(මනෝප‍්‍රිය ගුණසේකර)
පස් හැවිරිදි වියේ පසුවු දැරිවියකුට ලිංගික අතරවරයක් කිරීමේ චෝදනාවකට වැදකරු වු 76 හැවිරිදි වියේ පසුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා වසර 8ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (31) නියම කළේය.
සිරදඬුවමට අමතරව රුපියල් 20,000/-ක දඩයක්ද නියම කළ විනිසුරුවරයා අතවරයට ලක් වු දැරියට රුපියල් 50,000/-ක වන්දියක් ගෙවීමට ද නියම කළේය.
2009 වසරේදී විත්තිකරු මෙම අපරාධය සිදුකරන විට දැරිය 5 හැවිරිදි වියේ පසුවු බව නඩු විභාගයේදී හෙළි විය.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දරුවෙකුට අතවර කල මිනිස් වෙසින් ඉන්න තිරිසන්නුට මරණිය දඩුවම තමා දෙන්න ඕන. මේ සිද්ධිය ඒ දරුවාගේ මුලුජීවිත කාලයටම බලපනවනේ. දෙමවුපියන් තමා දරුවන් හැමවිටම සෝදිසියෙන් ඉන්න ඕන. ලකාවේ මිනිස් වෙසින් ඉන්න තිරිසන්නු හැමතැනම ඉන්නවා.
බණ කියන රටක් බණ අහන රටක් පව් බිමක් උනේ කෙලෙසා?