(මනෝප්‍රිය ගුණසේකර)
ආරක්ෂක ඇමතිවරයා සතු බලතල භාවිත කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වැල්ලවත්තේ තට්ටු තුනක ගොඩනැගිල්ලක් රාජසන්තක කිරීම මඟින් එම නිවස අයිති ව්‍යාපාරික යුවලගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම යුවලට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවීමට අද (27) නියම කළේය.
එම නිවස වැල්ලවත්තේ චැපල් පටුමගේ පිහිටා තිබුණු අතර අයිතිය තිබුණේ දෙමළ ජාතික ව්‍යාපාරිකයකුටය. එල්.ටී.ටී.ඊ සංවිධානයට අරමුදල් රැස්කරන බව හා එම සංවිධානයට අයිති ගොඩනැඟිල්ලක් බව තීරණය කරමින් නිවස රාජසන්තක කර තිබිණි.
ගොඩනැගිල්ල සති 08ක කාලයක් තුළ එහි හිමිකරුවන්ට බාරදෙන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියම කළේය. නිවස හිමි යුවළ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ඉදිරිපත් කළ කරුණු පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස මෙම නියෝගය කළේය.
මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ සහ අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග විය.
මෙම පෙත්සමෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා, එය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා, ජනාධිපති ලේකම් සහ නීතීපතිවරයා වගඋත්තරකරුවෝ කරනු ලැබ සිටියහ.
මෙම චෝදනා සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වු බවත් මේ සම්බන්ධයෙන් කිසිදු හේතු විමසීමකින් තොරවම ආරක්ෂක ඇමතිවරයා ලෙස එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය බලතල පාවිච්චි කරමින් 2009 දෙසැම්බර් 17 වැනිදා තම සේවාදායකයින් සතු මෙම ගොඩනැගිල්ල අයත් පරිශ්‍රය රාජසන්තක කළ බවත් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
ආරක්ෂක ඇමතිවරයා ලෙස එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය බලතල පාවිච්චි කරමින් කිසිදු පරීක්ෂණයක් නොපවත්වා, කිසිදු හේතු විමසීමකින් තොරව මෙම ගොඩනැගිල්ල අයත් පරිශ්‍රය රාජසන්තක කිරීමෙන් පෙත්සම්කරුවන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට කැකිල්ලේ මහරජාව මතක් වෙනවා මේවා අහනකොට...
ඔය වාගේ වැඩ ගොඩක් ඒ කාලයේ සිදුවුනා...තාත්තට විතරක් නොවෙයි පුතාලටත් ගෙවල්,හෝටල් , පරණ වලව් ගැන පුදුම ආශාවක් තිබුනේ....
මේකේ කොමෙන්ට් දාලා තියෙන මිනිස්සු හිතාගෙන ඉන්නේ මේක මහින්ද රාජපක්ෂ පාවිච්චි කරා කියල . රටේ ත්‍රස්තවාදීන්ට කොලබ බෝම්බ පුපුරවන්න දැනගෙනම තමන්ගේ ඉඩකඩම් බදු දීපු මිනිස්සු ඔය කියන ප්‍රදේශයේ හිටපු බව අමතක වෙලා දැන් .
හැබැයි ඔය කියන කාලේ රෑ දවල් නොබලා, කොළඹට කොටි ගහනකොට ඔය දේවල් ගැන කිසි කෙනෙක් කතා කරේ නෑ.
මේ වගේ දේවල් නිසාවෙන් තමයි හොට බිම ඇන ගත්තේ...
ඒ දඩ මුදල අප්පච්චිට පුද්ගලික මුදලින් ගෙවන්න කියන්න. නැත්නම් බදු ගෙවන අපි එපැයි ඒකත් ගෙවන්න. මේක මාරම කෙලියක්නේ... ඒ අයගේ දඩත් අපි ගෙවන්න.
මීට අමතරව කී දෙනෙක් අතුරුදන් වුවද ඔය ප්‍රදේශයේම නමුත් ඔවුන් සියල්ලන්ටම හොඳ ඉඩම් තිබුන. දැන් ඒවායේ අයිතිය ප්‍රශ්නයක්.
