IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


'පාර්ලිමේන්තුවේ විනය විරෝධිව හැසිරුණු මන්ත්‍රීවරු එළවිය යුතුයි' - රාජිත

(විනීතා එම් ගමගේ)

පාර්ලිමේන්තුවේ දී කථානායකවරයාගේ පුටුවේ හිඳ ගනිමින්, කැඳවීමේ සීනුව නාද කරමින් විනය විරෝධී ලෙස හැසිරුණු මන්ත‍්‍රීවරු පිරිස පාර්ලිමේන්තුවෙන් එළවීමට කටයුතු කළ යුතු යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කළේය. 

ඔවුන් එසේ හැසිරුණේ හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳ ඡන්ද විමසීමේ දී ඔවුන් ලබන පරාජිත ප‍්‍රතිපලය හෙළිවීම වළක්වා ගැනීමට යැයි ද අමාත්‍යවරයා කීය. 

ඉදිරියේ දී අසාධාරණ වර්ජනවලදී ඉතා දැඩි පියවර ගන්නා බවත් රටේ ඇති සියලූ නීතින් ඊට එරෙහිව යොදා ගන්නා බවත් සේනාරත්න මහතා සඳහන් කළේය.

කොලොන්නාව තෙල් වර්ජනයේ දී ගත් අන්දමේ දැඩි පියවර ආන්ඩුව ගත යුතු බවත් ආණ්ඩු ප‍්‍රධානීන් බණ්ඩාරනායකලා විය යුතු නැති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය. 
 



අදහස් (22)

'පාර්ලිමේන්තුවේ විනය විරෝධිව හැසිරුණු මන්ත්‍රීවරු එළවිය යුතුයි' - රාජිත

kamani Friday, 28 July 2017 03:10 PM

පාර්ලිමේන්තුවේ ඉන්න බැටළු හම පොරවාගත් හොරුන්වත් එළවිය යුතුයි.

:       133       511

raveendraFriday, 28 July 2017 04:05 PM

බැටළු හම හැමෝටම හරි නැහැ. කොච්චර සුදුවට ඇඳගෙන හිටියට මඩ නාගෙන ඉන්න බව හැමෝම දන්නවා.

:       0       113

kamaniSaturday, 29 July 2017 03:27 PM

ඔබ හරි... චීනයේ සුදු ඇඳුම් අඳින්නේ "හොරු.." ලු. එහෙම හිතන එකත් වැරදි නැහැ... අපේ දියවන්නාව පැත්තේ ඔක්කොම අඳින්නේ සුදෝ සුදු ඇඳුම්.. කරන්නේම හොරකම් තමයි...

:       0       2

sunil Friday, 28 July 2017 03:14 PM

පාර්ලිමේන්තුව පාසල් ළමුන්ට තහනම් කලාපයක් කිරීම නුවණට හුරුයි නේද? මේවා දැකලා දරුවෝ නොමග යන්න පුළුවනි.

:       0       236

sajith Friday, 28 July 2017 03:32 PM

මුලින් ඔයාව යවලා ඒ අයවත් යවමු...

:       1616       3208

ධම්ම Friday, 28 July 2017 03:34 PM

අන්න හරි ඇමැතිතුමා මහජන වේදිකාවේ පක්ෂ නායකයින්ට අද බණින හෙට ගුණ කියන වාචාලයිනුත් එලවා දමන්නට අපි තීරණය කරලයි තියෙන්නේ...

:       1       429

raveendra Friday, 28 July 2017 03:56 PM

ඒක හොඳා මෙයාගෙන්ම පටන්ගමු.

:       724       1418

bohoda aiya Friday, 28 July 2017 08:11 PM

මම දැන් නැති නිසා අහන්නේ රටේ ජනාදිපති මෙයාද? දැන් හැම දේටම ලොකුවට කතා කරන්නේ ඒකද?...

:       0       61

siri Friday, 28 July 2017 10:30 PM

මුලින්ම තමුන් යායුතුයි.ඒ කෙසේ වෙතත් ලබන චන්දයේදී ජනතාව එලවන බව සිකුරුයි.

