(නිමල කොඩිතුවක්කු)
මෙවර පළාත් පාළන මැතිවරණයෙන් ආණ්ඩුව ලැබූ පරාජය ජනවාරි 08 වනදා ලැබූ ජනවරමට පිටුපෑමට එරෙහිව ජනතාව ලබාදුන් වැදගත් සංඥාවක් බව සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණය පරාජය වීම හේතුවෙන් වත්මන් ආණ්ඩුව පෙරපාසලේ සිට ජනවරමට ගරු කිරීම පිළිබඳ ඉගෙන ගෙනගත යුතු බවද ඔහු කියා සිටියේය.
2015 ජනවාරි 08 වනදා ලැබූ ජනවරම වෙනුවෙන් පෙනී සිටි ජනතාවගේ විශ්වාසය දිනාගැනීමට තවදුරටත් මේ ආන්ඩුවට ඉඩක් පවතින බවද ඒ මහතා සදහන් කලේය.
දූෂනය පිටුදැකීම, අපරාධකරුවන්ට දඩුවම් දීම, ජීවන වියදම අඩු කිරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුලු ලබාදුන් පොරොන්දු කඩ කිරීම ආන්ඩුවේ මෙම පරාජයට හේතු වී ඇති බවද මහාචාර්ය සරත් විජේසූරිය මහතා වැඩිදුරටත් කීය.
COMMENTS
ඔව් මහින්දගේ පොහොට්ටුවට 45%ක් දුන්නේ ඒ කෙනාව හිරේ දාලා, පංසල් වලට බදු ගහලා, රටේ ඉඩම් කඩම් ටික විකුණලා, ඉන්දියාවේ අයට ලංකාවේ අයගේ ජොබ් ටික දෙන්න කියල තමයි. පුදුම ගොං ලොජික්නේ ඕවා. ඔය යන ට්‍රැක් එක ටිකක් වෙනස් කරලා ගමරාලගේ වංගෙඩිය වගේ හැම දේකටම මහින්ද මහින්ද කියන්නැතිව සතියක් ඉන්න. සැබෑ වෙනසක් ඇතිවෙයි. බලාපල්ලා අපේ පැතිවලට ඇවිල්ලා මොන අංචි ඇද්දත් මහින්දගේ සලකුණ මකන්න බෑ...
රටේ බහුතර ජනතාවට හොරෙන් එන්ජීඕ නඩයකට රටේ ජනතාවගේ අනාගතය තීරණය කරන්නට ඉඩදිය නොහැක. එසේ තිබියදී ඒ දවස්වල ජාතියේ මුර දේවතාවුන් වහන්සේලා වන මහා සංඝරත්නයට කන්නොදී ආණ්‌ඩුවේ ඇමතිවරුන් හා එන්ජීඕ ඒජන්තයන් ලවා මහා සංඝරත්නයට අපහාස කරමින් රටේ ජනතා කැමැත්තට කන්නොදී ආණ්‌ඩුව නව ව්‍යවස්ථාවක් ගෙන එන්නට උත්සහ දරමින් සිටියේය . මේ නිසා රටට අනවශය ව්‍යවස්ථාවක් මේ තරම් විරෝධතා මැද ගෙන එන්නට උත්සාහ දරන්නේ කවුරුන් සතුටු කරන්නට දැයි අප තුළ ඇත්තේ දැඩි සැකයකි. රාජ්‍ය නොවන සංවිධාන කල්ලිය මහ බැංකු බැඳුම්කර කොල්ලය පිළිබඳ ඔවුන් එක් වචනයක් වත් ප්‍රකාශ කොට තිබේ ද, මේ රටේ සහශ ගණනාවක් තිස්‌සේ මේ රටේ මහ පොළොවේ ජීවත් වන පාරම්පරික ජනතාවගේ ගෙල සිඳිමින් හම්බන්තොට වරාය චීනයට පවරා දෙද්දී, මත්තල ගුවන්තොටුපළ සහ ත්‍රී කුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට තීරණය කරද්දී, කුඩු ටොන් ගණනින් ගලා එද්දී වචනයකුදු දොඩාගත නොහැකි ව කටවල් පූට්‌ටු වී සිටි ඩොලර් කල්ලිය ඒ වන විට සෝවාන් වී හෝ රහත් වී හෝ සිටියා ද යන ප්‍රශ්නයට දැන් ජනතාව උත්තර දී ඇත.
