පැරිස්හිදීය (ඒ.එෆ්.පී)
නිරිත දිග ප්‍රංශයේ තුවක්කරුවකු කළ වෙඩි තැබීමකින් තිදෙනකු මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලැබූහ. ස්ථාන තුනකදී එලෙස සිවිල් වැසියන් ජීවිතක්ෂයටත් තුවාල ලැබීම්වලටත් ලක්ව ඇතැයි ප්‍රංශ ආරක්ෂක අංශ සඳහන් කළේය.
කැරකස්සන්හිදීය මෙම වෙඩි තැබීම් සිදුව තිබේ. තුවක්කුරු මුලින්ම කැරකස්සන්හිදී මෝටර් රථයක් පැහැර ගෙන තිබේ. මෝටර් රථය පැහැරගන්නා අවස්ථාවේදී තුවක්කුකරු මෝටර් රථ රියදුරුට ද තුවාල කර තිබේ. ඉන් අනතුරුව ඔහු ඒ ආසන්නයේ සිටි පොලිස් නිලධාරීන් කිහිපදෙනකුට වෙඩි තබමින් ට්‍රෙබීස් නගරය වෙත මෝටර් රථය ධාවනය කර ඇත. ට්‍රෙබීස් නගරයේදී කළ තුවක්කුකරු කළ වෙඩි තැබීමෙන් දෙදෙනක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙක් තුවාල ලැබූහ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපි ප්‍රංශයට කියමු සාකච්ඡා කරලා විසඳාගන්න කියලා. මතකද අපිට ප්‍රංශයේ අය කිව්වා සාකච්ඡාවෙන් යුද්ධය ඉවර කරන්න කියලා...
සාකච්ඡා කරලා බලන්න !