IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


‘පරිසරය ආරක්ෂා කරගත හැක්කේ ජනතාවට ඒ ගැන අවබෝධ කර දීමෙන්’

(නාලක සංජීව දහනායක)
 
පරිසරය ආරක්‍ෂාකර කරගත හැක්කේ ඒ පිළිබදව ජනතාවට අවබෝධ කරදීමෙන් මිස නීති පැනවීම මගින් නොව්යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද(3)  පැවැසීය.

බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේදී අද (3) පැවැති ලෝක තෙත් බිම් දින සැමරුමට සහභාගි වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. 

පාසලේ උගන්වන අනෙකුත් විෂයන් මෙන්ම පරිසරය විෂයේ ඇති වැදගත්කම පිළිබදව කුඩා කාලයේ පටන්ට දරුවන්ට ඉගැන්විය යුතු බවද ඔහු කීය.
 
ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවැසීය.
 
''නාගරීකරණය වීම නිසාවෙන් කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවලත් අනෙකුත් ප‍්‍රදේශවලත් තෙත් බිම් හා පහත් බිම් විශාල ප‍්‍රමාණයක් විනාශ වෙමින් තිබෙනවා. ගමටත් නගරයටත් එය පොදුයි. විශේෂයෙන්ම අපේගම පිහිටා තිබෙන මෙම කෝට්ටේ නගරය අලූතින් බිහි කරන විට මෙම ප‍්‍රදේශයේ තිබූ පහත් බිම් හා තෙත් බිම් ගොඩකළා.
 
ඒ නිසාවෙන් ශාඛ හා සත්ව විශේෂ ගණනාවක් විනාශ වුණා. එම තෙත්බිම් හා වගුරු බිම් නිසාවෙන් මෙම ප‍්‍රදේශය ජලයෙන් යටවුනේ නැහැ. නමුත් ඉහත සදහන් කළ ආකාරයට මෙම ප‍්‍රදේශය සංවර්ධනය කිරීම නිසාවෙන් මෙම ක්‍ෂණිකව ගංවතුරට යටවෙන්න පටන් ගත්තා. මම නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් සිටියදී ලෝක බැංකුවේ ආධාර ලබාගෙන මෙම ප‍්‍රදේශයේ වගුරු බිම් හා තෙත් බිම් ආරක්‍ෂා කර ගැනීමට ක‍්‍රියා කළා.
 
සංවර්ධන කටයුතු නිසාවෙන් පරිසර විනාශය විශාල වශයෙන් සිදු වෙනවා. සංවර්ධන කටයුතු සමගින්ම පරිසරයත් ආරක්‍ෂා කරගන්න අපි කටයුතු කළ යුතුයි. පරිසරය ආරක්‍ෂා කර ගැනීම සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් තිබිය යුතුයි.
 
පරිසර විෂය කුඩා කාලයේ සිටම ඉගැන්වීමෙන් එම අවබෝධය ලබාදිය හැකියි. පාසලේ උගන්වන අනෙක් විෂයන් තරමටම පරිසර විෂයත් වැදගත්වන බව ජනතාවට අවබෝධ කර දිය යුතුයි. පරිසරය විනාශ කරන්න ජනතාව පෙළබෙන්නේ එම අවබෝධය නැති නිසයි. පරිසරයේ වැදගත්කම අවබෝධ කරදීමෙන් මිස මෙවැනි කාරණ නීති මගින් පාලනය කරන්න බැහැ.
 
වැලි ගොඩ දැමීම තහනම් කර තිබුණත් ඇතැම් ප‍්‍රදේශවල ආරක්‍ෂාව සදහා වැලි ගොඩ දැමීම කළ යුතුයි. වැලි ගොඩ දැමීම නිසාවෙන් කැලණි ගෙඟ් ඇතැම් ප‍්‍රදේශ ගංවතුරෙන් යට නොවු බවත්, වැලි ගොඩ දැමීම නතර කිරීම නිසාවෙන් එම ප‍්‍රදේශ ගංවතුරෙන් යටවන බවත් කැලණිය ප‍්‍රදේශයේ පාරම්පරිකවම වැලි ගොඩදමන පිරිසක් මට පැවැසුවා.
 
ස්වභාව ධර්මයට අනුගතව සිදුකරන දේවල්වලින් අපිට විනාශයක් අත්වන්නේ නැහැ. නමුත් සීමාව ඉක්මවා යම් යම් දේවල් ඒවා නතර කරන්න නීති පනවන්න අපිට සිදුවෙනවා. එවිට පාරම්පරික කර්මාන්ත නැති වෙනවා'' යැයිද පැවැසීය.