මේ මනුස්ය ඔය පොරොන්දු ඉටුකෙරුවේ නැහැ කියන්නේ ගෝටව ඇතුලට නොදාපු එකට.මෙය හැමදාම කීවේ ගෝටව අත්අඩංගුවට ගන්ඩ කියල.මේ ආණ්ඩුවේ එහෙම ගොන් මෝඩයෝ නැහැ.එහෙම කෙරුවනම් චන්දෙදි බලාගන්ඩ තිබුන ආණ්ඩුවට වෙන දේ.එක්සත් ජාතික පක්සේ මේ තරමට හරි චන්දෙන් ගොඩ අවේ රාජපක්සලට කරදරයක් නොකරපුනිසා.
රටේ බහුතරය නියෝජනය කරන්නේ ගම... කොළඹ නෙමෙයි. සාමාන්‍ය මහජනයාට මහා බැංකුවේ විදේශ සංචිත, පොලි අනුපාත, විදේශ ආයෝජන, පෝට් සිටි, වෝක්ස් වැගන් වැඩක් නෑ. බඩු මිල අඩු කරලා, බදු අඩු කරලා, ගොවියාට පොහොර ටික දුන්න නම් මීට වඩා ඡන්දේ ගන්න තිබ්බා. යන්න පාසලක් නැති, උගන්නන්න ගුරුවරු නැති, අඳින්න ඇඳුම් නැති, දාන්න සපත්තු නැති, ළමයින්ට ටැබ් වැඩක් නෑ. වයි ෆයි වැඩක් නෑ.ඕවා හොඳයි කොළඹ ඉන්න සල්ලි කාරයන්ගේ ලමින්ට. මේවා ගැන හිතන්න වෙනවා. රෝයල් මානසිකත්වයෙන් රටේ ගැටළු විසදන්න බැ. සහන දෙන්නම වෙනවා. රණ විරුවෝ ගැන බලන්න වෙනවා.
ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතුයි. ශ්‍රී ලාංකික සිංහල ජනතාව ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කැමති නැති වග මතක තබා ගන්න,
ඔක්කොටම වැඩිය රට පාවාදීම
මට හිනා මෙයාගේ කතාවලට
ඔබතුමාගේ වගේම අපි ආසය් නිර්මාල් රන්ජිත් දේවසිරි, සමන් රත්නප්‍රිය ආදී අයගෙනුත් අදහස් ටිකක් දැනගන්න.
පොරොන්දු ඉටු කරනවා යනු දැනෙන සංවර්ධනයක්, හොඳ ආර්ථිකයක් සහ නීතිය හරි හැටි ක්‍රියාත්මක කිරීමක්ය.
බටහිරයන්ගේ ගැත්තෝ උණු මාහාචාරියෝ ටිකක්, ඩොලර්වලට යට උණු දේශපාලුවෝ ලෝකේ නැති බොරු කියල රටේ ජනතාවට හීන ලෝකයක් පෙන්නලා අලුත් ආණ්ඩුවක් කියල ගෙනාවේ මෙලොදෙයක් කරගන්න බැරි අංශබාග ලෙඩ්ඩු ටිකක් .
මහාචාර්ය තුමනි, මමත් ශ්‍රී ලාංකික විශ්ව විදය්යාලයක උපාධි ධාරියෙක්මි. පසුව, පශ්චාත් උපාධිය කිරීමත් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයකින් ලැබුවෙමි. නමුත්, ඔබතුමාට මා සමාන නොකරන්නෙමි. ඊට හේතුව, අප සමාජයේ විශ්ව විද්‍යාල ඇදුරන්ට තිබෙන්නාවූ ගරුත්වය ආරක්ෂා කල යුතු බැවිනි. නමුත්, එම හේතුවෙන් පච බෙදීම ඔබට තවදුරටත් කල නොහැක්කකි.
මහාචාර්යතුමා හරියටම හරි... පරාජයට හේතුවත් ඕකම තමයි.
පොරොන්දු කඩකිරීම නොවේ. ඔහෙලගේ අවස්ථාවාදී බොරු ප්‍රකාශන ජනතාව විශ්වාස නොකිරීමයි.
