තිළිණි ද සිල්වා
ප‍්‍රංශයේ පැරිස් නුවර පිහිටි ඉන්දීය අවන්හලක ආහාර ගනිමින් සිටි ශ්‍රී ලාංකිකයෙකුට නාඳුනන කණ්ඩායමක් විසින් කඩු ප‍්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇතැයි ප‍්‍රංශ පුවත්පත් සේවය අද (08) වාර්තා කළේය.
එල්ල කළ ප‍්‍රහාරයෙන් ලාංකිකයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.මෙම ප‍්‍රහාරයෙන් ඔහුගේ උරහිස , වැලමිටට හා හිසට දැඩි තුවාල සිදුවී ඇති බවත් , රෝහල් ගත කළ ලාංකිකයාට බරපතල බව එම වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.
මෙලෙස බරපතල තුවාල ලබා ඇත්තේ තිස්පස් හැවිරිදි වියේ පසුවූ ලාංකිකයෙකි.මොහු සිය බිරිඳත් සමඟ අදාළ අවන්හලේ රාත‍්‍රී ආහාරය ගනිමින් සිටියදී මෙම අවාසනාවන්ත සිද්ධිය සිදු වී ඇත.
එම සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවෙකු පැරිස් පොලීසියට සඳහන් කර ඇත්තේ පාරිභෝගිකයින් මුවාවෙන් කඩු අමෝරා ගත් පුද්ගලයින් දෙදෙනා සිද්ධිය සිදු වූ දින අවන්හලට පැමිණි බවත් ,එසැණින්ම සිය බිරිඳත් සමඟ රාත‍්‍රි ආහාරය ගනිමින් සිටි ලාංකිකයාට මොවුන් කඩු ප‍්‍රහාර වල් එල්ල කළ බවද සඳහන්ය.
එම ප‍්‍රහාරකයින් දෙදෙනා අල්ලා ගැනීමට එහි සිටි පිරිස් අසමත් වී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පැරිස් පොලීසිය මේ වනවිටත් මෙහෙයුම් දියත් කර ඇතැයිද පැවසේ.
2025 දෙසැම්බර් මස 04
422
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
453
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැරිස් නුවර අවන්හලකදී ලාංකිකයකුට කඩු ප‍්‍රහාරයක්