IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


පෙම්වතා සමඟ එක්ව මිත්තණිය මරා ප්‍රපාතයකට විසි කරලා

(කටුගස්තොට ධම්මික ගුණවර්ධන, ගලහ ඩබ්ලිව්.ඒ. අසේල සහ මහනුවර ජේ.ඒ.එල්. ජයසිංහ)

තම ආච්චිඅම්මා ඝාතනය කර මළ සිරුර නිවසේ සිට කිලෝමීටර් 28 දුරකට රැගෙන ගොස් ප්‍රපාතයකට විසි කළ බව කියන 17 හැවිරිදි මිනිබිරියක සහ ඇගේ පෙම්වතා සැකපිට අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ කටුගස්තොට, කහල්ලේ, හුංගන්තොට පදිංචිව සිටි දෝන කාන්ති කුමාරි සෙනෙවිරත්න (67) නමැති තිදරු මවකි.

තම දරු තිදෙනා විවාහ වී නිවෙසින් බැහැරව ඈත පළාත්වල ජීවත්වන නිසා මියගිය කාන්තාව පොලොන්නරුවේ ජීවත්වන තම වැඩිමහල් දියණියගේ දියණියක් තමාගේ තනියට ගෙදර නතර කරවා ගත් මියගිය කාන්තාව ඇය කටුගස්තොට, නවයාලතැන්නේ පාසලකට යවා ඇති අතර ඇය උසස් පෙළ අධ්‍යාපනය ලබන බවද පොලිසිය පවසයි.

මේ අතර මෙම මිනිබිරිය කටුගස්තොට නගරයේ පාසලක ඉගෙනුම ලබන 18 හැවිරිදි සිසුවකු සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන තිබෙන අතර පසුගිය 24 වැනිදා ඔහු තම කාමරයට ගෙන්වාගෙන ඇත. රාත්‍රී කාලයේ ඇය සමග කාමරයේ ගතකළ සිසුවා පසුදින උදේ නිවසින් පිටවන අවස්ථාවේ පෙම්වතියගේ ආච්චි අම්මාට හසුවීම නිසා ඇතිවූ බහින්බස්වීමකදී ඇයට පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික පරික්ෂණවලින් හෙළිවූ බව පොලිසිය පවසයි.

පහරදීමෙන් මරණයට පත්වූ තම ආච්චි අම්මාගේ සිරුර ඇඳ යට සඟවා තැබූ මේ දෙදෙනා අසල්වාසී කිසිවකුට නොදැනෙන සේ සිරුර වෙනත් ප්‍රදේශයකට රැගෙන යෑම සඳහා පෙම්වතියගේ හිතවතකුගෙන් අඳුරු වීදුරු සහිත මෝටර් රථයක් කුලී පදනම මත ලබාගෙන ඇති බවද පරික්ෂණවලදී හෙළිවී ඇත.

නිවෙස ආසන්නයේ සවිකර ඇති සී.සී.ටී.වී. කැමරාවකට හසු නොවන සේ මෙම කටයුතු කිරීමට මේ දෙදෙනා ක්‍රියාකර ඇති බව පෙනීයන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. මෝටර් රථයේ අංක තහඩුද ගලවා දැමීමට සැකකරු සහ සැකකාරිය ක්‍රියා කර ඇත.

මෝටර් රථය නිවෙසට රැගෙන එන අවස්ථාවේ එය පාරෙන් ඉවතට පැන අනතුරක් සිදුවී ඇති අතර එය යළි සකසා ගැනීමට ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකුගේද සහාය ලබාගන්නා ආකාරය අසල ආරක්ෂක කැමරාවක සටහන්වී ඇතැයි පොලිසිය පවසයි.

