලකයින්... ඔය කියන ඈයෝ...!! ??
චම්පික බාරගත්ත පාඩු ලබන ආයතන සියල්ලක්ම වගේ ලාභ ලබන ආයතන බවට පත්කළා.. ඒ අනුව බලනකොට ඔහු ජාතියට හිතවත් වැඩට දක්ෂයෙක් කියන එක අපිට පිළිගන්න වෙනවා.
මොන විකාරද? තව බෙදෙන එක නෙමේ එක්කහු වෙන එකයි කල යුත්තෙ. එහෙම වුනාමයි ව්‍යාපාර වලට ලේසි. ඔච්චර පොඩි ඉඩක් කිලෝ මීටර් 4ක් 5ක් ගියාම වෙන නගර සභාවක් නම් එක එක නගර සභා වලින් වෙන වෙනම පාලනය කරන්න ගියාම අවුල් වැඩියි. උදාහරණ කියනවනම් ලෝකයේ විශාල ජනගහණයක් ඉන්න නගර බොහෝමයක් අපේ දිස්ත්‍රීක්කයක් විතර ලොකුයි.