(විනීතා එම් ගමගේ)
පළාත් සභා සියල්ලෙහි මැතිවරණ එකම දිනයක තැබීමේ මුවාවෙන් රජය පළාත් සභා මැත්වරණය කල් දැමීමට සැරසෙන බවට පැෆරල් සංවිධානය චෝදනා කරයි.
මැතිවරණ එකම දිනයක පැවැත්වීම අගය කරන නමුත් ඒ මුවාවෙන් මැතිවරණය කල් දැමිම ජනතාවට සිනි තවරා තිත්ත බේත් ගිල්ලවීමක් යැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
පළාත් පාලන මැතිවරණ දිගින් දිගටම කල් දැමීම හරහා මැතිවරණ පැවැත්වීම සඳහා රජයේ ඇති නොකැමැත්ත ජනතාවට තහවුරු වී ඇති බවත් මැතිවරණ පැවැත්වීම කෙරෙහි ජනතා විශ්වාසය පළුදු වී ඇති බවත් හෙට්ටිආරච්චි මහතා කීය.
සබරගමුව, උතුරුමැද, නැගෙනහිර පළාත් තුනෙහි නිල කාලය ඔක්තෝබර් මස පළමු දිනෙන් අවසන් වීමට නියමිත ව ඇති අතර ඒ අනුව ඔක්තෝබර් 2වැනිදා නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමිසම සූදානම් බවත් දෙසැම්බර් මස මුල් සතියේ මැතිවරණ පැවැත්වෙනු ඇති බවටත් මාධ්‍ය වාර්තා පළවූ නමුත් මේ වන වට එම තත්ත්වය වෙනස් වී ඇතැයි ද හෙතෙම කීවේය.
2025 දෙසැම්බර් මස 04
52
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
346
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
362
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘පළාත් ඡන්දය කල් දාන්න හදනවා‘- පැෆරල්
smith Thursday, 27 July 2017 10:49 AM
ජහපාලනේනේ... මල්ලි ගනන් ගන්න එපා...
kiki Thursday, 27 July 2017 10:58 AM
රෝහණ හෙට්ටිආරච්චි කියන්නේ කව්ද කියලා ඔක්කොම දන්නවා..
saman Thursday, 27 July 2017 11:50 AM
කිකී.. රෝහණ හෙට්ටිආරච්චි මහතා කවුරු වුණත් කියනදේ ඇත්තනේ. එයා කොහොම වෙතත් ඔයා කව්ද කියලා නම් කොමෙන්ට් එකෙන්ම පේනවා.
anil Thursday, 27 July 2017 12:39 PM
ඡන්දයක් තිබ්බොත් හත්පොලේ ගාගන්න වෙන බව ආණ්ඩුව හොඳහැටි දන්නවා... ඉතින් ඡන්ද තියලා ටින්කිරි ගාගන්න ලෑස්ති නෑ. මොකක් හරි හේතුවක් ඉස්සරහට ගෙන 2019 වෙනකම් වත් ප්‍රාදේශීය සභා, පළාත් ඡන්ද පස්සට දාන එක දානවමයි. ඒක තමයි වෙනස, යහපාලන ප්‍රජාතන්ත්‍රවාදය... අගේට දියුණ වීගෙන ආපු ආර්ථිකේ බොහොම කෙටි කාලෙකින් ආපහු සෘණ පැත්තට හැරෙව්වට...යහපලානේ කියා කියා කරන වැඩවලට... ඉතින් කොහොමද ඡන්ද තියන්නේ?
susantha Thursday, 27 July 2017 12:42 PM
කලට වේලාවටත් කලින්ම හොරබොරු නැතුව ඡන්ද පැවැත්වීම කලින් ආණ්ඩුව කරපු ලොකු වැරැද්දක්. ඡන්ද කල්දමන සාස්තර ඔන්න ඉගෙන ගන්න මේ ආණ්ඩුවෙන්, 88-94 කාලේ දීපු ගේම් වල හැටියට මේවා මොනවද මෙයාලාට !
k.m.j.bandara Friday, 28 July 2017 04:37 AM
ඇයි ආණ්ඩුව ඔච්චර බය... පරදියි කියලා නේද?
දිලුම් Friday, 28 July 2017 04:40 AM
පළාත් සභා ඡන්දේ තියන්නේ නැත්තේ ඒ අය පැරදෙන නිසා තමයි. ආයේ ඡන්දෙ දෙන්න තරම් නම් අපේ රටේ අය මෝඩ නැහැ. කොහාම වුණත් පළාත් සභා ඡන්දෙ තියන්න කියල කෑ ගහලා පළාත් සභාවට එන්න කට්ටය දඟලන්නෙත් ගසාකන්න මිසක් ජනතාවට ආදරේට නෙමෙයි කියන එකත් මතක් කරන්න කැමතියි.