(අප්සරා යෝසිත් විජේසූරිය)
රත්නපුර දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ටම පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණ (6) අද ඇප මුදල් තැන්පත් කළේය.
රත්නපුර මහ නගර සභාව සහ බලංගොඩ නගර සභාව, ඇඹිලිපිටිය නගර සභාව මෙන්ම රත්නපුර ප‍්‍රාදේශීය සභාව ඇතුළු කුරුවිට, බලංගොඩ, කහවත්ත, ගොඩකවෙල, නිවිතිගල, කලවාන , වැලිගෙපොල, කොළොන්න , අයගම, කිරිඇල්ල, ඉඹුල්පේ, ඇහැලියගොඩ සහ පැල්මඩුල්ල යන පළාත් පාලන ආයතන සඳහා තරග කිරීමට මෙසේ ඇප මුදල් තැන්පත් කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා මෙම ඇප මුදල් තැන්පත් කළේ රත්නපුර දිස්ත‍්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් සුරංග අඹගහතැන්නේ මහතා ඉදිරියේය.
COMMENTS
දැන් පොහොට්ටුව පිපෙන්න ගොඩක් ලඟයි. ඒ වගේම පොහොට්ටු පක්ෂය ජනතාව අතරත් ප්‍රසිද්ධයි.. දැන් ඉතින් මැඩියෝ, දිය-නයි, මීමැස්සෝ, බඹරු, දෙබරු, වවුල්ලු සහ හිවල්ලු ළගටම රොක් වෙනවා. ඊට පස්සෙයි රතු නෙළුම් මල් සුවඳට මිනිසුන් එන්නේ. එදාට ලංකාවේ බහුතරයකගේ එකම පැතුම මේ රතු නෙළුම් පොහොට්ටුවයි.
රත්නපුරේට පමණක් නොව උතුරු පළාතේත් ඡන්දය ඉල්ලන්න ලැහැස්තිවන්න ද්‍රවිඩයින්ට, සිංහලයින්ට වඩා කෙලෙහි ගුණ දන්නවා. ද්‍රවිඩයින්ව දේශපාලකයෝ නොමග නොයැව්වොත් ඔබට ඡන්දය දේවි. මොකද සිංහලයින්ට වඩා ද්‍රවිඩයින් 30 අවුරුදු කාලය තුල දුක් වින්දා...
පිපෙන්න කලින් පෙති ගැලවෙනවා වගෙයි පෙනෙන්නේ. සංවිධාන කටයුතු වලට අත දිගහැරලා මුදල් වියදම් කරන අය ගැන සමහරු අප්‍රසාදය පල කරන බවක් පෙනෙනවා නේද?
අවශ්‍ය වි ඇත්තේ මහ ලොකු පන්ඩිත උගතුන් නොව ජනතා හදවත් හදුනන සියලලන්ටම එකසේ සලකන මහපොලොවේ පයගසා ජිවත්වන යහපත් පුද්ගලයන්ය.
මේ මිනිස්සුන්ට ඇත්තටම පිස්සු. ශ්‍රී ලංකා කාරයෝ කවදත් ඡන්දය දෙන්නේ අතට. මහින්ද මහත්තයව ලජ්ජාවට පත් කරන්නේ මේ වෙනත් පක්ෂවල මිනිස්සු. විමල් වාසුදේවලාගේ ඡන්ද කීයෙන් කීයද තියෙන්නේ? මහින්ද මහත්තයෝ බුද්ධිමත්ව වැඩකරන්න. ඔබතුමා නිදහස් පක්ෂය එක්ක වැඩකරලා ඊලග පක්ෂ නායකත්වයට ඔබට හිතවත් කෙනෙක් පත්කරගන්න උනන්දු වෙන්න.