(ඩයනා උදයංගනී)
දිවයිනේ පළාත් කිහිපයක හෙට (7) දිනයේදී දැඩි උණුසුමක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් පුත්තලම දිස්ත‍්‍රික්කයේත් බොහෝ ස්ථානවලට මෙම දැඩි උණුසුම් තත්ත්වය බලපානු ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශිකාවක් පැවසුවාය.
මේ දිනවල පවතින ඊසාන දිග මෝසම් කාලගුණ සමයේදී තද සුළං නොහැමීම හා වායුගෝලයේ ජලවාෂ්ප ප‍්‍රමාණය ඉහළ යාමත්, දිවයිනට හිරු මුදුන්වීමට ආසන්නව තිබීමත් මෙම තත්ත්වයට හේතුව බව ඇය සඳහන් කළාය.
මෙම වැඩි අවදානමක් පවතින ප‍්‍රදේශවල ජනතාව හෙට (7) දිනයේදී එළිමහනේ සිදුකරන වෙහෙසකාරී කටයුතු සීමාකිරීම, ප‍්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, හැකි තාක් සෙවණ ඇති ස්ථානවල විවේක ගැනීම කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත්වීමත්, කුඩා ළමුන් තනිව වාහන තුළ දමායාමෙන් වැළකීමත් කළ යුතු බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයක දැක්වේ.
එවැනි අවදානම් කටයුතුවල නිරතවීමෙන් විජලනය, මස්පිඬු පෙරලීම, අධික වෙහෙස වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බව ද එහි සඳහන්ය.
මේ අතර මධ්‍යම, දකුණු, ඌව සහ සබරගමු පළාත්වලත් කළුතර දිස්ත‍්‍රික්කයේත් ඇතැම් ස්ථානවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දකුණු සහ බස්නාහිර වෙරළබඩ ප‍්‍රදේශයන්හි උදය කාලයේදීද වැසි ඇතිවිය හැකි බව එම ප‍්‍රකාශිකාව කීවාය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක‍්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පළාත් කිහිපයකට හෙට දැඩි උණුසුමක්