IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පොල් ගෙඩියක් ඇහිලුවාට වෙඩි තබා මරයි

(හේමලතා ඩී.හේවගේ)

පන්නල හෙන්ඩියාගල දී අනවසරයෙන් පොල් වත්තකට ඇතුළු වී පොල් අහුලමින් සිටි අයකු (27) පොල්වත්තේ මුරකරු තැබූ වෙඩිපහරකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි.

වෙඩි වැදුණු එක් දරු පියා සඳලංකාව රෝහලට ඇතුළු කිරීමෙන් පසු මියගොස් ඇතැයි ද ඔහු පන්නල විලගෙදර පදිංචිකරුවකු බවද පොලිසිය පවසයි.

 



අදහස් (13)

පොල් ගෙඩියක් ඇහිලුවාට වෙඩි තබා මරයි

Chanak Los Angeles Wednesday, 19 April 2017 01:58 PM

තුට්ටුවක් තරම් වටින පොල් ගෙඩියක් අහුලගන්න ගිය මිනිසෙකු වෙඩි කනවා.

:       32       68

de silva berlin Wednesday, 19 April 2017 03:16 PM

මේ මනුස්සය පොල්ගෙඩියක් හොරකම්කරන්නේ නැතුව ටයි කෝට් ඇඳගෙන කෝටි ගණනාවක් හොරකම් කරානම් වෙඩි කන්නේ වෙන්නෙත් නැහැ ඉඳල හිටලා කොහේ හරි තිබෙන කොමිසමකට ගිහින් මොනවා හරි බොරුවක් කියල බෙන්ස් එකේ නැගල ගෙදර එන්න තිබුන , ඉඳල හිටලා රට ගිහින් එන්නත් තිබුන ,

:       40       1295

ලපයා Wednesday, 19 April 2017 11:53 PM

ඒ විතරක් ද, රජයේ ඉහලම තැන් වලින් උසස්ම පිලිගනිමකුත් ලැබෙනවා. කිසිම කරදයක් නැතුව මහා පරිමාණයේ බිස්නස් කරගෙන යන්න මහා බැංකුවෙන් විතරක් නෙමෙයි මහා භාණ්ඩාගරයෙනුත් ඇති තරම් මුදල් නයට දෙයි. ලපයා

:       0       0

don Wednesday, 19 April 2017 09:31 PM

අර්ජුන් මහේන්දරනට තිබානම් නම යන වැඩක මේ අංහිසයකව මරලා අැති වැඩේ මොකක්ද .

:       0       0

රාජුන් Wednesday, 19 April 2017 10:01 PM

මේ දුක්බර සිදුවීම කාගෙ වැරැද්දෙන් වුනාද කියල නීතිපොත් පෙරළල බලා හොයන්න පුළුවන් දෙයක් කියල නෙවෙයි මට හිතෙන්නෙ.

:       0       0

Ruwani Wednesday, 19 April 2017 11:55 PM

පුද්ගලික වතු ආරක්ෂාවීමට ගිනි අවි භාවිතා කිරීම සඳහා ,යම්කිසි නීති පද්ධතියක් නැද්ද ? වෙඩි තැබීමට අවසර දෙන්නේ දණහිස කොටසින් පහළට නේද ..නැතිනම් මෙම සිදුවීම මිනිස් ඝාතකයන් නේද .

:       0       124

Romy Thursday, 20 April 2017 02:06 AM

අනුන්ගේ ඉඩමකට අනවසර ඇතුල්වීම තහනම්

:       0       102

uddika Thursday, 20 April 2017 03:33 AM

අනවසරෙන් අනුන්ගේ වතු වලට ඇතුල් වෙන්නේ ඇයි?

:       0       153

මහින්ද Thursday, 20 April 2017 05:46 AM

පොල් වත්තක් බලාගන්න එක ලේසි නැහැ.නමුත් හොර කන් කරන එක හරි ලේසියි. මුකුත් වැඩක් නොකර හොරෙන් පොල් එකතු කරලා විකුනපුවම සල්ලි ලැබෙනවා.පොල් කඩන්න ගහකට රු.100 ගෙවන්න වෙනවා.ගස් 10 කැඩුවා නම් රු.1000 ලේසියෙන්ම ලැබෙනවා . හොර කන් නොකර රස්සා වක් කරා නම් මොකද ?

