(නිමල කොඩිතුවක්කු)
නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවන තෙක් කාළය තුළ ආණ්ඩු පෙරැළීමේ කිසිදු වුවමනාවක් විපක්ෂයට නැතැයි හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට අද (1) පැවැසීය.
විපක්ෂයට බහුතර මන්ත‍්‍රීධුර සංඛ්‍යාවක් පැවතියද ඇතැම් පිරිස් පවසන පරිදි එය උපයෝගි කරගනිමින් ආණ්ඩු පක්ෂයේ කටයුතු කඩාකප්පල් කිරිමේ කිසිදු උවමනාවක් විපක්ෂයට නැතැයිද කිරිඇල්ල මහතා සඳහන් කළේය.
ආණ්ඩුව ලබාදුන් පොරෙන්දු සහ ආණ්ඩුවේ හොද වැඩපිලිවල සදහා විපක්ෂය කිසිදු පැකිලීමකින් තොරව පූර්ණ සහයෝගය ලබාදීමට තීරණය කර ඇති බවත් ඔහු සදහන් කළේය.
විපක්ෂය සිට ඉදිරි මහමැතිවරණය ජයග‍්‍රහණය කිරීම සදහා සියලූ කණ්ඩායම් ඒකරාශී කරගනිමින් පුළුල් වැඩපිලිවෙළක් සකස් කරන බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිදිත් තිත්තයිලු නේද?
ඕනෑ නැහැ නෙවේ.., ක්‍රමවේදයක් නැහැ කිව්වා නම් තමයි නිවැරදි. හිරේ ඉන්න ඕනෑ අය එළියේ තියාගත්ත කරුමෙට ඔබතුමාටත් ලඟදි උසාවි ගානේ බඩ ගාන්න වෙයි කියලයි කියන්න තියෙන්නේ...
සභානායකතුමෝ, බයිලා නැතිව කරන වැඩක් කල්පනා කරලා ස්ථීර වෙලා පිළිවෙළකට යන්න... ගොඩක් හොඳයි.
එතුමාට දවල් හීනයක් පෙනිලා වගේ...
ආණ්ඩු පෙරලන්න ඕනෑ ගොනෙකුට පුළුවන්.. වුණත් ඔබතුමාලට බැහැ..
ඕන ගොනෙකුට පුලුවන් නම් ඔයාට බැරි ඇයි..? බැරි වෙන්න විදියක් නෑ.. ඔය වැඩේ ඕන ගොනෙකුට පුලුවන්..
පසුව අපත් නැතිව ගෙදර යනවා නේද? හිතනවද දිනන්න පුළුවන් කියලා...? අපි ඔහෙලාට ඡන්දෙ දෙන්නේ රටට මොනවා කළාටද?
ඔක්කොටම කලින් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න. සදාලෝක පුජිත සදාකල් පරාදවෙන පක්ෂ නායකයා වෙනුවට නව නායකත්වයක් සඳහා කටයුතු කරන්න.