:       1       130

chris Friday, 28 July 2017 10:31 PM

ජනාදිපති පුටුවේ ඉඳගත්තට පුදුම වෙන්න දෙයක් නැහැ . තව ටික දවසකින් බලන්නකෝ ජනදිපතිගේ කරෙත් ඉඳගත්ත කියය්, ජනදිපතිත් මැදුර රව්මක් එක්ක ගිහින් බැස්සුවය් කියල අහන්න ලබෙය්, එකත් පුදුම වෙන්න දෙයක් නෙමේ ඔන්න .අබ සරනය් ශ්‍රී ලංකා

:       0       58

Ramsi Saturday, 29 July 2017 01:47 AM

එතකොට තමන්ගේ පක්ෂේ පාවලා දීලා වෙන පක්ෂයකට පනින අය ගැන මොකද කියන්නේ?

:       0       30

rohana Saturday, 29 July 2017 03:34 AM

සල්ලි තිබෙන අධ්‍යාපන සුදුසුකම් සා.පෙළ නැති අය තමයි ගොඩක්ම ඉන්නේ. ජනතාවගේ වගකීම තමයි මේ අය පත්නොකිරීම. බොහෝදෙනෙක් සිටිය යුතු වන්නේ හිරගෙදර....

:       0       46

lusena Saturday, 29 July 2017 04:13 AM

FCID එකට 18 වතාවක් කැදවලත් නොගිය ඇමතිලත් එළවලා දමමු

:       0       122

sara Saturday, 29 July 2017 04:46 AM

මෙතුමා හොද විනයගරුක බුද්දිමත් හැදිච්ච නායකයෙක්නේ ....

:       3       217

ramani Saturday, 29 July 2017 05:16 AM

පාර්ලිමේන්තුවට එන්නේ නැති වාචාල ඇමති පුත්තුත් යවමු.

:       0       55

rocky Saturday, 29 July 2017 05:45 AM

හිරගෙදර හිටිය යුතු වැඩි හරියක් අද පාර්ලිමේන්තුවට රිංගාගෙන ඉන්න බව පේනවා. මුන්ගේ පුරවැසිකම පවා අහෝසි කල යුතුයි. බැලු බැලු අතේ හොරු! කාට කියන්නද? මුන්ට චන්දෙ දෙන උන්ට ඔලුවක් නැහැ!

:       0       42

mahinda italy Saturday, 29 July 2017 07:55 AM

ඉස්සෙල්ලම ගෙදර යවන්න ඕනේ !!!

:       0       37

banda Saturday, 29 July 2017 08:02 AM

වැඩක් නැහැ...එස්.බී. මහත්තයා ජනතාව එලෙව්වා. එයත් දැන් ශෝක්... ඔය අැමැතිකම් කරගෙන ඉන්නේ දැන්...

:       0       8

Dusara Saturday, 29 July 2017 08:08 AM

හොරු මුලින්ම... කපටියෝ දෙවනුවට ...

:       0       0

sanju Saturday, 29 July 2017 08:43 AM

අනේ ඇමැතිතුමෝ, ඔබතුමා වගේ යටින් ගින්දර ගෙනියන්න හැමෝටම බැහැනේ. මේ ගොල්ලො අලුත්, තාම ඉගෙන ගන්නවා.

:       0       22

Deepal Nirosh Saturday, 29 July 2017 08:59 AM

එහෙනම් ඉස්සෙල්ලම යවන්න වෙන්නේ තමුන්ගේම අගමැතිවරයානේ... නිකං උඩ බලාගෙන කෙළ ගහන්න එපා.

:       0       57

rocky Monday, 31 July 2017 12:48 AM

එකෙක් නොහැර සියලු දෙනාම එළවිය යුතුය. පාර්ලිමේන්තුවේ නම `කාර් ගිලිස්‌ කොම්පැනිය` කියා වෙනස් කිරීමත් සුදුසුයි, මේකේ ඉන්න උන්නැහේලාට අතෘප්තිමත් සැප කාර් ගිලින්න පිපාසයක් තියන හින්ද!.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 552 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 489 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site