විනීතා එම් ගමගේ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පැවැති බාධක එකින් එක ඉවත් වෙමින් පවතිද්දී කිසිදු පූර්ව පැහැදිලි කිරිමකින් තොරව මැතිවරණය තවත් මාස තුනකින් කල් දැමීමට රජය ගත් තීරණය පිළිබඳව පැෆරල් සංවිධානය පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසිර් මුස්තාපා මහතා වෙත අප‍්‍රසාදය පළ කර ඇත.
වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ කල් දැමීමට ලක් වෙමින් ඇති පළාත් පාලන මැතිවරණය පිළිබඳ විවිධ දේශපාලන මතවාද සමාජය පුරා පැතිර ඇති මොහොතක දරන සංස්ථාපිත ගැසට් පත‍්‍රයේ දිනය මාස තුනකින් ඉදිරියට ගෙනයාම සැබැවින්ම බලවත් සැකයක් ඇති කරන්නකැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චී මහතා ලංකාදීපයට පැවැසීය.
එකී දින වෙනස් වීම මැතිවරණයට බාධාවක් නොවන්නේ යැයි අමාත්‍යංශ ලේකම්වරයා ප‍්‍රකාශ කර ඇතැයි මාධ්‍යවල පල වී ඇතැයි කී හෙට්ටිආරච්චි මහතා මැතිවරණය පැවැත්වීමට මෙම ගැසට් පත‍්‍රය බාධාවක් වුවහොත් එහි වගකීම අමාත්‍යවරයා සහ අමාත්‍යංශය භාර ගත යුතු යැයි ද කීය.
මැතිවරණය පැවැත්වීම කල් දැමීමට විරෝධය පළ කරමින් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා වෙත ලිපියක් යැවු බව කී පැෆරල් විධායක අධ්‍යක්ෂවරයා ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියට බලපෑම් කරන මෙම තීරණය පිළිබඳ පැහැදිලි කරන්නැයි අමාත්‍යවරයා ගෙන් ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 04
655
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
541
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
444
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැෆ්රල් සංවිධානය අැමැතිට දෙහි කපයි
siri Monday, 03 July 2017 09:11 AM
පැහැදිලි කිරීම කෙසේ වෙතත් "ගොළුවා කසාය බිව්වා වගේ" ඉඳීවි... එච්චරයි කියන්න තියෙන්නේ...