(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂකයෙකු සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන පාලිත තෙවරප්පෙරුම මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබේ.
ඒ මහතා එහිදී හදිසි හෘද සැත්කමකට භාජනය කර ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
තෙවරප්පෙරුම මහතා දීර්ඝ කාලයක් තිස්සේ තිස්සේ හෘදයාබාධයකින් පෙලුනු අතර ඒ සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇති බවද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මණට සනීප වෙන්න. ඔබ හොඳ හදවතක් තියෙන මනුෂ්‍යයෙක්...
දුප්පතාගේ හිතවතා. ඔබට ඉක්මන් සුවය ලැබේවා..!!! එකෙන්ම දියවන්නාවට..
ඔබට ඉක්මන් සුවය... ඔබ හිත හොඳ මිනිසෙක්..
දුප්පත් මිනිස්සු වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරපු මනුස්සයෙක් සහ කෙළින් කතා කරපු කෙනෙක්.. ඉක්මන් සුවය පතනවා.
ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් නිරෝගී සුවය ලැබේවා. සියලු දෙවිපිහිට ලැබේවා...!!!.
අපි හිතුවේ මෙයාට හදවතක් කියලා දෙයක් නැහැයි කියලා...
ජනතාවගේ මතය අනුව නම් මන්ත්‍රීවරුන්ට හදවත් නැහැ. සැත්කමක් හරි කරන්න පාලිතට ජනදුක හඳුනන හදවතක් තියෙනවා. පාලිත වනජීවී රාජ්‍ය ඇමති වෙලා ඉන්න කාලේ වෙඩි වැදිලා හිටපු, හරිම දිග දළ තිබ්බ කලාවැවේ දීඝජන්තු ඇතා බේරාගන්න අමු කැලේ කිලෝමීටර් 12ක් විතර ගියා මට මතකයි. දවස් ගානක් තිස්සේ හොර වනජීවී නිලධාරීන් නැහැයි කියපු දීඝජන්තුව, පාලිත වනජීවී නිලධාරීන් 50ක් එක්ක කැලේට ගිහින් එක දවසෙන් හොයා ගෙන ඇවිත් බෙහෙත් කෙරෙව්වා. පාලිත නොහිටින්න අපිට තවත් ලංකාවේ දිගම දළ තියෙන ඇතෙක් අහිමි වෙනවා. තවත් තුවාල වෙලා හිටපු අලි ඇත්තුන්ට බෙහෙත් කරවලා රක්ෂිත වනාන්තර වලට යැව්වා. ඒකට මොකද අද ඉන්න අපේ දේශප්‍රේමී පැත්තේ වනජීවී ඇමති වනාන්තර ටික විනාශ කරනවා. තව කැලේ ඉන්න සත්තුන්ව අල්ලාගෙන සත්තු වත්තකුත් හදන්න යනවලු. මේවා කරන්න හදන්නේ බුදුදහමේ හදවතවන් අනුරාධපුරේ. නම ලිව්වට වැටෙන එකක් නැහැ. අනුරාධපුරේ ඉන්න වර්තමාන ඉඩම් පරිසර සහ වනජීවී ඇමතිව නම් නැවත පාර්ලිමේන්තු එවන්න එපා. නමුත් පක්ෂේ මොකක් වුණත් රටට වැඩක් කරපු පාලිත තෙවරප්පෙරුම වගේ ඇමැතිවරු මිනිස්සුන්ට අමතක වෙන්නේ නැහැ. ඔබට ඉක්මන් සුවය පතනවා, පාලිත..!
කළුතර දිස්තිරික්කයේ සෑම ඡන්දදායකයන්ගේම හෘද සාක්ෂියට බලවත් ප්‍රහාර එල්ල කරමින් සිටින දැවැන්ත චරිතයක්.. ඔහු අවශ්‍ය යැයි කියවෙන නමුත් ඔහුගේ පක්ෂයට ඡන්දය ප්‍රකාශ කිරීමට එතරම් උනන්දුවක් ඡන්දදායකයින්ට නොමැති බව දැන් දැන් ඒත්තුවෙමින් පවතී. මෙය පෞද්ගලිකත්වය සහ පක්ෂ ප්‍රතිපත්ති අතර සටනක් බව පැහැදිලිය...
ඉක්මන් සුවය පතමු. !
ඔබ සෙසු දේශපාලනය කරන අයට වඩා වෙනස් විදිහකට ගමන යන කෙනෙක්... බැරි දෙයක් නැහැ කියලා ඔප්පු කරන කෙනෙක්... ඔබගේ සේවය තවදුරටත් රටට ඕනේ. ඔබට ඉක්මන් සුවය පතමි..
ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් සුවවේවා..!!!