IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘පළාත් පාලන ආයතනයන්හි ආදායම් සියල්ල ආණ්ඩුව රඳවාගෙන සිටිනවා ‘

(විනීතා එම් ගමගේ)

පළාත් පාලන ආයතනවලට ලැබිය යුතු මුද්දර ගාස්තූ හා දඩ අය කිරීම් ඇතුළු ආදායම් සියල්ල ආණ්ඩුව රඳවා ගෙන සිටින  බව පළාත් පාලන ආයතන ප‍්‍රධානින් ගේ සංසදයේ සභාපති වලල්ළාවිට ප‍්‍රාදේශිය සභාවේ සභාපති උදේනි අතුකෝරළ මහතා  ප‍්‍රකාශ කළේය. 

එම මුදල් ලැබෙන්නේ නම් තම බල ප‍්‍රදේශ වෙනත් කිසිවෙකුගේ උපකාර නැතිව සංවර්ධනය කරන්නට ඒ ඒ පළාත් පාලන ආයතනවලට හැකියාව ලැබෙනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය. තම ආයතනවල අයිතිවාසිකම් ඉල්ලා අධිකරණය ඉදිරියට යාමට පළාත් පාලන සංසදය තීරණය කළ  බව ද අතුකෝරළ මහතා කීය. 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යුගය මේ රටේ පළාත් පාලන ආයතනවල ස්වර්ණමය යුගය බවත් එවකට පළාත් පාලන ආයතන ඉතාම ශක්තිමත්ව තිබු බවත් සභාපතිවරයා සඳහන් කළේය. 
            උදේනි අතුකෝරළ මහතා මේ අදහස් පළ කළේ පළාත් පාලන සංසදය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේ දී අද (13) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තවදුරටත් අදහස් දැක්වු අතුකෝරළ මහතා මෙසේ ද කීය. 

‘‘යහපාලන ආණ්ඩුව බලයට ආ ගමන් පළාත් පාලන ආයතනවල සැළසුම් කමිටුවේ පාලනය මහා නගර සංවර්ධන අමාත්‍යංශයට පවර ගෙන පළාත් පාලන ආයතනවල ආදායම් නැති කර දැම්මා. 
පළාත් පාලන අමාත්‍යවරයා මේ ගැන නිහඬව සිටියා. මහ ඇමතිවරු නිහඬව සිටියා. පළාත්පාලන ආයතන නැති කරල දැම්මේ මහා නගර සංවර්ධන අමාත්‍යංශයයි.

සමහර පළාත් පාලන ආයතනවලට රුපියල් කෝටි තිහ හතලිහ එන්න තියෙනවා. ඒ වෙනුවට රුපියල් කෝටියක් දීල නිහඬව ඉන්නවා. එතකොට කොහොමද ප‍්‍රදේශය සංවර්ධනය කරන්නේ. 

ජනවාරි අටට කළින් ජනතාව  වුණත් ශක්තිමත්. තේ රබර්වලින් ජනතාවට ආදායම් තිබුණා. කුඩා ව්‍යාපාරිකයන්ට ආදායම් තිබුණා. විදේශ ආයෝජකයින් ආවා. වියදමට සරිලන මුදලක් අතේ තිබුණා. අද මිනිසුන්ට ආදායමක් නැහැ. ආයෝජකයින් එන්නේ නැහැ. තේ රබර් මිල අඩු වෙලා. 

අවුරුදු හතරක් ගතවුණාට පස්සේ මංගල මහත්තයාට ගම්පෙරළිය මතක් වෙලා. මංගල මහත්තයට කියන්නේ ගම්පෙරළිය විතරක් නොවෙයි ජනතාව බලාගෙන ඉන්නේ ආණ්ඩු පෙරළියක් එක්කම ගම්පෙරළිය කරන්නයි.
ගමේ ගෙදරකට පස් කණ්ඩියක් වැටුණොත් ඒක අස්කරන්න සබාවේ ජේසීබී එක ගෙනියන්න අවසර ගන්න  ඕන. එහෙම කියල චක‍්‍රලේඛයක් එවල තියෙනවා. ‘‘



අදහස් (1)

‘පළාත් පාලන ආයතනයන්හි ආදායම් සියල්ල ආණ්ඩුව රඳවාගෙන සිටිනවා ‘

shan saudi Sunday, 13 May 2018 01:04 PM

පළාත්පාලන ආයතන වලට මෙසේ බලතලයක් නොදිය යුතු අතර මේ ආයතන පිහිටුවීමෙන් ජනතාවට තවත් ගව රැලකට කන්න දීමට, වරප්‍රසාද දීමට හා ඒ අයගේ පවුල් නඩත්තු කිරීමට සිදුව තිබේ. මෙම ආයතන මගින් මධ්‍යම ආණ්ඩුවෙන් පසුගිය අතීතයේ 1977 පෙර කරන ලද වැඩ සම්භාරයෙන් 25% වත් හරියට සිදු නොකරන අතර මගේ අදහස නම් මේවා විසුරුවා හැර 1977 කාලයේ තිබූ පරිපාලන ක්‍රමය නැවත පිහිටුවිය යුතුය.

:       19       152

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site