(නිමන්ති රණසිංහ)
ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයක් අතුරතුර රාජ්‍ය දේපළවලට හානි කළැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනීසිටි භික්ෂූන් වහන්සේ සිව් නමක් රුපියල් ලක්ෂ එකහමාරක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (3) නියෝග කළාය.
ඒ අනුව මෙලෙස ඇප මත මුදා හැරුණේ බෙන්ගමුවේ නාලක හිමි, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, මාගල්කන්දේ සුදන්ත හිමි, මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි යන ස්වාමින් වහන්සේ ඇතුළු සැකකරුවන් ය.
ඉකුත් 2017 වර්ෂයේ දී සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හත් දෙනෙකු සම්බන්ධයෙන් කරුණු අනාවරණය වන බවට කොල්ලූපිටිය පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණේ ඉකුත් සිකුරාදා දිනයේදීය.
එහිදී පොලිසිය අධිකරණයට කළ කරුණු සැළකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කරනු ලැබිණි.
එසේම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස හඳුනාගෙන සිටි අගුලූගල්ලේ සිරි ජිනානන්ද හිමියන්ගේ වරෙන්තුව නැවත කැඳවීම ඉකුත් සිකුරාදා දින සිදුවිය.
(36698) ( ඡායාරූපය - ලහිරු හර්ෂණ )

COMMENTS
මෙවැනි අය අවුරුදු 10 කට හිරේ දාන්නයි තියෙන්නේ... කතා කරන්න දන්නේ නැති කෙනෙක්...
ඕකටත් ඉතින් කියයි මොනවා හරි කට කැඩිච්ච කතාවක්. "බණදී වුනත් කියන්නේ මේ ආණ්ඩුව එලවා දාන්න කියලයි" කියන මේ ස්වාමින් වහන්සේලාගේ කටයුත්ත අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරන එක නෙවේ. ආණ්ඩු පෙරලලා තමන්ට වැඩක් කරගන්න පුළුවන් කෙනෙක් නැවත බලයට ගේන එකනේ. ඉතින් මෙනවද තව කතා...?
රෝහණ, එහෙනම් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, වාරියපොළ ශ්‍රී සුමංගල හිමි තාමත් හිරේ. අපි තාමත් සුද්දගේ යටතේ... මතක තියාගන්න මේ හැම භික්ෂුන්වහන්සේ නමක්ම රට, ජාතිය, ආගම වෙනුවෙන් සටන් කරන අය, කතා කරන අය.
ජරාම ජරා වැඩක්, හොඳ වැඩේ ඇතුලට දාන එකයි... වැඩිය දඟලන්න දෙන්න හොඳ නැහැ. බුද්ධ පුත්‍රයින් නොවන නිසා බැඳලාවත් දාන්න වෙනවා.
පොහොට්ටුවක් පිටුපසට කරගෙන මේ කට්ටිය නටන නාඩගමෙන් බුදුහාමුදුරුවන්ටත් නිගාවක් වෙන්නේ!
"පොහොට්ටුවක් පිටුපසට කරගෙන මේ කට්ටිය නටන නාඩගමෙන්.." මේ ගොල්ලෝ නටන්නේ පොහොට්ටුව ඉදිරියෙන්. අපේ හාමුදුරුවරු ඉදිරියට එන්න කවමදාකවත් බය වුනේ නැත. ඒ මේක අපේ රට නිසා. සිංහලයා කොහෙන්වත් පාත් වුණු ජාතියක් නෙවෙයි. නිවට සිංහලයෝ හිතාහෙන ඉන්නවා සිංහලයා ඉන්දියාවෙන් අාවා කියලා තවත් නිවටයෝ හිතාගෙන ඉන්නවා. විජයන් කියන කල්ලතෝනියාගෙන් පැවත එනවා කියලා ඒ අයගේ කශේරුකාවක් නොමැති වීමයි. හිතන්න බැරිවීමයි.