ආච්චි අම්මා ඝාතනය කළ දිනට පසු දින රාත්‍රී 12 ට පමණ මේ දෙදෙනා ආච්චි අම්මාගේ මළ සිරුර සහ ලේ තැවරුණ ඇඳුම් ආයිත්තම් ආදිය මෝටර් රථයේ දමාගෙන පිටත්ව ගොස් ඇති අතර අතරමගදී රථයේ අංක තහඩු සවිකරගෙන ඇත.

හන්තාන, කිතුල්මුල්ල ප්‍රදේශයට ගිය මේ දෙදෙනා එහි ජන ශූන්‍ය ප්‍රදේශයක දී සිරුර ප්‍රපාතයකට පෙරළා ඇතත් එය අතරමග නැවතීම නිසා දෙදෙනාම එක්වී එය යළිත් ප්‍රපාතයට තල්ලුකර දමා ඇති බවද පරික්ෂණවලදී හෙළිවී ඇත.
පසුව දෙදෙනා ආපසු කටුගස්තොට නිවස බලා එද්දී ලේ තැවරුණු රෙදි මහනුවර නගරයේ කාණුවකට විසිකර ඇති අතර රාත්‍රී භෝජනාගාරයකින් රාත්‍රී ආහාර ගෙන මෝටර් රථය තුළම රැය පහන් කර ඇත.

උදෑසන නිවෙසට ආ සැකකාර මිනිබිරිය ආච්චිඅම්මා නිවසේ නැති බව හඬා වැළපෙමින් අසල්වාසීන්ට පැවැසීමත් සමග ඇය සොයා බැලුවත් කිසිදු හෝඩුවාවක් දැනගැනීමට නොහැකි වූ නිසා තෙල්දෙණියේ ජීවත්වන ඝාතනයට ලක්වූ කාන්තාවගේ සොහොයුරියකගේ දියණියක් මේ පිළිබඳව කටුගස්තොට පොලිසියට පැමිණිලි කර ඇත.

පසුව හෝඩුවා කිහිපයක් ඔස්සේ පරික්ෂණ පැවැත්වූ පොලිසියට කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ නිසා මිනිබිරියගෙන් හා ඇගේ පෙම්වතා වන පාසල් සිසුවාගෙන් වෙන වෙනම ප්‍රශ්න කර ඇත. ප්‍රශ්න කිරීමේදී ඔවුන් පරස්පර උත්තර දීම නිසා වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සිද්ධිය සම්බන්ධයෙන් සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.

ඒ අනුව ඝාතනයට ලක්වූ තිදරු මවගේ මිනිබිරිය සහ ඇගේ පෙම්වතා අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මධ්‍යම පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර, සහකාර පොලිස් අධිකාරි (2) කීර්ති රණවීර මහතාගේ මෙහෙයවීමෙන් කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජයන්ත සමරකෝන්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක බණ්ඩාර, නොවිසඳුණු අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක කුලසේන, කාන්තා උපපොලිස් පරික්ෂිකා දිලේකා, සැරයන්වරුන් වන අබේරත්න (47354), බෝගහලන්ද (25595), දයාරත්න (10459), ආනන්ද (21149), වොල්ටර් (32571), කාන්තා පොලිස් සැරයන් සමන්ති (2056), කොස්තාපල්වරුන් වන මිගාර (19778), ඒකනායක (43621), බණ්ඩාර (83271), උඩුවාකන්ද (21159), ආනන්ද (19778), කාන්තා පොලිස් කොස්තාපල් අතුකෝරල (9086) යන මහත්ම මහත්මීහු වැඩිදුර පරික්ෂණ පවත්වති.



අදහස් (9)

පෙම්වතා සමඟ එක්ව මිත්තණිය මරා ප්‍රපාතයකට විසි කරලා

Suran Monday, 02 July 2018 07:51 AM

චිත්‍රපටියක් බැලුවා වගේ මේක කියෙව්වහම...

:       8       72

rohan Monday, 02 July 2018 09:19 AM

ඔන්න ඕක තම නව පරපුරේ හැකියාව සාරධර්ම ගුණධර්ම සියල්ල පිරිහිලා අාගම දහමට නැඹුරුවක් නැහැ ඔහේ හැදෙනම් වාලේ හැදෙනවා....... මෙහෙම සමාජයක් ද අපි ප්‍රර්ථනා කරන්නේ මෙවට වරද දෙමපියන් විතරක් නෙවේ අද රටේ තියන් පාලනයත් ඒවගෙන් ලැබෙන ආදර්ශය නිසා දරුවන් වරදට පෙළඹෙනො නිතිය ක්‍රියාකරන්නේ ඇති හැකි එකට වෙන විදියක් නැති බැරි එකට තව විදියක් රට ගඳ ගහනව මේ වගේ පාපතර නොමිනිසුන් නිසා.

:       62       267

RaveendraMonday, 02 July 2018 12:54 PM

රොහාන් මයාවෙත, ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. කවුරු කෙසේ කීවත් අප ජීවත් වන සමාජය ඉතාමත්ම පහත් මට්ටමකට වැටී ඇතිබවට මෙයත් එක උදාහරණයකි. මෙවන් සමාජ පිරිහිම්වලට අද රටේ හතු පිපෙන්නා සේ ඇති "එක එක ගුවන්විදුලි මෙන්ම එක එක රුපවාහිනී නාලිකාවලත් ", ඍජුවම මේ සමාජ අපගමනයට වගකිව යුතුය. එයට හොඳම උදාහරණය වන්නේ කොහෙවත් නැති අර්ථශුන්‍ය කසිකබල් ටෙලි ඩ්රාම මෙන්ම අර ඇෆ්.ඇම්. මේ ඇෆ්. ඇම්. වැනි දේවල් ද කිවහැක.

:       0       194

සේපාල Monday, 02 July 2018 09:54 AM

දැන්වත් පිළිගන්නවද අපේ රටට හිට්ලර් කෙනෙක් ඕනෙ කියලා. හිට්ලර් හිටියා නම් අද මේ පෙම් යුවල නුවර ටවුම මැද ප්‍රසිද්ධියේ එල්ලල මරනවා. හිට්ලර් එක්ක මේවා මුකුත් බැහැ.

:       326       91

අසංක Monday, 02 July 2018 11:21 AM

හිට්ලර්ගේ අයියාගේ කාලෙත් සුදු වෑන් වලින් උස්සල මැරුවා. නමුත් ඡන්දෙන් පරාදයි.

:       262       389

EsalaMonday, 02 July 2018 11:39 AM

දැක්කද සුදු වෑන්වලින් උස්සනවා. කියන්නම් වාලේ කියවන්න එපා. ඒ මනුස්සයා නිසා තමයි අදටත් මර බිය නැතිව අපි පාරෙ බැහැලා යන්නේ...

:       183       189

sahan Monday, 02 July 2018 09:56 AM

හේතුව බුදුදහම ලංකාවේ වැඩ කරන්නේ නැති එක... අපි ලංකාවට හොඳ ආගමක්, ඉන්දියාවෙන් ආයිමත් ආනයනය කරමු.

:       121       205

LashanTuesday, 03 July 2018 01:14 AM

ඔබ කියපු එක හරි කාටවත් පිළිතුරක් දෙන්න බෑ බුදුධහමෙන් ලංකාවට මොනවද ලැබුනේ කියලා ඇහුවම.

:       51       73

BamunuarachchiTuesday, 03 July 2018 11:59 AM

මොලේ හොඳ නැහැ වගේ. බුදුදහමට වඩා දෙයක් ලෝකේ වෙන කොහෙවත් නැත. දැන් ඉන්දියාවෙන් ගෙවන්න හොඳ දෙයක් ඉතිරිවෙලා නැත. ත්‍රීවීලර් සහ ත්‍රස්තවාදයත් ගෙනාවනේ ...

:       112       145

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1475 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1320 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site