(ජුඩ් සමන්ත)
සහෝදරයින් දෙදෙනෙක් එල්ල කරන ලද ඇසිඩ් ප්‍රහාරයකින් තුවාල ලබා එක් අයකු මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව කොස්වත්ත පොලීසිය කියයි.
ඇසිඩ් ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇත්තේ ලුණුවිල - තුලාවල පදිංචිකරුවෙකි.
පසුගිය ඊයේ (26) සවස යතුරු පැදියකින් පැමිණි අයියා - මලෝ දෙදෙනෙකු ඇසිඩ් ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බව මූලික විමර්ශන වලදී හෙළි වී ඇත.
පැරණි අමනාපයක් මත මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වී ඇති බව පොලීසිය කියයි.සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd