IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


‘පොලීසියේ තිබු ස්නයිපර් අතුරුදන්වීම ගැටළුවක්‘

(අනීෂා මානගේ)
පොලිස් දෙපාර්තමේන්තුවට අයත් ස්නයිපර් අවි අතුරුදහන් වූයේ නම් එය විශාල ගැටළුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද(24) තංගල්ල කාර්ල්ටන් නිවසේදී පැවති පොහෝදින වැඩසටහනට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි. 

වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසුවේය. 

පොලිසිය වගේ ආයතන වලින් ස්නයිපර් එළියට යනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. මේව කාට විරුද්ධවද පාවිච්චි කරන්නේ. එක පැත්තකින් කියනවා ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා මරන්න ඉන්නවා කියලා. අපිට මෙහෙන් තර්ජන. කාව මරන්න මේව ගන්නවද කියල අපි දන්නේ නෑ. ජනාධිපතිවරයා මරන්න කියල කුමන්ත්‍රණය කරපු කටහඩවල් ඔක්කොම තියෙද්දී ඒ අයට මුකුත් කරන්නේ නෑ. කාටද කියන්නේ අපි මේව. 

ඩොලර් එක ඉහළ ගියා කියන එක ආර්ථිකයට බලපාන්නේ නැත්තේ නැහැ. බලපාන්නේ නැති හැටි පේනවනේ මිනිස්සුන්ට. දැන් ඇයි කාර් වල මිල හිටපු ගමන් වැඩි වුනේ. පිටරටින් ගේන හැම භාන්ඩයකම මිල රුපියල් වලින් වැඩියෙන් ගෙවන්න ඕනනේ දැන්. එතකොට මොකක්ද තත්වය. අපි දැන් හාල්, පරිප්පු, සීනි ඔය හැම එකක්ම ගෙන්වනවා. වගා කරන්නේ නෑනේ. අපේ කාලේ නම් ඔය සමහර ඒව ගෙන්නුවේ නෑ. සීනි කර්මාන්තශාලා දෙකක සීනි ගොඩගහගෙන තියාගෙන ඉන්නවා. ඒව එලියට දාන්නෙත් නෑ. 
ඇත්තවශයෙන්ම මේ අය කළමණාකරනයක් කරන්නේ නැහැ.
 
ලංකා බැංකුව, මුදල් අමාත්‍යංශය ඇතුළු රජය වහාම මැදිහත් වෙලා යම් පියවරක් ගන්න ඕන. ඒක ඔහේ පාවෙන්න ඉඩඇරලා තියලා පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ම කියනකොට තව තවත් ඩොලරයේ අගය ඉහළ යනවා කියලා මේක නතරකරගන්න පුළුවන්කමක් නැහැ. අපේ කාලයෙත් මීට වඩා අමාරු කාලයක් රටේ තිබුණා. යුද්ධය තියෙන වෙලාවේදී. 2007 ඉදලා 2012 වෙනකල් තිබුණු ආසියානු රටවල් වල ආර්ථිකය මහා කඩාවැටීමක් වුනා.
 
නමුත් අපි එය කඩාවැටීමට ඉඩ නොදී තියාගෙන හිටියා. අපිට ඒක පුළුවන්කම තියෙනවානම් මෙයාලාටත් පුලුවන්කම තියෙන්න ඕන. මෙයාලා වෙන වෙන දේවල් වලට හිත යොමුකරල තියෙන නිසා පලිගැනීම් හැර වෙන දෙයක් ගැන හිතන්නේ නැති නිසා ඒ අයට වෙලාවක් නැහැ මේ ගැන හොයන්න. බොරු කථා කර කර යනවා ණය වැඩි ණය වැඩියි කිය කිය. 
 

දකුණේ විතරක් නෙවෙයි දැන් මුළු රටේම පාතාලය හිස ඔසවලා තියෙනවා. උතුරේ ඊටත් වඩා දරුණු විදියට හිස ඔසවලා තියෙන්නේ. උතුරේ ආවා කල්ලිය මර්ධනය කරන්න කියනවා. පොලිසියේ වගකීමක් ඒක. ඔවුන් ක්‍රියාත්මක වෙන්න ඕන. දවසගානේ මිනී මරනවනේ. ඉතිහාසයට වඩා දරුණු විදියට දැන් ඇවිල්ලා තියෙනවා. අපේ කාලයේ මේවා මර්ධනය වුනා. දැන් ආයෙමත් ඇවිල්ලා. රජයට මේව පාලනය කරන්න බැහැ. ‘



අදහස් (6)

