(ඉන්දිකා රාමනායක)
පොලිස් ස්ථානාධිපතිවරුන් තිදෙනකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය කියයි.මෙලෙස ස්ථාන මාරුවීම් ලබා ඇති ස්ථානාධිපතිවරුන් මෙසේය.
කොටුව පොලිස් ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න මහතා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයත්, ගම්පහ මුලස්ථාන පොලිස් පරීක්ෂක වශයෙන් කටයුතු කළ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ඩබ්ලිව් ඒ ගෆාර් මහතා ස්ථානාධිපති කොටුවටත්, පොලිස් මුලස්ථාන අපරාධ කොට්ඨාසයේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච් එච් එස් ලක්ෂ්මන් මහතා ගම්පහ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙසත් පත් කර ඇත.
පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව මෙම ස්ථාන මාරුවීම් කි‍්‍රයාත්මක කර ඇති බවද පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පානදුර පොලිසියේත් එහෙම කරන්න. පොලිස්පතිතුමනි!
එතකොට වැලිකඩ ඔ.අයි.සී මහත්තයා කොහෙද ඉන්නේ?