(අකිල බද්දෙවිතාන)
පාසල් අධ්‍යාපන කාලය වසරකින් අඩු කිරීමට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
මෙම යෝජනාවට අනුව සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේ දී සහ උසස් පෙළ විභාගය 12 වසරේ දී පැවැත්වීමට නිර්දේශ කර ඇත.
මීට අමතරව කොමිෂන් සභාව යෝජනා කර ඇත්තේ පාසල් යාමට පෙර සියලු දරුවන් රජයේ පාලනය යටතේ ස්‌ථාපිත කෙරෙන පෙර පාසල් සඳහා ඇතුළත් කර එකම විෂය නිර්දේශයක් ඒවායේ ක්‍රියාත්මක කළ යුතු බවයි.
සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා සකස් කරන ලද යෝජනාවලියට මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇති අතර මේ වනවිට අදාළ යෝජනා බලධාරීන්ට යොමු කර ඇතැයි ද සඳහන් වේ.
අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කර සිටියේ මෙම යෝජනා ජනපති, අගමැති හා අධ්‍යාපන ඇමැතිවරයාගේ මැදිහත්වීමකින් පසු සාකච්ඡාවට ලක් කර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවයි.
COMMENTS
ඉතාමත් හොද තීරණයක්. මගේ නම් අදහස අවුරුද්දකින් අඩු කරනවට වඩා, පළමු ශ්‍රේණියට ඇතුලත් කරගන්න වයස අවුරුදු 5ක් කළා නම් හරි.
මම නම් 10 වසරේදී ගොඩාක් දුර්වලයි O /L. ලිව්වා නම් වැඩ 8 වුණත් අසමත් වෙන්න පුලුවන් මම හිතන්නේ... මිනිසුන්ගේ මුලික දැනුම වර්ධනය වෙන්නේ අවුරුදු 16 ක් පහු වෙනකොටයි. තව අවුරුද්දක් වැඩි කලා නම් හොඳයි කියලයි මගේ අදහස...
ඔන්න ඔහේ ඉතිරි ටිකත් අඩු කරලා දමන්න... අර කුඹුරු ගොවි තැනට කළා වගේ
තවත් ප්‍රස්නයක් හදාගන්න වගෙයි යන්නේ අම්මප මුන්ට මොලේ කියල එකක් ඇත්තෙම නැද්ද..?
හොද වැඩක්
ඉතාමත් හොද තීරණයක්නි.නිකන් දෙන අද්‍යාපනය මේ රටට තවදුරටත් අනවශ්‍යයි. මුදල් ගෙවා අද්‍යාපනය ලබන රටවල දෙමව්පියන් දරුවන් දැඩි වගකීමෙන් කැපවීමෙන් එය ලබාගන්න මහන්සිවෙනවා,ඔවුන්ට නාස්තිකරන්න කාලයක් නැහැ, අද්‍යාපනය ප්‍රමිතියෙන් ඉහලයි අපට වඩා, අද්‍යාපනය සදහා ජනතාවගෙන් බදු ගසා වැයකරන මුදලට සාපේක්ෂව රටේ හැම ක්ෂේස්ත්රයකම මිට වඩා ඉතා විශාල වර්ධනයක් තිබෙන්න ඕන, මුදල් ගෙවා අද්‍යාපනය දෙන රටවලට සාපේක්ෂව. වෙනත් රටවල වයස 27 වෙද්දී PHDලබාගන්නවා, අපේ ළමයි 30 දීත් උත්ඝෝෂණ කරනවා නිදහස් අද්‍යාපනය රකින්න කියල
එක බොහොම හොඳයි. බටහිර රටවල වයස 21-22 වෙනකොට උපාදිය ලබගෙනත් ඉවරයි, අපේ රටේ ළමයින්ට ඒකට අවුරුදු 24-25ක් යනවා පාසල් කාලය දිග වැඩි නිසා.
ඉගෙනගන්නා කාලය අඩු කරන තරමටම දරුවන් බුද්ධිමත් වීමේ ප්‍රවණතාවයත් අඩු වෙනවා.. එතකොට පාසලෙන් එළියට එන දරුවා බුද්ධියෙන් අඩු කෙනෙක්.. ඒ වගේ කෙනෙකුට මේ සමාජයේ ඇති විෂමතාවන් පිළිබඳව වැටහෙනවා අඩුයි.. දේශපාලකයින් කරන උප්පරවැට්ටි, දූෂණ මේ වගේ කෙනෙකුට තේරෙනවා අඩුයි.. ඒ නිසා රටේ නිතරම උද්ඝෝෂණ ඇතිවෙන්නේ නැහැ.. ඒ නිසා දේශපාලකයන්ට ඇති තරම් රටෙන් හොරා කන්න පුළුවනි...මිනිසුනේ ... මෙවැනි ජරා වැඩ කරන දේශපාලකයන් ඉන්න තවත් එකම එක රටක් මට කියන්න... ලැජ්ජයි...
