(නාලක සංජීව දහනායක )
පසුගිය රජය සමයේදී පළිගැන්වීම්වලට ලක්වූ රණවිරුවන්ට හා සියලූම මාධ්‍යවේදීන්ට සින්නක්කර ඉඩම් ලබාදීමට කටයුතු කරන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.බී දිසානායක මහතා අද (16) පැවැසීය.
විශේෂයෙන්ම දේශපාලනික පළිගැනීම්වලට ලක්වූ රණවිරුවන් සම්බන්ධයෙන් පුද්ගලිකවම සොයා බලා මෙම ඉඩම් ලබාදීමට කටයුතු කරන බව කී දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ද විස්තර මේ වනවිට ලබාගනිමින් සිටින බවද සදහන් කළේය.
එමෙන්ම මාධ්‍යවේදීන්ට ඉඩම් පිරිනැමීමේදී ඔවුන්ගේ දේශපාලන මතය හෝ තරාතිරම සොයා නොබලන බව කී දිසානායක අමාත්‍යවරයා ඉඩම් තිබෙන මාධ්‍යවේදී නිවාස ඉදිකර ගැනීමට මූදල් පිරිනමන බවද පැවැසීය.
බත්තරමුල්ල,නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේදී අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.බී දිසානායක මහතා මේ බව සදහන් කළේය.
COMMENTS
කරන දෙයක් මහ ඡන්දෙන් ඉස්සෙල්ලා කරගන්න. මැතිවරණයෙන් පැරදුණාම ආයෙමත් පිං මන්ත්‍රීකම්, පිං ඇමතිකම් ලැබෙන්නේ නැතිවෙයි.
ජනාධිපතිතුමෝ !!! මෙන්න අන්දරේ සීනි කන්නයි හදන්නේ. තව ගෙවල් හදන්න ඉඩම් හොයනවද?
මේ තමයි තණ්හාවේ උපත... නිකන් ඉන්න මිනිසුන්ව අවුස්සනවා. දේශපාලන පගාවල් කියන්නේ මෙව්වටයි..
සමහර මාධ්‍යවේදීන්ට නිවාසයක් තිබුණත් ඒවා මේවනවිට අලුත්වැඩියා කරන තත්වයට පත්වෙලා. නමුත් ඒක කරගන්න ආර්ථික ශක්තියක් නෑ. ඒ නිසා නිවාස අලුත්වැඩියාව සඳහාත් ආධාරයක් ලබාදීමට කටයුතු කරන්න.
එල එල, මේ රට තමන්ගේ බූදලෙනේ හිතෙන හිතෙන කෙනාට ලියලා දෙන්න.
ගරු ජනාධිපතිතුමනි, මේවා රජයේ ඉඩම්, ඔය කියන ඇමතිවරයාගේ අයිති ඉඩම් නෙවේ. එයාගේ අයිති ඉඩම් තියෙනවා නම් බෙදල දෙන්න කියන්න ඕනෑ විදිහට... අපිට ඕනෑ මෙම ක්‍රමය නැති කරන්නයි.
ලංකාවේ සියලුම මධ්‍යවේදීන්ට සෑම පහසු කම් දිය යුතුයි. එයාලට පහසුකම් අඩු නිසා අපේ රටට ලැබෙන්න ඕන සත්‍ය දේවල් ලැබෙන්නේ අඩුවෙන්.
මේක මාර කතාවක් නේ. යම්කිසි කෙනෙකු පළි ගැනීමකට ලක්වෙලා තියෙනවා නම් කළයුතු වන්නේ පරීක්‍ෂණයක් කරලා ඒක නිවැරදි කිරීම මිසක් රජයේ ඉඩම් දෙන එකද? අනික එහෙම දෙන්න මෙයාට ජන වරමක් තියෙනවද? අපි වගේ කුඩා රටවලට එහෙම හැමෝටම දෙන්න ඉඩම් තියෙනවද? ඉඩම් කුඩා කැබලි ලෙස කැඩීම නිසා තුන්වන ලෝකයේ රටවල් වල ජාතික ඵලදායීතාවය අඩුවෙලා එය තවත් දිළිඳුවීමට හේතුවෙනවා. ඒත් මේ පරාජිත දේශපාලුවන්ට ඒවා වැඩක් නෑ. ඔවුන් ඉන්නකන් අපිට ගොඩඒමකුත් නෑ. අනික මේවා මේ එයාගේ අම්මා අප්පාගේ බූදලේද? අපි දැක්කනේ හඟුරන්කෙත වැඩ.
මෙන්න සැබෑ වාසනාවන්තයින්. ඔරුව කොයි පැත්ත පෙරළුණත් මිනිහ උඩ පැත්තේ. මන් මේ අහන්න හිතුවේ, පළිගැනීම්වලට ලක්වුණු රණවිරුවන් කිව්වහම අර ලෝකයේ හොඳම රණවිරුවා කියලා වර්තමාන ජනාධිපතිවරයාම හඳුන්වා දුන්නු ෆොන්සේකාටත් ඉඩමක් දෙන්න සූදානම් කරලා තියෙනවද? නැත්නම් ඒ කියන්නේ මූණ බලල බෙදන්නේ නැහැ කියලා මුන්නැහේ ඔය කියන කතාව බොරුවක්ද? එහෙමත් නැත්නම් අර කීනියාවල හාමුදුරුවෝ කියලා තිබුණා වගේ "වලිගය වෙනුවට දිව" වනනවද"?
තමුන් කවුද කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දිව හෙරෙන හැරෙන පැත්තට කතා කරන, වාසියට එහෙට මෙහෙට පනින දූෂිත දේශපාලුවෙක් කියලා දන්නෝ දනිති.