IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම නිරෝධායනයවීම අනිවාර්යයි

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට පැමිණෙන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා ඔවුන් සමඟ පැමිණෙන සියලු දෙනා සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී ඇති මාර්ගෝපදේශ අනුව අනිවාර්යයෙන් නිරෝධායනය විය යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

එම මාර්ගෝපදේශ ලබාදී ඇත්තේ ශ්‍රී ලංකාවේ කොවිඩ් අවදානමක් මතුවීම වළක්වාගැනීම සඳහා බව කී අධ්‍යක්‍ෂවරයා එවැනි මාර්ගෝපදේශයක් දුන්විට එයට අනුගත විය නොහැකි බව කිසිවෙක් කියන්නේ නම් ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කරන්නට සිදුවන බව ද සඳහන් කළේය.  

බංග්ලාදේශ කණ්ඩායම තරගය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ කටයුතු කරන නිසා ඔවුන්ගෙන් අයෙකුට කොරෝනා ආසාදනය වී තිබුණහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ද කොවිඩ් වැළඳීමේ අවදානමක් මතුවන බව කී විශේෂඥ වෛද්‍යවරයා ශ්‍රී ලංකාව එම අවදානම ගත යුතු නැතැයි ද කීවේය.

ඔහු මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (15) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

“බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණෙන්නේ නම් සුමාන දෙකක් නිරෝධායනයවීම ඉතා වැදගත්. ඒ කාලය තුළ ඔවුන්ට යෙදිය හැකි ක්‍රියාකාරකම් ගැන අපට සොයා බැලිය හැකියි.  ඔවුන් නිරෝධායනය නොවුණොත් අපේ රටේ පවත්වාගෙන යන ආරක්ෂිත තත්ත්වය පවත්වාගෙන යාමට නොහැකි වෙනවා.” යැයි ද සුදත් සමරවීර මහතා කීවේය.

“මෙහිදී අපි තීරණ ගත යුත්තේ රටවල් දෙකක් අතර ඇති ක්‍රිකට් තරගාවලියකින් ලැබෙන ආදායම, ජනතාවට ලැබෙන මානසික සහනය ආදී වාසි හා අවාසි සළකා බලලයි.

එහිදී සති දෙකක් නිරෝධායනයවීමට නොහැකි නම් වෙනත් ක්‍රමවේදයක් බැලිය හැකි නමුත් මේ අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය දී ඇති නිර්දේශය වන්නේ කණ්ඩායම හා පැමිණෙන සියලු කාර්ය මණ්ඩල හා නිලධාරීන් සියල්ලන් දී ඇති මාර්ගෝපදේශ අනුව නිරෝධායනය විය යුතුයි.

අපි නිරෝධායනය නොකර මෙරටට ගත්තේ ‘නිව් ඩයමන්ඞ්’ නෞකාවේ ගින්න නිවීමට ආ තාක්‍ෂණ නිලධාරීන් පමණයි. එම තීරණය ගත්තේ ඔවුන් නිරෝධායනය කරමින් සිටියා නම් නැව සම්පූර්ණයෙන් ගිනිබත්වීමට පවා ඉඩ තිබූ නිසයි.

එවැනි අවස්ථානුකූලව තීරණ ගැනීම කළ හැකියි. අපි තීරණයක් ගතයුත්තේ අවදානම හා වාසියේ ප්‍රමාණය ගණනය කරලයි.” යනුවෙන් ද වෛද්‍යවරයා සඳහන් කළේය.

 



අදහස් (5)

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම නිරෝධායනයවීම අනිවාර්යයි

pradeepa Tuesday, 15 September 2020 02:49 PM

ඔය ලොකු කතා ඔක්කොම දේවල් යට යනවා. නාමල් ඇමැතිතුමා ඕඩර් එකක් දුන්නාම, ඔන්න ඊට පස්සේ අපේ දොස්තර මහත්තයත් ක්‍රිකට් මැච් එක බලයි ගිහිල්ලා.

:       35       11

Prabha Tuesday, 15 September 2020 03:06 PM

හොඳ තීරණයක්. බංගලි හරි ලොකුවට හිතන් ඉන්නේ. වෙනත් රටකට යනවා නම් ඒ රටේ නීතියට ගරු කරන්න ඕනේ.

:       1       234

Hafeel Tuesday, 15 September 2020 03:23 PM

නමුත් තොණ්ඩමන්ගේ අවමංගල්‍යයේදී ඔය නීති සේරම යටපත් වුණා. ඔහුගේ දියණිය විදේශයේ සිට පැමිණ කිසිම නිරෝධායනයක්වත් නැතිව සහභාගි වුණා නේද?

:       109       8

de silva Tuesday, 15 September 2020 04:06 PM

හෙට අනිද්දාට බලාගන්න පුළුවන් නිරෝධායන නීති ක්‍රියාත්මක වන විදිහ.

:       63       4

banda Tuesday, 15 September 2020 09:09 PM

මොන නිරෝධායනයක් වත් නෑ. බංගලියෝ සෙල්ලම් කරනවා. මේවා අපිට පේන්න දාන සෝබන...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 536 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 321 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site