( ජුඩ් සමන්ත )
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට සභාව තුළදී කැත්තකින් පහර දීමට උත්සාහ කළ බව කියන එම සභාවේම සේවය කරන අනියම් ආදේශක රිය සහායකවරයෙකු අත්අඩංගුවට ගත් බව හලාවත පොලීසිය කියයි.
තමන් කාර්යාලයේ සිටින විට කැත්තක්ද රැගෙන පැමිණි සැකකරු තමන්ට මරණීය තර්ජනය කරමින් කැත්තෙන් පහර දීමට උත්සාහ කළ බව ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ලේකම් පෝල් ප්‍රනාන්දු මහතා හලාවත පොලීසියට පැමිණිලි කර ඇත. සැකකරු පසුගිය මාර්තු 17 වැනි දා එම ප්‍රාදේශීය සභාවේ ජල ටැංකිය මතට නැගී විරෝධතාවයක් කළ අයෙකි.
සෙසු අනියම් සහ ආදේශක කම්කරුවන්ට රාජකාරි පවරන නමුත් තමන්ට සභාවේ ලේකම්වරයා රාජකාරි පැවරීමක් සිදු නොකරන නිසා දරුවන් සමග ජීවත් වීමට නොහැකි තත්ත්වයක් ඇති බව එම විරෝධතාවයේදී ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය ලේකම් සහ ප්‍රාදේශිය සභා ලේකම් කියන්නේ තනතුරු දෙකක්,
පවලට ජීවත්වෙන්න වෙන්න ඇති කැති හරඹ කරන්න යන්න ඇත්තේ