 

 ( ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා) 



අදහස් (6)

‘පරිසරය ආරක්ෂා කරගත හැක්කේ ජනතාවට ඒ ගැන අවබෝධ කර දීමෙන්’

Roshan Monday, 03 February 2020 12:07 PM

ජනාධිපතිතුමනි, කැලි කසළ අද වනවිට විශාල ප්‍රස්නයක් වෙලා. කොළඹ ඉඳල රාගමට යනකොට කෝච්චියේ පාර දෙපැත්තේ පුදුම විදිහට කුණු කසල. හරිම අවලස්සනයි. පැල්පත්වාසීන් තමා වැඩිපුර කුණු දමන්නේ. ඒ සියලු දෙනාට ප්ලැට්ස් හදලා දීලා එම ඉඩම් සංවර්ධනය කරන එක හොඳයි ලස්සනට. මිනිස්සු හැම තැනම කුණු පුච්චනවා. ලෙඩ ගොඩකට අත වැනීමක්. අපේ ප්‍රාදේශීය සභාවෙන් කුණු හරියට එකතු කරන්නේ නැහැ. මිනිස්සු පොලිතීන් පවා පුච්චනවා. කුණු ඔක්කොම එකතු කරගන්න වැඩපිළිවෙලක් හදන එක ලොකු දෙයක්. බින්ස් දීලා ගෙවල් ගෙවල් දෙකකට දෙකක් දිරන සහ නොදිරන වලට හැම සතියෙන එකතු කරනම් හොදයි. පිටරට තියෙනවා වගේ. කානු සුද්ද කරලා නැහැ අවුරුදු ගානකින්.

:       0       4

එච්.එම්.එස්.කේ නිශ්ශංක Monday, 03 February 2020 12:17 PM

අපිට තේරුණාට ඔයාලටයි තේරෙන්නේ නැත්තේ... කරුණාකරලා බොරුව නවත්තන්න. පරිසරයට ඔච්චර අාදරේ නම් ක්‍රියාවෙන් පෙන්වන්න. ආණ්ඩුව මාරු වුණා කියලා පරිසර විනාශය අඩු වුනේ නෑ. තවත් වැඩිවුණා විතරයි. පොළොන්නරුව පැත්තේ වෙන්නේ මොකක්ද කියලත් හොයලා බලන්න. අපි ඔයාව විශ්වාස කරාට ඔයා අපේ විශ්වාසය නැති කරලයි තියෙන්නේ. බොරුව නම් මවන්න එපා. නැත්තම් අපිට සිරිසේනවයි, ඔයාවයි අඳුනගන්න බැරිවෙයි.

:       56       551

BamunuarachchiTuesday, 04 February 2020 03:57 AM

ඔව් ඔව් දැන් ගෝඨාභය මහතා චීන කණ්ණාඩියක් රැගෙන රට පුරා යාවි පරිසරය බලන්න. හලෝ යමක් පුන පුනා කියනකොට මිනිසුන්ගේ හිත්වලට කාවදිනවා. ඔහෙලා වගේ මිනිසුන්ට හැරෙන්නට... දැන් අපි ටෝෆි කොලෙත් පාරේ නොදා සාක්කුවට දා දන්නවා. එ්ත් ෂොපින් බෑග් එකේ ගෙනාපු කුණුටික ළමයත් එක්ක එනගමන් පාරේ කාණු වසා තිබෙන කොන්ක්‍රීට් අතර තිබෙන හිඩැසින් කාණුවට දාන අම්මලා මම දැක තිබෙනවා. ඉතින් මේ අය ඉන්න රටක් හදන්නේ කොහොමද?

:       0       1

සත්‍යපාල Monday, 03 February 2020 01:11 PM

ජනතාව කෙසේවෙතත් සමහර දේශපාලුවොත් කරලා තියෙන්නෙත්, කරන්නෙත් පරිසරයට හානි වෙන වැඩ.. ගස් කපන, කැලේ කපන, වැලි ජාවාරම් වැඩ කරවන්නේ කවුරුවත් නෙවෙයි.

:       0       18

Raveendra Monday, 03 February 2020 03:20 PM

ජනතාව කිව්වම "දියවන්නා අසුචි වලේ ඉන්න 225" හැර අනිකුත් සියලුම පුරවැසියන් පිළිබඳව වෙන්න ඇති අපේ මුල්පුරවසියා අදහස් කරන්නට ඇත්තේ.. මොකද ඒ 225 න් 99.99999%ක්ම පරිසරය විනාශ කරන පාදඩයින් බව ඔහුත් හොඳින්ම දන්නා නිසා...

:       0       1

Bamunuarachchi Tuesday, 04 February 2020 03:49 AM

"ඒ ගැන අවබෝධ කර දීමෙන්’" අපේ ගොයියන්ට ඒ අවබෝධය සක්කරයාගේ පුතා සයිමාටත් දෙන්න බැරිලු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 164 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 377 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site