
(බන්ධුල ඉලේපෙරුම)
පාර්ලිමේන්තුවට මාධ්‍යවේදීන්ට පැමිණීමට අවකාශ ලබානොදී ඇති පසුබිමට සජීවී විකාශයද අත්හිටුවා තිබීම පිළිබඳ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද(19) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
පාර්ලිමේන්තු සජීවී විකාශය අද දහවල් දිවා ආහාරයෙන් පසු අක්‍රියවී ඇති අතර අන්තර්ජාල විකාශයද ඇණහිට ඇතැයි ප්‍රශ්න කළ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සභාවේ මැති ඇමැතිවරුන් කථා කරන දේ මහජනයාට දැනගැනීමට නොලැබීම ගැටලුවක් බවද කියා සිටියේය.
සජීවී විකාශය ඇණහිට ඇත්තේ තාක්ෂණික දෝෂයක් නිසා බවත් ඒ පිළිබඳ තාක්ෂණික නිලධාරීන් කටයුතු කරමින් සිටින බවත් කථානායකවරයා එහිදී දන්වා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජනතාවගෙන් 69 ලක්ෂයෙන් පමණයි මේ ප්‍රශ්නේ අහන්නේ දැන් සැපද.?
පේන්න කථා කරන්න පාර්ලිමේන්තු ඵන්න ඕනද? කතාකරන්න ඕනනම් කෝරෝනා ඉවරවුනාම ඔතන හංදියේ කඩේට ඇවිත් චැට් ඵකක් දාලා යන්න. පේන්න වැඩකට කලේ ඉන්දියාවෙන් දුන්න සුවසැරිය ඇම්බියුලන්ස් ටික මෙයාගේ සල්ලි වලින් ගත්ත වගේ බෙදල දුන්න එක තමයි.