තරිඳු ජයවර්ධන
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පිටින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට එරෙහිව ලබන සතියේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහත්වරු කීහ.
තවමත් බහුතරය ඇත්තේ තමන්ට බව ලබව සතියේ යළිත් වරක් පෙන්වන බව ද ඔවුහු පැවසූහ.
කබීර් හෂීම් මහතා සහ මංගල සමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ අරලියගහ මැදුරේදී අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්වී සිටියේය. එහිදී අහස් දැක්වූ ඔවුහු මෙසේ ද කීහ.
මුජිබර් රහුමාන් මහතා -
‘‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුනෙන් දෙකක කැමැත්තක් නැතිව අවුරුදු හතර හමාරක් යනකම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිවරයට බලයක් නෑ කියලා අපි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කළා. ජනාධිපතිතුමා නැති බලයක් පාවිච්චි කරලා පාර්ලිමේන්තුව විසිරුවා හැරලා තියෙනවා.
ඔවුන් බහුතරය තියෙනවා කිව්වා. බහුතරය ගන්න මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් සහ මුදල් දුන්නා. අන්තිමට 104ක් දක්වා හදා ගත්තා. ඊයේ උදේ වෙනකොටත් එස්බී දිසානායක මහතා කිව්වා 113 තියෙනවා කියලා. අන්තිමට එයා දන්නෙත් නෑ පාර්ලිමේන්තුව විසුරුවාහැරියා. ජනාධිපතිවරයා බොරුමයි කියන්නේ. 113 තිබෙනවා කිව්වා. බහුතරය තිබෙනවා කිව්වා. බහුතරය තිබෙනවා නම් මොකටද පාර්ලිමේන්තුව විසිරුවා හැරියේ? ඔවුන්ට බහුතරයක් නෑ. 113 පෙන්වා ගන්න බැරුව ගියා.
මේ හවුල මේ රටට කිසිම හිරිකිතක් නැතුව අමුවේ බොරු කියන, අසත්‍ය ප්‍රකාශ කරන දේශපාලන නායකයන් බවට පත් වෙලා. කිසිම වගකීමකින් නොවෙයි කතා කරන්නේ. මොකක්ද මේ සදාචාරය. 14 පාර්ලිමේන්තුව කැඳවන්න නියෝග කරලා ඊයේ රෑ වෙද්දි පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. රටේ පළමු වැනි පුරවැසියා මොනවද මේ කරන්නේ.
මේ රටේ ජනතාව මුලා කරගෙන මොහොතක්. පාර්ලිමේන්තුව තුල ආණ්ඩු මාරු වුණේ නෑ. අද මේ රටම අස්ථාවර කරලා තියෙන්නේ. ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් කරලා තියෙන්නේ. පොළොන්නරුවේ පොඩි විජේ කියලා දාමරිකයෙක් හිටියා කියලා අපි පොඩි කාලේ අහලා තියෙනවා. ඇන්ටන් ජෝන්ස් මහත්තයාගේ සින්දුවකුත් තියෙනවා පොළොන්නරුවේ පොඩි විජේ කියලා. ජනාධිපතිතුමත් දැන් පොඩි විජේගේ චරිතය රඟපානවා. හෙට වන විට තවත් මොනවා කරයිද දන්නේ නෑ.
මේක නැවැතුතවේ නැතිනම් මේ රට මුගාබේලා, මාකෝස්ලා, ශාලා හිටපු රටවල් බවට පත් වෙයි. 1931 ඉඳන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පටන් ගත්තු රටක් මේක. එහෙම පාර්ලිමේන්තු ඉතිහාසයක් තියෙන අපේ රටේ ඉතිහාසය ආපස්සට හරවන්න උත්සාහ කරනවා. මේක නවත්වන්න අපි ක්‍රියාමාර්ග කිහිපයක් අරගෙන තියෙනවා. ඉදිරියේදී ඒවා ක්‍රියාත්මක කරනවා. 2015 බලවේගය නැවත ඇවිත් තිබෙනවා. එදා ඒ බලවේගය තිබ්බේ මහින්ද රාජපක්ෂට විරුද්ධව. අද සිරිසේන සහ මහින්ද රාජපක්ෂ පිලට විරුද්ධව ඒ බලවේගය හැදිලා තියෙනවා. ‘‘
මංගල සමරවීර මහතා-
‘‘පසුගිය 26 වැනිදා සිකුරාදා තමන්ගේම රජයට විරුද්ධව කුමන්ත්‍රණයක් කරලා එම රජය නීති විරෝධී ලෙස ඉවත් කරන්න කටයුතු කළ එකම රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක ඉතිහාසයට එකතු වුණා. තමන් ගෙනා ව්‍යවස්ථා සංශෝධනය තමන්ම උල්ලංඝණය කළ එකම රාජ්‍ය නායකයා ලෙස ඔහු ඊයේ යලිත් වරක් ඉතිහාසයට එක් වුණා.
