චමිල් රුපසිංහ
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවක වධ සිද්ධියේ සැකකාර සිසුන් 15 දෙනා ලබන 24 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් ඉන්දික අත්තනායක මහතා අද (11) නියෝග කළේය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ නවක සිසුන් අට දෙනකු විශ්ව විද්‍යාලයෙන් පිටත ස්ථානයකට රැගෙන ගොස් නිරුවත් කර අමානුෂික ලෙස නවක වදය ලබාදුන් බවට සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඔවුහු පෙබරවාරි 20 වැනි දා සිට රිමාන්ඩ් බාරයේ සිටිති.
සිසුන් සඳහා ඇප ලබාදෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අද (11) අධිකරණයෙන් ඉල්ලීමක් කළ ද මහේස්ත්‍රාත්වරයා අප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.-
COMMENTS
ඔය මානසික ලෙඩුන් ටික අංගොඩ මානසික රෝහලේ අවුරුදු 4ක් වත් ප්‍රතිකාර ගත යුතුයි
මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
මේ අයව විශ්ව විද්‍යාලයෙන් පන්නා දමන්න.
ඉතා හොඳයි! මේවා තරුණකමට හෝ කොලු කමට කරන විහිලු තහළු නොවේ. සැලසුම් සහගත ඉතා දරුණු සාහාසික ක්‍රියාවන්! ඔවුන්ගේ දෙමව්පියන් විසින්ද මෙය තේරුම් ගත යුතුය. බරපතල වැඩ සහිත දැඩි දඬුවම් නියම විය යුතුය.
මේ අවුරුද්ද අන්තිම වෙනකන් තියාගන්න. නවක වදයට මුහුණදුන් සිසුන්ගේ/සිසුවියන්ගේ සහ ඔවුන්ගේ දෙමවුපියන් වින්ද මානසික පීඩනය මුන්ගේ දෙමවුපියොත් විදපුවදෙන්. එතකොට තමයි එම දෙමවුපියෝ උනත් අනේ කාගේ උනත් ඉගෙන ගන්ට එන ළමයිනේ හිරිහැර කරන්ට හොඳ නැහැ කියන තීරණයේ ඉඳීවි, මුන් දෙමවුපියන්ගේ ආශීර්වාදය ඇතුව ගෙවල් වල කොහොම හැසිරුනත් අපිට කමක් නැහැ වැදගත් සමාජයක වැදගත් විදියට හැසිරෙන්ට ඉගෙන ගන්ට ඕනේ.
විනිසුරුතුමන්ට මගේ ප්‍රණාමය! කැලැ සතුන් සිටිය යුත්තේ කූඩු වල මිසක් සමාජය තුල නොවේ.
ඒ වුනාට මේ අයට කන්න බොන්න දෙන්නේ අපේ සල්ලි වලින් නොවැ !!!
මේ ළමයින්ගේ වුනත් අනාගතය අදුරු නොවිය යුතුය. ඒ ගැනත් හිතන්න. නවක වදය සම්පූර්ණයෙන් තුරන් කරන්න වැඩ පිළිවෙලක් ගේන්න. බංකොලොත් දේශපාලන පක්ෂ විශ්ව විද්‍යාල තුල තහනම් කරන්න. දීර්ඝ කාලින යහපත ගැන සිතා මෙය විසදෙන තුරු විශ්ව විද්‍යාල තුල පොලිසිය යොදවන්න.
මේ අය රිමාන්ඩ් කලාට මදි. මේ අය පසුපසින් සිට මෙහයවන දේශ පාලන පක්ෂ තිබෙනවනානම්, ඒවා තහනම් කල යුතුයි. නැත්නම් ඉදිරියේදීත් මෙවැනි දේ සිදුවෙයි.
ඉතාම හොඳ තීරණයක්.. මෙවන් තිරිසන් ආත්මයක් ලද පුද්ගලයින් සමාජ ගත කිරීමට ඉක්මන් විය යුතු නැහැ. මොවුන් දිගු කාලයක් පුනරුත්ථාපනය කලයුතු සමාජයට බොහෝ හානි දායක විය හැකි උම්මන්තකයින් පිරිසක්.
නිදහස් අධ්‍යාපනය අපොස උසස් පෙලින් පසු අවසන් කර, දැරිය හැකි මුදලක් ගෙවමින් ඉගෙනගන්න සැලැස්වීම තුලින් විශ්වවිද්‍යාලය තුල දේශපාලනය කරන පිරිස් යම් තාක් දුරකට පාලනය කරගැනීම හැකියාවක් ලැබෙන බව මගේ විශ්වාසයයි. අද විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්නා සිසුන් බොහෝ දෙනා පාසැල් ලමුන්ට උගන්වමින් වෙනයම් අමතර රැකියා කරමින් යම් මුදලක් උපයනවා. ඔවුන්ගෙන් මෙවැනි ක්‍රියා සිදුවන්නේ නෑ.. බස්වල කැට හොලවන අයගෙන් හැරෙන්න.
අනිවාර්යයෙන් දේශපාලනය විශ්ව විද්‍යාල තුල තහනම් කල යුතුයි. මම පෞද්ගලිකව කැමති නෑ එහෙම කෙනෙක් රස්සාවට ගන්න. මොකද රස්සාවට ඇවිල්ලත් අයිතිවාසිකම් ඉල්ලනවා මිසක් තමන්ගේ යුතුකම ගැන මේ අය හිතන්නේ නෑ. එකෙන් වෙන්නේ රජයේ විශ්ව විද්‍යාල වල ළමයි කොන් වෙලා නිදහස් අධ්‍යපනය නැති වෙන එක. ළමයින්ගේ ජීවිත විනාශ වෙනවට ඔය බංකොලොත් දේශපාලන පක්ෂ කැමතියි. මොකද එකෙන් එයාලට පිරිස වැඩි වෙන හින්ද.
ඩිලාන් මම ඔබ සමග 100% එකඟයි උසස් පෙලින් පසු නොමිලේ අධ්‍යාපනය නවත්වන්න. අනික් රටවල මෙන් රැකියා කරමින් මුදලට උසස් අධ්‍යාපනය කර ගන්න පහසුකම් සලසන්න.
නවක වදය හින්ද නිදහස් අධ්‍යාපනය නැති කරන එකත්, දොස්තරලට අකමැත්ත හින්ද සයිටම් දාන එකත් එක වගේ මෝඩ වැඩ.
නවක වදය හින්දා නිදහස් අධ්‍යාපනය නැති කරන්න කියලා කියන, නිදහස් අධ්‍යාපනයේ වටිනාකම නොදන්න, වැස්සකටවත් කැම්පස් නොගිය අයට මේවා තේරෙන්නෙ නැති එක ගැන නම් දුකයි....
උපවාසයක් කලානම් ලේසියෙන්ම එළියට එන්න තිබුණා...