තරිඳු ජයවර්ධන
සේවා කාලය සම්පූර්ණ කිරීම නිසා අද (14) විශ්‍රාම යෑමට නියමිත පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඒ රවී වෛද්‍යාලංකාර මහතා විනය පරීක්ෂණයකට යටත්ව සහ විනය පරීක්ෂණයෙන් පසු විශ්‍රාම වැටුප් ගෙවීම ගැන තීරණය වන ආකාරයට විශ්‍රාම ගැන්වීමට පොලිස්පතිවරයා සහ නීතිය සහ සාමය අමාත්‍යංශය කළ නිර්දේශ ප්‍රතික්ෂේප කළ ජාතික පොලිස් කොමිෂන් සභාව ඒ මහතා විශ්‍රාම ගන්නා අවස්ථාවේම අදාල වරප්‍රසාද හිමි සාමාන්‍ය ක්‍රමයට විශ්‍රාම ගැන්වීමට තීරණය කළ බව එම කොමිසමේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතාට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් විමර්ශනයක් පැවත්වෙන බැවින් සහ ඔහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් වත්කම් විමර්ශනයක් පැවැත්වෙන බැවින් විනය පරීක්ෂණයකට යටත්ව විශ්‍රාම ගැන්වීමට පොලිස්පතිවරයා නිර්දේශ කර තිබිණි.
පොලිස්පතිවරයා විසින් කරනු ලැබූ නිර්දේශය අනුමත කරමින් නීතිය හා සාමය අමාත්‍යංශයද විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 12 වගන්ති අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විශ්‍රාම ගැන්වීමට නිර්දේශ කර තිබිණි.
කෙසේ වෙතත් ජාතික පොලිස් කොමිෂන් සභාව මීට පෙර රැස්වූ අවස්ථාවේ මේ පිළිබඳව සාකච්ඡාවට ගත් අතර එහිදී කොමිෂන් සභා සාමාජිකයන් ප්‍රකාශ කර ඇත්තේ විමර්ශනයක් ඇතැයි කී පමණින් ඊට එකඟවීමට කොමිසමට නොහැකි බවයි. රවී වෛද්‍යාලංකාර මහතාට එරෙහිව පොලිසියෙන් කරන විමර්ශනයේ පැමිණිල්ල ලැබී ඇත්තේ වසර දෙකකට පමණ පෙර බවත්, ඔහු මැයි මාසයේ විශ්‍රාම ගන්නා බව දැන දැනත් එම විමර්ශනය අවසන් කර නොතිබීම ගැටලුවක් බවත් ප්‍රකාශ කර ඇති කොමිසම අදාළ ලේඛන ගෙන්වා පරීක්ෂා කර බලා ඒ ගැන තීන්දුවක් ගැනීමට කර තිබිණි.
ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා (10) ජාතික පොලිස් කොමිෂන් සභාව රැස්වූ පසු අදාළ ලේඛන පරීක්ෂා කර බලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 02 සහ 17 වගන්තිය අනුව සාමාන්‍ය පරිදි විශ්‍රාම ගැන්වීමට තීරණය කළ බව එම කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 02 සහ 12 වගන්ති අනුව කියැවෙන්නේ විශ්‍රාම ගන්නා අවස්ථාවේ විනයානුකූලව කටයුතු කෙරෙන බවට සෑහීමට පත්වන විට විනය බලධාරියා විසින් විශ්‍රාම වැටුප් විෂය භාර අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතිය ලබාගෙන එම විශ්‍රාම ගැනීවීම සිදු කළ යුතු බව හා එවිට විශ්‍රාම පාරිතෝෂිකය හෝ මාසික විශ්‍රාම වැටුපක් පරීක්ෂණ අවසන් වන තෙක් ගෙවනු නොලබන බවයි. ඒ යටතේ වෛද්‍යාලංකාර මහතා විශ්‍රාම ගැන්වීමට පොලිස්පති සහ නීතිය හා සාමය අමාත්‍යංශය කර තිබූ නිර්දේශය පොලිස් කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කළ බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ රවී වෛද්‍යාලංකාර මහතා පොලිස් සේවයට එක් වී ඇත්තේ 1979 වසරේ ඔක්තෝබර 08 වැනිදාය. 2015 මාර්තු මස 18 වැනි දා ඒ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස උසස්වීම් ලබා තිබේ.
