බිමල් ශ්‍යාමන් ජයසිංහ
බන්ධනාගාර ගත කිරිමට නියෝග කිරිමෙන් පසු නවගමුව පොලිසියේ කොස්තාපල්වරයකු ආරක්ෂාව යටතේ හෝමාගම මුලික රෝහලේ රඳවා සිටියදී ඉකුත් 17 වැනි දා අත් මාංචු සමඟ පලාගිය අලව්ව ප්‍රාදේශීය සභාවේ සැකකාර මන්ත්‍රීවරයා හෝමාගම දී අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.
මෙලෙස පලාගොස් තිබුණේ අලව්ව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාර මන්ත්‍රීවරයාට දමා තිබු අත් මාංචු ඔහු විසින් කම්බියක් ආධාරයෙන් ගලවා ගෙන තිබු බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඒ අනර්ඝ මාංචු කුට්ටම කටු ගෙට ගෙනල්ලා ප්‍රදර්ශනේට තියන්නකෝ? අපිත් එ්ක දැකගන්න කැමතියි. එකේ යටින් ලියන්න පොහොට්ටු මන්ත්‍රීතුමා ගලවගත්ත මාංචු කුට්ටම කියලා...
දේශපාලකයෙක් නේද? අර ඉස්සර වගේ යකඩ දම්වැලක් දාලා පාර දිගේ එක්කගෙන යන්න. හීලා නැති සත්තු අරගෙන යනවිදියට ගාල් කරගෙන යන්න ඕනේ. දේශපාලකයින් දන්නේ කැලේ නීතිය විතරයි. ඒ අයට ශිෂ්ටාචාර සමාජයේ තියන මානව හිමිකම් කියලා දෙයක් දන්නේ නැහැ...