(හර්ෂණ තුෂාර සිල්වා)
කිසිදු හේතුවක් නොමැතිව ඊශ්‍රායල බන්ධනාගාරවල සිර කර සිටින පලස්තීනුවන් දියත් කර තිබෙන උපවාසයට සහාය දීමක් ලෙස ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති කාර්යාලය ආරම්භ කර තිබෙන අත්සන් තැබීමේ ව්‍යාපාරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බදාදා (3) සහභාගි විය.
රාජපක්ෂ මහතා එම ව්‍යාපාරයට සහාය දක්වමින් පණිවිඩයක් ද ලියා තැබීය.
නඩු විභාගයකින් හෝ චෝදනා ඔප්පු කිරීමකින් තොරව පලස්තීන වැසියන් රැසක් ඊශ්‍රායල බන්ධනාගාරවල සිටින බව පැවසේ.
ඊශ්‍රායලය 1967 වසරේ දී නැගෙනහිර ජෙරුසලෙම, බටහිර ඉවුර සහ ගාසා තීරය බලහත්කාරයෙන් අත්පත් කරගැනීමෙන් පසුව ගත වූ කාලයේදී පලස්තීන වැසියන් 800,000කට වැඩි පිරිසක් ඊශ්‍රායල බන්ධනාගාරවල අනවසරයෙන් තබාගෙන සිටින බව පලස්තීනය චෝදනා කරයි.
ඊශ්‍රායල බන්ධනාගාරවල සිටින පිරිස සමස්ත පලස්තීන ජනගහනයෙන් සියයට 20ක් බවත් එය පලස්තීන පිරිමි ජනගහනයෙන් සියයට 40ක් බවත් ඔවුන්ගේ දත්ත වාර්තා සඳහන් කරයි.
මේ වසරේ ගෙවී ගිය මාස හතරක කාලයේදී පලස්තීන වැසියන් 1597ක් පලස්තීන අත්අඩංගුවට පත්ව ඇතැයි ද ඒ අතර කාන්තාවන් 46 දෙනකු හා අවුරුදු 18ට අඩු දරුවන් 311 දෙනකු සිටින බව පැවසේ.
පලස්තීන තානාපති කාර්යාලය ආරම්භ කළ අත්සන් ව්‍යාපාරය ඉකුත් 2 වැනිදා ආරම්භ වූ අතර මැයි 3 සහ 4 දිනවලදීත් පැවැත්විණි. අත්සන් ව්‍යාපාරය හෙට (5) දහවල් 12න් අවසන් වෙයි.
අත්සන් සියල්ල සහ ශ්‍රී ලාංකිකයන්ගේ පණිවිඩ පලස්තීනය වෙත යැවීමට නියමිතය.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.