IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පාර්ලිමේන්තුවට හෙට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණය පැවැත්වෙන හෙට (5) පාර්ලිමේන්තුවට පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාවක් දීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තීරණය කර ඇත.

උද්ඝෝෂණකරුවන් පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සහ දැරුවොත් ඒ උත්සාහය වැළැක්වීමට පියවර ගන්නා බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලංකාදීපයට පැවැසීය.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා අමතර පොලිස් කණ්ඩායම් යොදවන බව කී පොලිස්පතිවරයා මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට නිදහසේ පැමිණීමට ආරක්ෂක වාතාවරණය සකසන බවද ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව සොයා බැලීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (4) පස්වරුවේ එහි පැමිණියේය.

පොලිස්පතිවරයා නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසක්ද සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවකද නිරත විය.



අදහස් (5)

පාර්ලිමේන්තුවට හෙට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව

රජින්ද Tuesday, 04 September 2018 08:27 PM

යහපාලකයන් ජනතාවට මේ හැටි බය ජනතාව ඔවුන්ව ප්‍රතික්ෂේප කරන බව දන්නා නිසයි. ජනතා නැගිටීමට යහපාලකයන් දෙදරුම් කා ඇත.

:       1       28

nadee Wednesday, 05 September 2018 04:00 AM

දැන්ම බය වෙලා

:       213       101

Uditha - Abu Dhabi Wednesday, 05 September 2018 04:48 AM

ඔව් එහෙම කරන්න නේද? දියවන්නාවේ ඇතුලේ ඉන්න බබ්බු ටික ආරක්ෂා කරන්න ඕනනේ... පුදුම කලකිරීමක් තියෙන්නේ මා හට ලංකාව ගැන. රට පිළිබද කිසිදු පාලකයෙක්ට කැක්කුමක් නැහැ. අපේ මෝඩ මිනිස්සුන්ටත් බත් පැකට් එකක් දීලා රුපියල් 1000 අතට දුන්න ගමන් මිනී උනත් මරයි.

:       48       123

JANAKAWednesday, 05 September 2018 08:13 AM

සහතික ඇත්ත ඔබ තුමාගේ අදහස නම්.. අපේ ලංකාවේ ඉන්නේ ප්‍රති පාත්තියක් නැති මනුස්ස කොට්ටාසයක්.

:       0       2

jayath Wednesday, 05 September 2018 06:20 AM

මේ රට ගැන - මෙහෙ ඉන්න පාලකයෝ ගැන - සහ ඊටත් වැඩිය උන්ව ඒ තැනට යවන මේ බත් කන හරක් ගැන තියෙන්නේ පුදුම කලකිරීමක් . අපිට පුළුවන් කාලේ - මේක මෙච්චරම කුණු වෙන බව දන්නවනම් මොන ප්‍රශ්න තිබුණත් අපි මේක දමල යනවා පැත්තවත් බලන්නේ නැහැ දැන් ඉතින් අපේ දරුවෝ නම් මොහොතක් වත් අපි මෙහෙ තියන්නේ නැහැ මේක වාසය කරන්න හොඳ රටක් නෙමි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site