ජනාධිපතිවරයාට තිබුණු බොහෝ බලතල ඉවත් කරමින් ජනාධිපතිවරයාගේ කැමැත්තෙන්ම අපි එදා 19 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තා. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසිරුවා හැරීමට තිබුණු බලය අපි සීමා කළා. පාර්ලිමේන්තුව විසුරුවන්න පුලුවන් වෙන්නේ පාර්ලිමේන්තුවේ කාලය අවුරුදු හතරකුත් මාස හයකට පස්සේ කියා අපි සංශෝධනයට ඇතුළත් කළා. යළිත් මැතිවරණයක් තබන්නට නීත්‍යනුකූලව හැකියාව තියෙන්නේ 2020 පෙබරවාරි මාසයෙන් පස්සේ.කෝටි ප්‍රකෝටි ගණන් දීලා අපේ මන්ත්‍රීවරුන් බිලිබාගන්න බැරි වුණාට පස්සේ ඊයේ රාත්‍රී ව්‍යවස්ථාව උල්ලංඝණය කර මහ මැතිවරණයකට දින නම් කර තිබෙනවා.
අපි මැතිවරණයකට බය නෑ. අපි මැතිවරණයකට ඕනෑම වෙලාවක සූදානම්. නමුත් අපි විරුද්ධ වෙන්නේ ව්‍යවස්ථාවට පයින් ගහලා ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට. අපි මේකට ඉඩ දුන්නොත් ඡන්දෙන් පස්සේ අනාගතේ ජනාධිපති කෙනෙකුට කියන්න පුලුවන් මම මේ පත්වෙච්ච අගමැතිගේ මූණට කැමති නෑ, ඒ නිසා යළිත් වතාවක් පාර්ලිමේන්තුව විසිරුවනවා කියලා. මේවට ඉඩ දුන්නොත් මුගාබෙගෙත් නැති ඒකාධිපතතිත්වයක් බිහි වෙයි.
ඇතිවෙමින් තිබෙන ඒකාධිපති වියරුවට එරෙහිව උසාවියේදි අපි සටන් කරනවා. පාර්ලිමේන්තුවෙදිත් සටන් කරනවා. මැතිවරණයෙදිත් සටන් කරනවා. අපි අනිද්දා මේ සම්බන්ධයෙන් උසාවියට යනවා. පාර්ලිමේන්තුවේ බහුතරය අපට තියෙනවා කියලත් අපි පෙන්වන්න සූදානම්. බහුතරයක් තියෙන පාර්ලිමේන්තුවක් තමයි ඒකාධිපති පාලකයා විසිරුවා හැරලා තියෙන්නේ කියලා පෙන්වන්න අපි සූදානම්. ‘‘
කබීර් හෂීම් මහතා -
‘‘එජාපය කියන්නේ ඕනෑම මැතිවරණයකට සූදානමින් ඉන්න පක්ෂයක්. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පක්ෂයක්. පහුගි කාලයේ රාජ්‍ය ත්‍රස්තවාදයට ලක්වුණු පක්ෂයක්. රාජ්‍ය ත්‍රස්තවාදයේ බලපෑම් මත ඡන්ද කළ පක්ෂයක්. සාධාරණ මැතිවරණයකට එජාපය ඕනෑම අවස්ථාවක මුහුණ දෙන්න සූදානම්. නමුත් හොර ඡන්ද වලට අපි විරුද්ධයි. නීතියට අපි හිස නමනවා.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව උසාවි යන්න එජාපය සැරසෙයි
ගල්කටස් Saturday, 10 November 2018 10:13 AM
නියමයි ඔය කිවිවාට යන එතත් නැහැ .සවාධීන තීරණයක් ගැනීමට අධිකරණයෙට යන්න
මවුබිමේ අනාතයා Saturday, 10 November 2018 11:57 AM
අනේ පොදුමහජනතාව වන අපට පාන්ද? අපි හැමදාම කරේ එක එක පක්ෂ වල රූකඩයන් වෙලා හිටපු එක විතරයි. අපේ අපේක්ෂා සල්ලි කරලා ඔබලා බෙදාහදා ගත්තා. බොරු කලබල කරලා නැතිවෙන්නෙත්, අහිංසක මිනිස්සුන්ගේ ජීවිත විතරයි. එම නිසා ඔබලාගේ ප්‍රශ්න ඔබලාම හොඳ විදිහට විසඳගන්න. අපට තවත් පවුනොදී! අවුරුදු 70 කට අපිට ලැබුනු ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ඒ ඔක්කොම දේශපාලකයින්ට මිස අපට නොවේ. අපිට සුද්දා හොඳයි ඔබලාට වඩා !!
jude Saturday, 10 November 2018 12:22 PM
ඇහුවට තරහ වෙන්න එපා ...!!! ජනතා අධිකරණය ඉදිරියට යන්න අකමැතිද ආයුබෝවන්?
සමන්Sunday, 11 November 2018 03:52 AM
මුලු රටේ බහුතරයක් දෙදෙනාගේ ප්‍රශ්ණය වෙන්නෙත් ඕකමයි
Siri Abeygoonaratne Saturday, 10 November 2018 12:30 PM
පොඩි විජයට අපහාස කරන්න එපා. ඔහුට සුදුසුකම් බොහෝ තිබෙනවා.
