(ක.ග.කරුණාරත්න, නිමල් ජයරත්න)
පොළොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ බැඳිවැව ප්‍රදේශයේ දී අද(12) අලුයම යතුරුපැදියක් බසයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ තරුණයන් සිව්දෙනකු මියගොස් ඇතැයි පොළොන්නරුව පොලිසිය පවසයි.
මොවුන් සිව්දෙනා ගමන් ගත් යතුරුපැදිය පොළොන්නරුව සිට බැඳිවැව දෙසට ධාවනය වෙමින් තිබියදී කොළඹ සිට මඩකලපුව දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස්රියක වැදීමෙන් අනතුර සිදුවී ඇත.