මට තියෙන ප්‍රශ්නේ ඇයි මේ වැරදි කළවුන්ට දඬුවම් නොදෙන රහස මොකක්ද කියන එක.
රාජසන්තක කළා කියන්නේ මහින්ද මහත්තයා එයාගේ නමට ලියාගත්තා නෙමෙයි මම හිතන්නේ.. ඒ කියන්නේ රජයට ගත්තා කියලා වෙන්න ඕනෑ... අළුත් රජයකට පුළුවන් ආපහු ඒක දෙන්න. අනේ මම දන්නෑ...
යුද්ධයට මුවාවෙලා මේ වගේ වැඩ කරලා ඒවා අහුවෙන කොට මේ අය කරන්නේ ජාතිවාදය අවුස්සලා මිනිසුන්ව කුලප්පු කරන එක. ඇත්තටම රට ගැන රටේ දරුවන්ගේ අනාගතය ගැන හිතන අය මේවගේ වැඩ කරන්නේ නෑ. ඇත්තටම රට වෙනුවෙන් සටන් කරලා යුද්ධය නිමාකරපු හමුදා විරුවන්ට කරන්නේ අවමානයක්...
චමින්ද, ඔයා නිකන් අර යන්නේ කොහෙද මල්ලෙ පොල් කියන කතාවනේ කියන්නේ. ඔය ගේ පවරා ගත්තේ ඒ අයට නෙමෙයි. රජයටයි.
එවකට එතුමා මෙය රාජසන්තක කලේ පෞද්ගලික පරිහරණයට නෙමෙයිනේ එවකට පැවතී රටේ ආරක්ෂක තත්වය ගැන සලකලා. කල්පනා කරලා හරියට කියවල අදහස් පල කරන්න
මහින්ද හිටපු ජනාදිපතිතුමාට අවලාද නගන්නේ ඩොලර්කරුවන් විතරයි.
මේකේ සමහර මිනිස්සු කියලා තියෙන විදියට, කොටි කියල හැම දෙමළ මනුස්සයාගේම දේපල ගන්න බෑනේ. අනිත් එක මහින්දගේ කාලේ ඔය වගේ ආසාවල් හරියට තිබුණනේ. පරීක්ෂණ කරලා ගත්තා නම් කිසි ප්‍රශ්නයක් නෑ. නැත්නම් 86-88 කාලේ ජ.වි.පෙ. කරපු දේවල් වලට ගොඩාක් සිංහල මිනිස්සුන්ගේ දෙපලත් ගන්න ඕනෑ.
සිංහල ජාතිය ගැන කතා කලේ රාජපක්ෂලා 2, 3 ක් විතරයි.
යුද්දය ඉවරවුනේ 2009 මැයි 19 ඊටපස්සේ කිසිම බෝම්බයක් පිපිරුවේ නැහැ. නමුත් මේ නිවස රාජසන්තක කරලා තියෙන්නේ 2009 දෙසැම්බර් 17.
මේවගේ දේපොළ කීයක් බලෙන් අල්ලා ගත්තද ඒ කාලේ? පස්සේ ඒවා නෑදෑයින්ට බෙදුවා. ආයේ ගේන්න දඟලන්නේ ඔය මිනිස්සුම තමයි.
රට පාවාදීම උපරිම මට්ටමේ තියන කොට වෙනත් දේවල් දාලා අවධානය ගලවනවා එ්කෙන්...