‘පොලීසියේ තිබු ස්නයිපර් අතුරුදන්වීම ගැටළුවක්‘

sirimal Monday, 24 September 2018 10:00 AM

පෝය දවසේ පන්සල් ගිහිල්ලත් කතාව දේශපාලනය... කරන කියන හැම දෙයක්ම නොපිටට හැරවෙන්නේ මේ දවස්වල මොකද්දෝ දරුණු අපලයක් වත් පලදීලාද? මෝඩි හම්බවෙලා අාපහු එන්න ලැබුනෙත් නැහැ එයාටත් දූෂණ චෝදනා. "ජනබලය කොළඹට" නම්වූ නාමල් රාජපක්ෂගේ රාජාභිෂේකය ආණ්ඩුවට විනෝදයක් සපයමින් ගියා. දැන් එක්තරා පුවත්පතක හිටිය රණවිරුවන් වෙනුවෙන් හඬනැගූ බලවත් මාධ්‍යවේදියෙක් ජනාධිපතිවරයාගේ ඔඩොක්කුවටම වැටිළලු. එයාගේ හාම්පුතා වන ශ්‍රීලනිප උප සභාපති කුමාර වෙල්ගම මහින්දව මායිම් නොකරන තත්වයකට පත්වෙලාලු. දැන් උතුරේ මිරිසුවිල්හි ඝාතනයට ගෝඨාභයගේ සෘජු සම්බන්ධයක් තිබෙන බවට ඇති චෝදනා ඔප්පු කළ හැකි බව සාක්ෂි සහිතව දන්නා බව අර පත්තරකාරයා ලියන්න පටන් අරගෙනලු. අත්තනායක මුදියන්සේලාගේ නාමල් කුමාර සමඟ ජනාධිපති හා ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණයද එන්නේ මේ ආරාවුල තුලින්ලු. මහින්දලාගේ බිඳ වැටීමත්, මරණ තර්ජන කුමන්ත්‍රණත් මේ මොහොතේ සිය වාසියට ගන්නා ආකාරය පිළිබඳව හැමදෙනාම තැන තැන කුටු කුටු ගානවාලු. එක්කෙනෙකුට නම් මේ යන ගමනේ හැටියට 2015 ජනවාරියේ බහින්න බැරිවුනු අඩි හයේ වල අලුතින් හෑරෙනු පුලතිසි පුරයේ මහ පැරකුම්බා නැගිට ආවත් වළක්වන එක නම් බොරුලු...

:       964       1165

Chandana Monday, 24 September 2018 10:04 AM

ඒ වගේම තාජුදීන්, රිචර්ඩ් සොයිසා, එක්නැලිගොඩට වුණු දේවලුත් ගැටලුවක්... රාජපක්ෂ පවුලට ඇති විවිධාකාර චෝදනාවලට දඬුවම් නොකිරීමත් ගැටලුවක්. එක එක අය රටේ සල්ලි ගෙදරට ගෙනයාමත් ගැටලුවක්...

:       189       144

Hafeel Monday, 24 September 2018 10:16 AM

මේවාට පිලියමක් ලෙස ඔබගේ අර ආර්ථික ඝාතකයාව පත්කරන්න.

:       157       94

rohana Monday, 24 September 2018 12:10 PM

ඒ විතරද හෙල්පින් හම්බන්තොට සල්ලි විදපු එකත් ගැටළුවක්. ඒවා ගැන කතා කරන්නේ නැද්ද මහත්තයෝ. අර මැණික් මල්ලේ කතාව එකත් ගැටළුවක් නේද?

:       263       413

Saman Monday, 24 September 2018 02:33 PM

ඒ කාලෙ එළියට ගිය මැෂින් හම්බ වුණාද? 2012 ඩොලර් එක 113 ඉඳලා 131 වෙනකම් ගියා... 11% ක්, ඒක නවත්ත ගත්තෙ සංචිතවලින් $ බිලියන 4 ක් මුදා හැරලා නේද ? ඔය පුවත් සාකච්ඡාවේදි නේද ඔබ කිව්වේ " අපි උතුරේ ඡන්ද තිබ්බාය, අපිට ඒවා හොඳට මතකයි, අපි අතීතය අමතක කරන අය නෙවේය" කියලා. එතකොට එක මාධ්‍යවේදියෙක් අහන්නෙ " ඔබට ඒවා මතකයි, හැබැයි කීත් නොයාර්ට වෙච්ච දේ මතක නැත්තේ ඇයි?" කියලා. ඒකට ඔබටත්, දෙපැත්තේ හිටපු විමලෙටත්, ගම්මන්පිලටත් තරහ ගියා නේද?

:       613       906

Saththaya Tuesday, 25 September 2018 02:14 AM

ත්‍රස්තවාදීන්ගෙන් රජය අල්ලාගත් ආයුධ අතුරුදන්වීම ලොකුම ලොකු ගැටළුවක්. පරණ ඒවා හොයන්න කතාකරන්න කව්රුත් නැද්දෝ??

:       0       764

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1900 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1518 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site