IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


පොලිස් කාන්තාවගේ සාක්කිය අකුරැස්ස හිටපු සභාපති හබ නොකර පිළිගනී

මනේප්‍රිය ගුණසේකර
 
අකුරැස්ස ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නමැත්තා යටතේ සේවය කළ යුවලකගේ බාලවයස්කාර දියණිය රවටාගෙන හෝටලයකට ගෙන ගොස් දුෂණයට ලක් කලැයි සාරුව ලියනගේ සුනිල් නමැත්තාට එරෙහිව පවරා ඇති නඩුවේ පොලිස් කොස්තාපල්වරියකගේ සාක්කිය හබ නොකොට පිළිගැනීමට විත්ති පාර්ශ්වය එකඟවීම නිසා නඩු විභාගය ලබන 27 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා නියෝග කළේය.

 
මෙම සිද්ධිය පිළිබඳව පරික්‍ෂණ සිදුකළ පොලිස් කණ්ඩායමේ නිලධාරීනියකව සිටි කාන්තා පොලිස් කොස්තාපල් ශානිකා මධුෂානි මහත්මිය මසක් වයසැති සිය කිරිකැටි බිළිඳාද සමඟ මෙම නඩුවේ සාක්කි දීමට පැමිණ සිටියත් විත්තියේ නීතීඥ මහතා වෙනත් නඩුවකට පෙනී සිටින බව දැනුම් දුන් අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කළ ඉල්ලීමක් පිළිගැනීම නිසා මෙලෙස නියම කෙරිණි.
 
2012 මැයි මස 23 වැනිදාත් 2012 ජුලි මස 02වැනිදාත් අතර කාලයේ අකුරැස්සේදී බාලවයස්කාර දැරියක රවටාගෙන ගොස් ඇයට අතවර කරන ලදැයි විත්තිකාර අකුරැස්ස ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නමැත්තාට එරෙහිව නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.
 
මෙම නඩුවේ සාක්කි විමසීමට සුදානම් වු අවස්ථාවේදී මෙම සිද්ධිය පිළිබඳව පරික්‍ෂණ සිදුකළ පොලිස් කණ්ඩායමේ නිලධාරීනියන් ලෙස කටයුතු කළ කාන්තා පොලිස් පරීක්‍ෂක වරුණි බෝගහවත්ත මහත්මිය සහ කාන්තා පොලිස් කොස්තාපල් ශානිකා මධුෂානි මහත්මිය අධිකරණයේ පෙනී සිටියහ.
 
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ චමුදිත පිරීස් මහතා අධිකරණය අමතමින් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥවරයා වෙනත් මහාධිකරණයක් හමුවේ විභාග කරන නඩුවක පෙනී සිටින හෙයින් මෙම නඩු විභාගය වෙනත් දිනයකට කල් තබන්නැයි ඉල්ලා සිටියේය.
 

ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා මෙම සිද්ධිය පිළිබඳව පරික්‍ෂණ සිදුකළ පොලිස් කණ්ඩායමේ නිලධාරිනියකව සිටි කාන්තා පොලිස් කොස්තාපල් ශානිකා මධුෂානි මහත්මිය මෙම නඩුවේ සාක්කි දීම සඳහා අද දින මෙම අධිකරණයට පැමිණි සිටින්නේ ඇගේ මසක් වයසැති කිරිකැටි බිළිදා අධිකරණ පොලිස් මුරපෙළේ තබා යැයි පැවසීය.
 
මාතර මුලස්ථාන පොලිසියේ සේවය කළ ඇය මේ වන විට මාතලේ පොලිසියට අනුයුක්තව රාජකාරී කරන බවත් ඉතා දුෂ්කර ප‍්‍රදේශයක ජීවත් වන ඇය අද මෙම අධිකරණයට පැමිණ සිටින්නේ අධිකරණ නියෝගයට ගරු කරමින් බවත් පැවසූ මාධව තෙන්නකෝන් මහතා ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීනියන් දුෂණයට ලක් වු දැරියගෙන් ප‍්‍රකාශ ලබා ගත්තේ ඇය ඉදිරිපිටදී බව ඇගේ සාක්කියේ සම්පිණ්ඩනය යැයි පැවසීය.
 
කාන්තා පොලිස් කොස්තාපල් ශානිකා මධුෂානි මහත්මියගේ සාක්කියේ වැදගත් කොටස් අධිකරණය හමුවේ කියවනු ලැබු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා ඇගේ සාක්කිය හබ නොකොට පිළිගැනීමට විත්ති පාර්ශ්වය එකඟ වන්නේ නම් විත්තියේ ඉල්ලීම මත මෙම නඩුවේ විභාගය වෙනත් දිනයකට කල් තැබීමට තමන්ගේ විරුද්ධත්වයක් නැතැයි පැවසීය.
 
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ චමුදිත පිරීස් මහතා අධිකරණය අමතමින් කාන්තා පොලිස් කොස්තාපල් ශානිකා මධුෂානි මහත්මියගේ සාක්කිය හබ නොකොට පිළිගැනීමට විත්ති පාර්ශ්වය එකඟ වන්නේ යැයි පැවසීය.
 
ඒ අනුව මෙම නඩුවේ විභාගය ලබන 27 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියම කළේය.

 



අදහස් (4)

පොලිස් කාන්තාවගේ සාක්කිය අකුරැස්ස හිටපු සභාපති හබ නොකර පිළිගනී

Sanath Monday, 06 August 2018 07:36 PM

මේ වගේ පාපතරයෝ නිසා කීදෙනෙක් අමාරුවේ වැටෙනවද? අසරණ කිරිසප්පයොත් නිකරුණේ දුක් විඳිනවා.

:       0       20

rocky Tuesday, 07 August 2018 02:44 AM

ජනාධිපති වරණය සඳහා පොහොට්ටුවෙන් ඉදිරිපත් කිරීමට ඔන්න නියම පුද්ගලයෙක්.

:       136       145

Cisco Tuesday, 07 August 2018 05:18 AM

මෙයාගේ නෝනා (මෙයගේද ආශිර්වාදය ඇතිව) ගියපාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ප්‍රාදේශීය සබාවට ඉල්ලුවස් වගේ මතකයි.

:       0       26

සෙන්ජී Tuesday, 07 August 2018 10:34 AM

මොකක්ද මේ විහිළුව, එක්කෙනෙක් වෙන උසාවියකට ගිය කියල, හැමෝම රස්තියාදු වෙන්න ඕනද? ජනාධිපති නීතිඥයාගේ ගේ විතරක් නෙවේ හැමෝගෙම කාලය වටිනවා. ඇයී උසාවිය මෙහෙම පක්ෂපාති වැඩ කරන්නේ.

:       0       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 21 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2500 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site