ගොඩක් අයට යුද්ධ ඉවරවෙන්න කලින් රටේ තිබුණු තත්වේ මතක නැහැ . මේ ලගදිත් ඇමෙරිකන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තානයේ පොලිස් නිලදාරීන් 16 ක් මරුණා. ඒවාට කියන්නේ අත්වැරදීම් කියල. ලංකාවේ එහෙම නොවීත් හමුදාවේ නිලදාරීන් අද හිරේ . කොළඹට බෝම්බ ගහපු විදියට වෙන රටක උනා නම් අහිංසක දෙමල මිනිස්සුත් මරල දමනවා. එත් මේ රටේ එහෙම වුනේ නැහැ. ප්‍රභාකරන්ගේ ග්‍රහණයෙන් පැනල ආපු අහිංසක දෙමල වැසියන්ට අපි මොනතරම් කරුණාවෙන් සැලකුවද. අද අපි සාමයෙන් ඉන්න මේ නායකයා නිසා
2008 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය තියෙන දවසේ පාන්දර 1.15 ට කොටින්ගේ ගුවන්යනාවක් ඇවිත් කොළඹට බෝම්බහෙලුවා ,ඔබලාට මතක නැතුව ඇති, කෙරවලපිටියේ විදුලිබලාගාරයට බෝම්බ දාල එනගමන් නුගේගොඩ උඩහමුල්ලටත් බෝම්බ කොටසක් වැටුනා. දෙවැනි වතාවටත් බෝම්බ හෙලන්න කොළඹට එනවිට රත්මලාන ගුවන් හමුදා කදවුරෙන් එල්ලකල ප්‍රහාරයෙන් කොටින්ගේ ඒ ගුවන්යානය විනාශ වුනා . එසේ නොවුනානම් ඔවුන් කොළඹ තියෙන වටිනා ස්ථාන කිහිපයම විනාශ කරනවා,මෙ දේවල් ගොඩක් මිනිසුන්ට අමතක වෙලා ,කොටි ත්‍රස්තයන්ට කොළඹ ආශ්‍රිත බොහොමයක් ප්‍රහාර සැලසුම් කිරීමට නවාතැන් පහසුමක් විශාල වශයෙන්ම ලැබුනේ වැල්ලවත්ත ප්‍රදේශයෙන්, බව හැමෝම දන්නවා..
ස්වාභාවධර්මයේ විසින් සෑම දෙයක්ම විසඳාවී
සමහරුන්ට රාජපක්ෂවරු කරපු හැම දෙයක්ම හරි! කරපු වැරදි වැඩ මොකුත්ම නැහැ! . මෙහෙමත් අවිචාරවත් මිනිසුන් අතරයි අපට ජීවත් වෙන්න සිදු වෙලා තියෙන්නේ. අනිච්චේ රටකට වෙච්ච දේ! එදත් එකයි අදත් එකයි. බැලු බැලු අතේ හොරු. ඔය කියන බිල්ඩිම කිසිදු නීත්‍යානුකුල පරීක්ෂණයක් නොකර රාජසන්තක කල බව මේ සපොටර්ලාට දැනගන්න ලැබුනේ නැද්ද?
රාජපක්ෂවරු හොරකම් කළ අය නම් නෙවෙයි.
රටක ජනතාව සහ මාධ්‍යවේදීන් ස්වාධීනව කටයුතු කිරීම සහ දැකීම තුළින් රටක් දියුණු කල හැකිය. නමුත් අප රටේ ජනතාව සහ මාධ්‍යවේදීන් දේශපාලකයන් සහ පක්ෂ කරමත තබාගෙන සිටීම අප රටේ අවාසනාව වී ඇත. ඉදිරියේදී අලුත් වෙනසක් කිරීමට අප උත්සාහ කරමු. (පොරොන්දු ඉටු කරන, කියන දේවල් කරන, සහෝදරයන්ට දරුවන්ට රජයේ සම්පත් වලින් මුදල් උපයන්නේ නැති, බුද්ධිමත් අවංක නායකත්වයක් සහ නායකයෝ පිරිසක් හොයාගන්න දැන් සිටම සිතා ගමු)
මෙම තීන්දුව දෙන්න හේතුව නම් පොලිස් සොයා ගැනීම් වලින් පසු ආරක්‍ෂක අමාත්‍යංශයෙන් නිවස රාජසන්තක කිරීමේ ක්‍රියාවලියේ තිබූ තාක්‍ෂණික අඩුපාඩු මිස චෝදනාවේ ඇත්ත නැත්ත නිසා නොවේ.
මෙයාලාගේ කාලේ කී දෙනෙක්ගේ දේපල රාජසන්තක කරලා පස්සේ එයාලාගේම අයට කොල්ලාකාගත්තාද?