රවී වෛද්‍යාලංකාර මහතාට සේවා දිගුවක් ලබා දීමට නියමිත දැයි කළ විමසීමේ දී පොලිස් කොමිසමේ උසස් නිලධාරියා පැවසුවේ ඒ ගැන තම කොමිස දැනුම්වත් කර නොමැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් කොමිසමේ ඉන්නේ කවුද? මේ වගේ වැඩ කරන්නේ. 19 රට වැනසුනා වගේ
අවුරුදු 38 යි මස 6 ක අඛණ්ඩ සේවයක් කරලා තියෙන ඒ කාලය ඇතුලත ගතහැකි සියලුම උසස්වීම් ලබාගත් රජයේ ජේෂ්ඨ නිලධාරියෙකුගේ විනය පරීක්ෂණය අවුරුදු 2 ක් පමා කිරීම සම්බන්ධව විනය කමිටුවට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලයි මං නම් හිතන්නේ. ආයතන සංග්‍රහයේ XLV111 36:2 මේ අවස්ථාවේ විනය කමිටුව පමා නොවී ක්‍රියා කළයුතු බව සඳහන් කරලා තියෙනවා.
"මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය" කියන්නේ හිටපු ආණ්ඩුවේ කණ්ඩායමකින් පළි ගැනීම සඳහා පිහිටවූ ආයතනයක් යැයි කෑ මොරදුන් පිරිස මේගැන දෙන වොයිස් කට් අහන්නයි මම මේ බලාගෙන ඉන්නේ.
තමන් යටතේ ඉන්න නිළධාරින්ගෙන් පලිගන්නා එක් ක්‍රමයක් තමයි. මේ චෝදනා යට ගහන් ඉදලා විශ්‍රාම කාළය ලන්වන විට පරික්ෂණ ආරම්භ කිර්ම. මෙයින් එම නිළධාරියාගේ විශ්‍රාම පාරිතෝෂකය හා විශ්‍රාමික වැටුප වසර කිහිපයක් හිරකරගෙන තබා අර නිළධාරියා අන්ත අසරණ තත්වයකට ඇද වැටීමය.
ඔන්න ඕක තමයි මහින්ද මහත්තය ඔය කොමිෂන් අහෝසි කරේ. ඔය කොමිෂන් සභා රාජ්‍ය පරිපාලනය සමග අනිවාර්යෙන් ගැටෙනවා. මේ රජය මහලොකුවට ඔක්කොම කොමිෂන් සභා ටික ආපහු දුන්නා කිවුවට රටක් පාලනය කල යුත්තේ රජය මිස කමිෂන් සභා නෙමෙයි.
කොමිසම හරි. පරීක්ෂණ කරනවා නම් ඕන තරම් වෙලා තිබුණා. පුද්ගලික පලිගැනීම් හොඳට පැහැදිලියි.
මේ පොලිස්පතිගේ සම්පූර්ණ සේවා කාලය ගැන සොයා බැලිය යුතුයි. මේ හැමෝගේම උසස්වීම්වලට වෛර කරන දුෂ්ඨයෙක්. මේ වගේ අනුන්ට වෛර කරන්නේ ඇඟ පුරාම ජරාව ගෑවිලා ඇති. වහාම කවුරුහරි මෙයාගේ අතීතේ හොයල බලන්න.
මේවා ඉහලින් එන නියෝග . ඔන්න කොමිෂන් සභා දැම්ම . හැමෝම තනතුරු රැක ගන්න වැඩ කරන්නේ. හැමදේම පුස් දේවල්