IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ප්‍රහාර සඳහා භාවිත කර ඇත්තේ නිත්‍යනූකූලව දී ඇති වෙඩි බෙහෙත්දැයි සැකයක්

(ඉන්දිකා රාමනායක)


ගල් වලවල් සඳහා නීත්‍යනුකූලව නිකුත් කරන  වෙඩි බෙහෙත් පුද්ගලයන් කිහිපදෙනකු අනවසරයෙන්  වෙනත් පුද්ගයන් අතට පත් කර ඇති බවත්,  පාස්කු දින එල්ල වු  ත‍්‍රස්තවාදී  බෝම්බ ප‍්‍රහාර සඳහා භාවිතා කර ඇත්තේ ගල්වලවල් සඳහා  නීත්‍යනුකූලව නිකුත් කරන වෙඩි බෙහෙත් ද යන්න සැකයක් පවතින බව  නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පැවසීය.
 

බලපත‍්‍රලාභින්  වෙත නිතුක් කරන වෙඩි බෙහෙත්   යම් ප‍්‍රමාණයක්   වැරදි  මාර්ග හරහා  ත‍්‍රස්තවාදීන් අතට පත්ව ඇති බවට සැකයක් පවතින බවත් ඒ අනුව පරීක්ෂණ පැවැත්වෙන  බවද  නාවික හමුදාපතිවරයා කියා සිටියේය.

 
පසුගිය දින වල  දිවයින  පුරා සිදුකළ මෙහෙයුම් වලින් සොයාගත්   වෝටර් ජෙල්, ඩෙනේටර්, සේෆ්ටි පියුස්,  නැමැති පුපුරණ ද්‍රව්‍ය බොහොමයක් ම බලපත‍්‍රලාභීන් වෙත වැලිසර නාවික හමුදා කදවුරෙන් නිකුත් කළ ඒවා බවට හෙළි ව ඇති බවද නාවික හමුදාපතිවරයා කියා සිටියේය.
 
මේ සම්බන්ධයෙන් නාවික හමුදාපති වියිස් අද්මිරාල්  පියල් ද සිල්වා මහතාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
 
බලපත‍්‍රලාභීන්   කිහිපදෙනෙකු  ඔවුන්ට ලබාදෙන වෙඩි බෙහෙත් දැන දැන වෙනත් පුද්ගලයන් අතට  ලබා දීමෙන්   එම පුද්ගයන් නීති විරෝධී  ධීවර කටයුතු මෙන්ම වෙනත් කි‍්‍රයා සදහා භාවිතා කරන බවද නාවික හමුදාපතිවරයා සදහන් කළේය.
 
ගල් වලවල් වෙත  නිකුත් කරන නියමිත  වෙඩි බෙහෙත් ප‍්‍රමාණය  නියම ආකාරයෙන්   බලපත‍්‍ර ලාභීන් භාවිතා කර ඇති ද නැතහොත්  වෙනත් පිරිස් අතට පත් කර ඇති ද යන්න තොරතුරු සොයා බැලිය යුතු බවද එසේ සොයා නොබැලීමෙන් මෙවැනි කි‍්‍රයා සිදුවිය හැකි බවද හෙතෙම අවධාරණය කළේය.

මෙම තත්ත්වය වලක්වා ගැනීමට දිස්ති‍්‍රක් වෙඩි බෙහෙත් පාලන නිලධාරීන්  ඒ ඒ ගල් වලවල් වෙත ගොස්  නිත්‍යයුකූලව ලබා දී ඇති වෙඩි බෙහෙත් කොපමණ ප‍්‍රමාණයක් භාවිතා කර ඇති ද , ඉතිරි ප‍්‍රමාණය සන්තකයේ තිබේද යන්න සොයා බැලිය යුතු බවද නාවික හමුදාපතියවරයා කියා සිටියේය.
 
 නාවික හමුදා බලපත‍්‍ර ලාබීන්ට  පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේ දී ඒවායේ ලොට් අංකයක් හා අංකය සදහන් කරන බවත් ඉදිරියේ දී මෙහහෙයුම් වලදී  අල්ලාගත් වෙඩි බෙහෙත් වල එම ලොට් අංක හෝ අංකය සඳහන්ව තිබුණහොත් එම බලපත‍්‍ර ලාභියාගේ බලපත‍්‍ර  අවලංගු කරන බවද නාවික හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (1)

ප්‍රහාර සඳහා භාවිත කර ඇත්තේ නිත්‍යනූකූලව දී ඇති වෙඩි බෙහෙත්දැයි සැකයක්

Akila Friday, 03 May 2019 11:00 AM

ඒ වුණාට වනාථවිල්ලුවෙන් හම්බවුනේ අධි බලැති c4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය නේද? මේවා රටට ගෙනාවේ කොහොමද?

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 92 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 589 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site