ඔව් මහාචාර්යතුමා. එපමණක් නෙවි. බලය නුසුදුසු ලෙස යොදා ගැනීම. උපදේශකයන් හැටියට විෂය ක්ෂේත්‍රය ගැන කිසිම දැනුමක් අවබෝධයක් නැති නුසුදුස්සන් පත් කිරීම. එක ඇමතියෙක් කෙරුව වගේ එක පවුලේ දෙතුන්දෙනෙකුට උපදේශක තනතුරු දීම. මාධ්‍ය අංශය පන්දම්කාර අදක්ෂයන් යෙදවීම. තානාපති සේවයට නුසුදුස්සන් පත් කිරීමේ. හාල්,සහ වැලි ජාවාරම්, පරිසර පාලුවන්ට එරෙහිව ක්‍රියාත්මක නොවීම, සයිටම් ජල්බරිය, වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රය රාජකීය මට්ටමෙන් ආක්‍රමණය කිරීම, සමහර අවස්ථාවාදී එන්.ජී.ඔ. කාරයන්ට බිය වීම, මහා බැංකු හුටප්පරය. කඩුව වනන බව කීවාට කාටවත් කොටන්නේ නැතුව සිටීම.. ඕව මේවා.. හින්ද නිකං සවුත්තු වුණා. මේක හොඳ පාඩමක්. දැන්වත් බලමු වෙනසක් වේවිද කියල!
රට අස්ථාවර කරන්න පුළුවන් ඕනෑම වෙලාවක එළියට බහින එන්.ජී.ඕ කාරයෝනේ.. මෝඩ මිනිස්සු ඔහෙලගේ කතා අහනවා.
තාත්තේ මට ලැම්බෝගිනියක් අරන්දෙන්න කියපු කෙනා සහ එයාලගේ කට්ටිය දැන් පේන්න නැහැනේ.
කාලෙකට පස්සේ එළියට බැහැලා වගේ....
මේ ඡන්ද ප්‍රතිඵල ඇත්ත ඒවාද? අයි.ටී. හෙන්චයියලාගේ ජිල්මාර්ට් එකක්ද දන්නේ නැහැ. ඔබට මතකද 2010යේ එවකට ජෙනරාල් එස්.එෆ්. ජනපතිවරණේ දිනන වෙලේ ඡන්ද කොමසාරිස්ව අරලිය ගහ මැදුරේ හිරකරගෙන දාපු පරිගණක ජිල්මාර්ට්. ඒ වෙලාවේ රනිල්වත් සෝමවංශවත් ඉදිරිපත් වුනේ නැහැ එස්.එෆ්. ගේ උදව්වට. කවුද දන්නේ අයි.ටී. පැත්තේ හිටියේ මහින්දගේ මිනිස්සුද කියලා..
මේ ගොල්ලෝ ඡන්දෙ දුන්නේ අලියට, ඉතින් මේ එන්.ජී.ඕ නාදය දන්නේ කොහොමද? මහජනතාව පොහොට්ටුවට ඡන්දෙ දුන්නේ මොනවා බලාගෙනද කියලයි. මම නම් පොහොට්ටුවට ඡන්දෙ දුන්නේ යහපාලන ආණ්ඩුවට උපදෙස් දෙන, ඩොලර් ගිලින මෙන්න මේ එන්ජීඕ නඩය පන්නලා දාන්න..
එන්.ජි.ඔ. පවර්
සියලුම පක්ෂවල නායකත්ව වෙනස්කම් අහවරයි. දුන් පොරොන්දු ඉටුකළ යුතුයි. නිව්ස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීම අවුරුදු කීපයකට තැබිය යුතුයි. විගණන පනත අත්‍යාවශ්‍යයි. හොරුන්ට දඬුවම් දීමට විශේෂ අධිකරණ 2ක් වත් අවශ්‍යයි. අනාගතයෙහි මූලික අයිතිවාසිකම් තද කළහොත් දැඩි දඬුවම් දීමට හැකි නීති ගෙනආ යුතුයි. වර්ජන හා තර්ජන කරන්නන්ට දැඩි දඬුවම් පැමිණ විය යුතුයි. එජාපයට වෙනත් නායකයෙකු අවශ්‍යයි.
නාමල් මහතා මීළඟ අගමැති කරමු.