:       0       173

රොමේෂ් Thursday, 20 April 2017 06:01 AM

පොල් ගෙඩියක් හරි හොරකම්කලානම් එක හොඳයි කියනවා නෙමෙයි. මේ මනුස්සය පොල් ගෙඩියක් අහුලන්න අනුන්ගේ වත්තකට ආවේ මාධ්‍ය ආයතනයක් පටන්ගන්න අවශ්‍යකරන අන්තිම රුපියක් 100 හොයාගන්න නෙමෙයි. සමහර විට දරුවන්ට කන්න දෙන්න කීයක්හරි හොයාගන්න වෙන්න ඇති. එහෙම නැතිනම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවෙකුනම් ඒ වෙනුවෙන් සල්ලි හොයාගන්න වෙන්නත් පුළුවන්. හේතුව කුමක් වුවත් ඒ තත්වයට ඔහුව පත්කළේ ඔහුජීවත්වුන සමාජයමයි. මේ වෙඩි තිබ්බේ තමන්ගේ පන්තියේ එකෙක්ම තමන්ගේ පන්තියේ එකෙක්ටයි. ඔහු වෙඩි තියන්න ඇත්තේ තමන්ගේ රැකියාව බේරගන්න වෙන්න පුළුවන්. මේක තමයි නිදහසෙන් පසුව අපි ලගාකරගත් මහා ආර්ථික දියුණුව. ඔය වෙඩිල්ල මහා බැංකුව බිඳපු එකාට තිබ්බනම් නුඹ අද ජාතික වීරයෙක්. ඒවගේම පොල්ගෙඩිය වෙනුවට මහබැංකුවේ රත්තරන් සංචිතයෙන් කොටසක් හෝ බැඳුම්කරවලින් කොටසක් හොරකම් කෙරුවනම් නුඹත් අද මාධ්‍ය ආයතනයක අයිකාරයෙක්. එහෙනම් උදේට උදේට රටම ඇහෙන්න ධර්ම දේශනා තියන්න පූජකවරුවැඩමවන්න තිබුන තමන්ගේ නාලිකාව හරහා.

:       0       101

da silva berlin Thursday, 20 April 2017 08:37 AM

හොරකම ලොකු හෝ පොඩි වුනත් වැරදි , නමුත් අද ශ්‍රී ලංකාවේ ලොකු හොරු ප්‍රසිධියේ ලොකු හොරකම් කර අහුවුනත් නිසි දඩුවම් නොවිද නිදහසේ සැපසේ ජිවත් වීමත් , කොට්ටාශයක් ඔවුන් වීරයන් , දක්ෂය , වැඩකාරයන් ලෙස සලක ඔවුන්ගේ පසුපස යාමට සහ ඔවුන්ගේ අනුගාමිකයන් ලෙස හැසිරීමත් පොඩි මිනිහෙක් රුපියල් 60-80 වටිනා පොල්ගෙඩියක් හොරෙන් අහුලා ගැනීමට ගොස් වෙඩි කෑමත් කණගාටුවට කරුණකි ,මින් සමාජයේ පිරිහීම පිලිබිමුබු වේ .

:       0       11

Kalinga Thursday, 20 April 2017 09:04 AM

මමත් පොල් ඉඩම් හිමියෙක්. මම වත්ත ගත්තේ අවම වශයෙන් ගෙඩි 8000ක් කඩා ගන්නා අදහසින්. නමුත් දැන් කඩන්නේ 3500ක් විතර. මාසයකට ගෙඩි 500- 750 ක් වත් හොරු කඩනවා. පුදුම අපරාදයක්. මම නම් යකෙකුටවත් බය නෑ. නමුත් මට බයයි හොරුන්ට පාට් එක දාන්න ගිහින් වැඩ කරන මිනිස්සුන්ට හානි වෙය් කියලා. පව් කියන්න එපා එක නිසා. වෙඩි කෑවේ ගෙඩියක් අහුලද්දී වුනාට මේ මනුස්සයා කොච්චර කැඩුවද , කොච්චර කලෙක ඉදන් හොර පොල් කඩනවද කියන එකත් බලන්න ඕනේ... කාටත් ඉවසීමේ සීමාවක් ඇත.

:       209       179

menna Thursday, 20 April 2017 01:03 PM

ලංකාවේ ගිනි අවි භාවිතය නැති කරලා දෙන්න. හොරු අල්ලන්න පොලිසියට භාර දෙමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site