IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පවුල් පසුබිම් වාර්තාව අහෝසි කරන්නැයි ඉල්ලයි


 
 
විනීතා එම් ගමගේ
 
විදේශ රැකියා සඳහා යන කාන්තාවන් වෙනුවෙන් අනිවාර්ය වූ පවුල් පසුබිම් වාර්තාව ප‍්‍රශ්න රැසකට මුල් වී ඇති බැවින් එය ඉක්මණින්ම අහෝසි කරන්නැයි බලපත‍්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන හිමියන්ගේ සංගමය (ඇල්ෆියා) රජයෙන් ඉල්ලීමක් කරයි. 


මේ වනවිට විදේශ රැකියා කර්මාන්තය මෙම නීතිය හේතුවෙන් කඩාවැටීමකට ලක්ව පවතින බව ද එම සංගමය කියයි.

 
විදේශ රැකියාවන්හි නියුතු වූවන් විසින් වාර්ෂිකව මෙරටට එවනු ලබන මුදල මිලියන 8000 සිට මිලියන 6500 ක් දක්වා අඩු වී ඇති බවත් එයට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ මෙසේ දැඩි නීතිරීති පැනවීම හේතුවෙන් නීත්‍යානුකූල අන්දමින් කාන්තාවන් විදේශ ගතවීම අඩුවීම බවත් බලපත‍්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන හිමියන්ගේ සංගමයේ සභාපති ඒ ඒ හසන් මහතා කොළඹ දී අද (10) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.


මේ වනවිට ඩොලරය රුපියල් 164.80 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එයට හේතුව ද මෙම කර්මාන්තය කඩාවැටීම බවත් හසන් මහතා පැවැසීය.


මාධ්‍ය හමුව ඇමතූ ඇල්ෆියා සභාපතිවරයා මෙසේ ද කියා සිටියේය. 


2013 වසරේ මේ නීතිය හඳුන්වා දුන්නේ ගෘහ සේවිකා රැකියා සඳහා යන කාන්තාවන් සඳහා පමණයි. එහි අරමුණ වුණේ අවුරුදු පහට අඩු දරුවන් සිටින කාන්තාවන් ගෘහ සේවිකා රැකියා සඳහා  යාම වැළැක්වීමයි.  එය පැනවීමේ අරමුණ යහපත් එකක්. නමුත් 2015 දී මෙම නීතිය විදේශ ගත වන සියලූ කාන්තාවන් සඳහා පැනවූවා. එහි දී අවිවාහක කාන්තාවන්ට ද බලපැවැත්වෙන පරිදි එය ක‍්‍රියාත්මක කළා. 


මේ නීතිය ක‍්‍රියාත්මක වෙද්දි පවුල් පසුබිම් වාර්තාවකට අමාත්‍යංශ දහයක් බලපෑම් කරනවා. ඒකත් ප‍්‍රශ්නයක්. විදේශ රැකියා අමාත්‍යංශයට තමන්ගේ රාජකාරිය කරගන්න ඉඩක් නැහැ. 


මෙහි දී ඇඟළුම් කර්මාන්තය සඳහා යන කාන්තාවන්, ගුවන් සේවිකාවන්, පිරිසිදු කිරීම් සේවාවන්හි කාන්තාවන්, පමණක් නොවෙයි වෛද්‍යවරු හෙදියන් වැනි වෘත්තියවේදී කාන්තාවන් සඳහාත් මෙම නීතිය ක‍්‍රියාත්මක වුණා. අද වනවිට ඇඟළුම් කම්හල්වලට කාන්තාවන් යවන්න මෙම නීතිය නිසා ප‍්‍රශ්න ඇති වෙලා. 


මේ වනවිට කාන්තාවකට කවර හෝ විදේශ රැකියාවකට යන්න දෙනවාද නැද්ද යන්න තීරණය කරන්නේ ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න සංවර්ධන නිලධාරියායි. රුපියල් පන්දහසක අල්ලස් ගත්තු මේ අය දැන් ලක්ෂ දෙක දක්වා අල්ලස් ගන්නවා. විශාල පිරිසක් කාර්යංශයෙන් වැඩ තහනමට ලක්කරලා. 


ඇල්ෆියා උපලේකම් හිරාන් රත්නායක, කමිටු සාමාජිකයින් වන යහියාර් ඛාන්,මොහමඩ් න්ස්ලින්  යන මහත්වරු ඇතුළු කමිටු සාමාජිකයෝ රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (1)

පවුල් පසුබිම් වාර්තාව අහෝසි කරන්නැයි ඉල්ලයි

Ratne Monday, 10 September 2018 09:10 AM

ඔය කියන නියෝජිත ආයතන වලට රට ගැන කැක්කුමක් තියෙනවනම් තම පවුල් වල කාන්තාවන් අරාබි රට වල ග්‍රහ සේවයට යවන්න කියන්න. ගම්වල ඉන්න කාන්තාවන් / දරුවන් අමාරුවේ දමනවාට වැඩ හොඳයි....

:       0       101

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 264 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 80 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site