මේ ඔක්කොම හිතන්නේ ඒ ගොල්ලෝ දිනුම් කියල. රටට වෙලා තියෙන්නේ මොනවාද කියල දන්නේ නැහැ . හිතන්න උවමාවක් නැහැ . රටට තිබෙන ණය කන්දරාව ගෙවල ඉවර කරන්න අමාරුයි. ඒ ණය කොමිස් මුදල්. ඒවා ගෙවන්නේ අපි. කොච්චර මහන්සි වෙලා හම්බ කලත් හැමදාම ගෙදර වියදම දරා ගන්න බැහැ. දැන් රට ගිය අයටත් එච්චරයි. ගොඩ එන්න පුළුවන් ගංජා , එතනෝල් සහ කුඩු ව්‍යාපාර කලොත් විතරයි, මාසික පඩියක් අරගෙන ජීවත් වෙන්න බැහැ. හා බොරුද ? කව්ද දිනලා තියෙන්නේ බැලින්නම්, රට හදන්න යන අය විතරයි. ප්‍රාදේශීය සබාවට තේරුනත් ටික දවසකින් යන වාහන ටික බලන්න. හුරේ දදා ඉමු, අනාගත පරම්පරා අනාතයි. ඒ අයත් යහපත් පුරවැසියෝ වෙන්නේ නැහැ. මොකද ආදර්ශයක් ගන්න කෙනෙක් නැහැ. හැමෝම මුදල් පස්සේ හඹා යනවා, එසේ කරන්න පුරුදු කරලා, මේ දේශය පාලනය කරන අය. අපි ලිව්වට දැන් අවංක මිනිසුන් බිහි කරන්න බැහැ. එකයි හැමෝම එකතු වෙලා රට ගොඩ ගන්න ඕන කියල මතයක් ආවේ. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැ . පක්ෂ පාට ලොකුයි මේ ඉපදුන රටට වඩා .
හැබෑවට. මේ අය පොරොන්දු වුනාද මොනවා හරි ?අනේ අපි දැනගෙන හිටියේ නැහැ නොවැ.
ජීවන වියදම,අදික බදු ,සහනාදාර කපා හැරිම, පොහොර ලබා නොදීම, ආන්ඩුවේ මෙම පරාජයට හේතු වී ඇත, පිඩාවට පත් ජනතාවගේ ජයග්‍රහණයක්. කුජිත වෙන්නේ නැතුව මැතිවරණයකට යන්න.
කොහොමද මහින්ද එයා උන පොරොන්දු ඉෂ්ට නොකෙරුවානම්? අපි අද කොහෙද? අමතක කොරන්නෙපා අපි මහලොකුවට මහජාතිය කියලා උදම්අනුවාට මහාවංසය කියන්නේ අපේ පලමු රජු ඉන්දියානුවෙක් අන්තිම රජුත් ඉන්දියානුවෙක්, තව පොඩ්ඩෙන් දැනුත් අපිව පාලනය කොරන්නේ ඉන්දියානු සම්බවයක් තිබෙන එවුන්. අපිව බේරාගත්තාට ඔබට ස්තූති මහින්ද මහතානනී.
මහාචාර්යතුමා, බැදුම්කර ගැන මොනවා හරි කියන්න තියනවද. ඔයාට එක මතක නැතුව ඇති නේද.
ඔය වගේ මිනිස්සුන්ව ජතතාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ කට පියාගන හිටියොත් හොදයි
නෑ නෑ එක නෙමෙයි බලයට ආවට පස්සේ කොච්චර පොරොන්දු ඉටුකලත් ජනප්‍රියතාවය අඩුවෙලා ඡන්දත් අඩුවෙනවා. ඒ මගින් අනිත් පැත්තට ඉබේම ඡන්ද එකතු වෙනවා. ලංකාවේ දේශපාලනයේ හැටි එහෙමයි. JR මේක දන්නා නිසා තමයි ඡන්ද දිනන්න උපක්‍රම පාවිච්චිකලේ. හැබයි වත්මත් පාලනය නම් පොරොන්දු ඉටුකලා කියල සතුටුවෙන්නත් බැහැ.
"නෑ නෑ එක නෙමෙයි බලයට ආවට පස්සේ කොච්චර පොරොන්දු ඉටුකලත් ජනප්‍රියතාවය අඩුවෙලා ඡන්දත් අඩුවෙනවාලු" අනේ මේ ගොල්ලෝ ඉටුකළ පොරොන්දු මොනවද.