පරිසර දූෂණයට හේතුවන ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට පියවර ගෙන ඇති රටවල් පනහ අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ව ඇතැයි වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කර ඇති වාර්තාවක මේ බව දැක්වෙන අතර ශ්‍රී ලංකාව ස්ටයිරොෆෝම් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව එහි සඳහන් වේ.
ඉන්දියාව, ගැලපගස් දූපත්, සහ චීනය යන රටවල් ප්ලාස්ටිත් අවම කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්දයෙන්ද මෙම වාර්තාවේ සඳහන් කර ඇත.
කෙසේ වුවද වාර්තාව පෙන්වා දෙන්නේ ගංගාවලට සහ මුහුදු වලට එකතු වන අති විශාල ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීම සඳහා මීට වඩා වැඩි ප්‍රයත්නයක් සියලුම රටවල් විසින් දැරිය යුතු බවයි.
දියුණු වෙමින් පවතින පවතින රටවල මෙවැනි ගැටලු බොහොමයක් දක්නට ඇති බවත් ඉවතලන ප්ලාස්ටික් මලු කාණු පද්ධති වල සිරවීම හේතුවෙන් ජලගැලීම් ඇති වන බවත් සතුන් විසින් ප්ලාස්ටික් මලු ආහාරයට ගැනීමෙන් ගැටලු ඇති වන බවත් වාර්තාව පෙන්වා දෙයි.
මේ වාර්තාව පෙන්වා දෙන්නේ බොහෝ රටවල ප්ලාස්ටික් අවම කිරීම සංකීර්ණ සහ දුෂ්කර ක්‍රියාවලියක් වි ඇති බවයි. කැමරූන්හි ප්ලාස්ටික් මලු තහනම් කර ඇති අතර ඉවතලන ප්ලාස්ටික් වෙනුවෙන් මිලක් ගෙවීමට ද සිදුවේ. නමුත් අනිසි ක්‍රම ඔස්සේ එම රටට ප්ලාස්ටික් මලු පැමිණෙන බව පැවසේ.
ප්ලාස්ටික් සම්බන්දයෙන් බොහෝ රටවල නීති පනවා ඇතත් ඒවා ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා ඇත.
ප්ලාස්ටික් වෙනුවට භාවිතා කළ හැකි ජීව ආදේශක 35ක් සම්බන්දව ද වාර්තාවෙන් පෙන්වා දෙයි. හාවුන්ගේ ලොම්, මුහුදු තෘණ, දිලීර, කෙසෙල් මුහ හා බඩ ඉරිඟු වැනි දේ ඒ අතර වෙයි.
ප්‍රශ්නය ඇත්තේ ප්ලාස්ටික් වල නොව අප එය භාවිතා කරන ආකාරයේ බව එක්සත් ජාතීන්ගේ පරිසර ප්‍රධානී එරික් සෝල්හයිම් පවසයි.
(බීබිසී ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 18
617
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1099
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්ලාස්ටික් භාවිතය අවම කරීමට පියවරගත් රටවල් අතරට ශ්‍රී ලංකාවත්
Samathsena A . Aluthgama Sunday, 10 June 2018 03:30 AM
සත්‍ය වශයෙන්ම මේ සම්බන්ධයෙන් රජය සහ වගකිවයුතු සියලු අංශ සිදුකොට ඇත්තේ ඉතා සුළු සේවයක් කිවහොත් එය නිවැරදියි. වගකිවයුතු අය මොන තරම් මාධ්‍ය සංදර්ශන දැම්මත්, ප්‍රධාන හා අතුරු පාරවල් දෙපස කානු පද්ධති ඔවුන්ට පෙනී නැහැ. ප්ලාස්ටික් බෝතල්,පොලිතීන් වැනි දේ පිරී පවතිනවා. ජනාධිපති කාර්ය සාධක මණ්ඩලය ඩෙංගු මර්දනයට නිවෙස් වැටලුවත්, අසරණ ජනතාවට දඩ ගැසුවත්, ඉහත තත්වය පෙනී නැහැ .රටේ බොහෝ පළාත් සභා, ප්‍රාදේශීය සභා පසුවන්නේ තද නින්දේයි. රටේ බොහෝ ඇළ මාර්ග අද වසා දමා ඉවක් බවක් නැතිව සිදුකරන ලද ඉදිකිරීම් නිසා සුළු වැස්සකදී පවා ජල ගැලීම් සිදුවෙයි. ඇළ වේලි සුද්ද කිරීම ගැන නොසලකා,වගකීමෙන් ඇඟ බේරාගෙන සිටින නිලධාරීන් ගැන සොයා බලා ඔවුන්හට දඬුවම් කල යුතුය.බොහෝ පී එච් අයි වරුන්ට මහජන සවුක්ය රැකීමට නිසි උවමනාවක් නැත.දඩ ගසා කොමිස් ලබා ගැනීම පමණක් අරමුණු කොට සිටී.