Mangala Saturday, 10 November 2018 01:23 PM
2002 දී අවු 2 කින් සහ, 2015දීත් අවු 3ක් ගිහිල්ලත් දේශපාලන පළිගැනීම් වලට සහන දෙන්න බැරිවුන මේ එජාපෙට අපි ආයෙත් ජීවිතේට ඡන්දෙ දෙන්නේ නැහැ. පාක්ෂිකයින්ට සාධාරණයක් නොකරපු, රට ජාතිය ආගම ගැන හැගීමක් නැති, ලැජ්ජාවක් නැති නායක පිරිසක් ඉන්න පක්ෂයක්. සදා කල් විපක්ෂයේ.
PA - RA Saturday, 10 November 2018 01:48 PM
බුද්ධාගමේ කියන්නේ "තණ්හාය ජායති සෝකෝ" කියලා
Suraj Saturday, 10 November 2018 02:11 PM
මේ රටේ සමහර සුළු ජාතිකයන්ගේ එකම උවමනාව මහා ජාතිය කොටස් වලට කඩලා දුර්වල කරන එක. එම දුර්වලතාවය අපට විරුද්ධ රටවල් අපගේ හමුදාවට සහ විදේශ ප්‍රතිපත්ති වලට කෙලින්න හදා ගන්නවා. මෝඩයෝ දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි.
Nihal Saturday, 10 November 2018 05:32 PM
මන් 43/3 වගන්තිය කියෙව්වා ,හරි පුදුමය්
jaya Saturday, 10 November 2018 11:18 PM
එහෙමනම් පර්ලිමේන්තුව වහල ජනතාවගෙන් අහ අහ ඉන්න වෙයි.
td Sunday, 11 November 2018 12:25 AM
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පිටින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට එරෙහිව අධිකරණයට පක්ෂ වෙන වෙනම නොගොස් සියලු පක්ෂ එක්වී අධිකරණයට යාම වඩා යෝග්‍යය බව අප සිතමු.
BamunuarachchiSunday, 11 November 2018 01:43 PM
දැන් ගිහිල්ලා තිබෙන්නේ ජනතා අධිකරණයට... ඇයි බයද?
p.d goonawardena Sunday, 11 November 2018 03:34 AM
ඔබට සතුටිද දැන් ....මෙයාව කවූද පත් කර ගත්තේ ......
Bamunuarachchi Sunday, 11 November 2018 05:30 AM
කබීර් හෂීම් ඡන්දේ දෙන්නේ රටේ ජනතාව...... ඉතින් කොහොමද එක හොර ඡන්දයක් වෙන්නේ? මේ ඡන්දෙදි පුළුවන් ඔබලාට තිබෙන ජනතා බලය පෙන්වලා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගන්න. ඇත්තටම ඕගොල්ලෝ ඉල්ලලා මේ ඡන්දය තියන්න ඕනේ. ඕගොල්ලෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නත් බයයි ජනතා අධිකරණයට යන්නත් බයයි. කොහේ ගියත් පරදිනවා.
aseSunday, 11 November 2018 08:05 AM
ජනතාව ඉල්ලන්නේ ඒකාදිපති පාලනයක් නම් ?? මොනා කරන්නද ?? සිංහලය මෝඩයා කියල කිව්වේ 1800 ගණන් වල නේද ?
BamunuarachchiSunday, 11 November 2018 01:36 PM
ජනතාව ඉල්ලන එක දීම ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයිද?
BamunuarachchiSunday, 11 November 2018 01:41 PM
මෙයා නම් නියම හම්බර් කෙනෙක්...
Sumith Sunday, 11 November 2018 08:08 AM
මේ පාර එජාපයට ජනතාවගේ සහය ගන්න එක ලෙහෙසි නෑ.....
Sumith Sunday, 11 November 2018 08:12 AM
ජනතාව අහන්නේ ව්‍යවස්ථාව නොවෙයි..... දවසින් දවස බඩු මිල තෙල් මිල වැඩි කරන්නේ ඇයි කියලා... ඉස්සරවෙලා මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ...
Rohana Sunday, 11 November 2018 10:19 AM
වැඩක් වෙයිද?
Bamunuarachchi Sunday, 11 November 2018 01:38 PM
සිංහලයා මෝඩයා නිසා තමයි ඕගොල්ලන්ට මෙහෙ පැලපදියම්වීමට ලැබුනේ...
හිඳුුුංගල පාල Monday, 12 November 2018 01:29 AM
දක්වා ඇති අදහස් බැලුවම පේන්නෙ මිනිසුන්ට අවශ්‍යවෙන්නෙ රට ජාතිය නීතිය නොවේ තමා අදහන පක්ෂය හා පුද්ගලයා රජකිරීම. නීතිය නොකඩා මැතිවරණ පවත්වන්න කියලයි මේ කියන්නේ කියල තේරෙන්නේ නැද්ද. ප්‍රභාකරන් කලෙත් නීතිකැඩීම. නුඹලා කියන්නේ එහෙම කරන්නද