කාලෙකට පස්සේ හොඳ තීරණයක්. පාසල් පද්ධතිය තුල සිසුන්ගේ කාලය නාස්ති වෙනවා වැඩියි කියලා හිතෙනවා. මෙම කාලය තෘතීක අධ්‍යාපනයට යොමු කරන්න පුළුවන්. කොහොම වුණත් මෙය අධ්‍යාපන විශේෂඥයන්ගේ සහ වෙනත් අධ්‍යාපනය දියුණු රටවල අදහස් ලබා ගත්තොත් හොඳයි. අසාර්ථක ඉන්දියානු ක්‍රම නම් මෙරටට වැද්ද ගන්න එපා .
ඉතාමත් වැදගත් තීරණයක්. හැකිනම් පිටරට වගේ සාමාන්‍ය පෙළ වලින් පසුව විවිධ ක්ෂේත්‍රයන්හි උපාධි පාඨමාලා හැදෑරීමට හැකියි.. ඒකට ක්‍රමවේදයක් හදන්න. වෛද්‍ය පාඨමාලාව ඇරෙන්නට..
වසර දහ තුනක් ඉගෙන ගෙන විශ්ව විද්‍යාලෙට සමත්වෙලා ජනතාවගේ මුදලින් පිනට ඉගෙන ගෙන ජනතාවට පීඩාවක් වෙන ලෙස සමාජය තුල මිලේච්ච ලෙස හැසිරෙමින් සමාජයට කරන හානිය දෙස බැලුවාම, වසර පහක අධ්‍යාපනය අපේ රටට හොඳටම ප්‍රමාණවත් කියලයි මට නම් හිතෙන්නේ. වර්තමාන විශ්ව විද්‍යාල ලාංකික තරුණ පරපුර දෙස විමසිල්ලෙන් බැලුවොත් පැහැදිලි වෙයි..
අදහස ටිකක් හොදයි .... මට නම් හිතෙන්නේ මේක ආණ්ඩුවේ වියදම අඩු කර ගන්ඩ කරන දෙයක් කියල... කොහොම උනත් අවුරුදු දෙකක් යනකොට මොලේ 98% වර්දනය වෙලා ඉවරයි ඒ නිසා අවුරුදු 5න් ඉස්කෝලේ පටන් ගත්තට කමක් නැහැ .... පොඩි අවුලකට තියෙන්නේ අවුරුදු 14 -15 ළමයෙක් තමන කැමති field එක තීරණය කරන එක.... එක අවුරුදු 18 -20 ළමයෙක්ටත් අමාරු දෙයක් .... එහෙම උනාම බාහිර බලපෑමට තීරණය වෙනස් වෙනවා .... පස්සේ ජීවිත කළෙම අපි කැමති නැති දෙයක් කරනව ....
පාසල් යන වයස අවුරුදු 6ක් කලොත් හොඳයි.
හැම පැත්තක්ම හොයා බලා ගතයුතු තීරණයක්. ඉන්දියාවේ නම් අවරුදු 22 වනවිට දොස්තරකෙනෙක් වෙලා එලියට එන්න පුළුවන්. කොහොම නමුත් පාසල් යන කාලය අඩු කරනවාට කලින් අවදානය යොමු කළයුතු ප්‍රධාන කරුණු බොහොමයක් තියෙනවා උදාහරණයක් හැටියට 1. විශ්ව විද්‍යාලයට තේරිලා ඇතුලත් වෙන්න තියෙන කාලය අඩු කිරීම 2. රජයේ විවිශ්ව විද්‍යාලයට තේරෙන්න බැරි ළමයින්ට විකල්ප පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ඇති කිරීම 3. අධ්‍යාපන කටයුතු නිම කරන තරුණ තරුණියන් සදහා රැකි රක්ෂා ඇති කිරීම ආදිය ගන්න පුළුවන්
අනේ මන්දා මේ රටේ බංකොලොත් නැත්තේ මොනවද? ඉතිරි වෙලා තියෙන මේ වගේ ඒවත් වනසලා දාන්න දීලා අපි බලන් ඉමු..