(නිමන්ති රණසිංහ)
මෝටර් රථයක් සිටි පෙම් යුවළක් බිය වද්දා රුපියල් 5000/- මුදලක් බලෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය අත්අඩංගුවට ගත් නාරාහේන්පිට පොලීසියේ කොස්තාපල්වරුන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 23 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.
සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් නිතීඥවරුන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ අධිකරණය එලෙස සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේය.
නාරාහේන්පිට ප‍්‍රදේශයේ දී බදාදා (11) රාතී‍්‍ර 8.30ට පමණ මෙම නවතා තිබූ මෝටර් රථයක් තුළ සිටි පෙම්වතුන් යුවළකගෙන් මෙම සැකකරුවන් අදාළ මුදල ඉල්ලා ලබාගෙන ඇතැයි පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රුපියල් 5000 මුදල ගන්න ඇත්තේ ආණ්ඩුවෙන් පනවපු අලුත් බද්දක් වෙනුවෙන් කියලා මට හිතෙනවා. බද්ද නම් කරයි "ආදර බද්ද " කියලා.
පොලිස්සිය මේවගේ වැඩ තමයි කොරන්නේ