IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පියාගේ මරණය සම්බන්ධයෙන් පුතා අත්අඩංගුවට

(ජුඩ් සමන්ත) 

සිය නිවසේ සිටියදී අභිරහස් ලෙස මිය ගොස් ඇති අයෙකුගේ මරණයක් සම්බන්ධයෙන්  ඔහුගේ පුතෙකු අත්අඩංගුවට  ගත් බව පොලීසිය පවසයි.

අද (04)  අලුයම  පුත්තලම පොලිස් වසමේ මුල්ලිපුරම් ප්‍රදේශයේදී මෙම මරණය සිදුවී ඇත. මරණයට පත්ව ඇත්තේ මුල්ලිපුරම් පදිංචිව සිටි මොහොමඩ් නිශාම් (අවු:62) නම් අයෙකි.

මිය ගොස් ඇති අය වයස අවුරුදු 39 ක් වන තම පුතා සමඟ නිවසේ සිට ඇත. නිවසේ සිටි පුතා විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබා දී ඇති තොරතුරක් අනුව පොලීසිය විසින් එම නිවසට ගිය අවස්ථාවේදී නිදි යහනේම මිය ගොස්  ඔහුගේ සිරුර හමු වී තිබේ.

සිරුර තිබූ ස්ථානයේ ගලක් තිබී ඇත. කිසියම් අයෙකු තම පියාගේ හිසට ගලකින් පහර දී ඝාතනය කර ඇති බව පුතා විසින් පොලීසියට පවසා ඇත. 

නමුත් එම ගලේ ලේ පැල්ලම් නොතිබීම නිසා පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන විට නිවස ආසන්නයේ ඇති ළිද අසළ ලේ පැල්ලම් කීපයක්  තීබි ඇති අතර ළිද තුළ පිහියක්ද ඇති බවද පොලීසිය පවසයි.



අදහස් (0)

පියාගේ මරණය සම්බන්ධයෙන් පුතා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site