(පාලිත ආරියවංශ )
වැලිමඩ ප්‍රධාන බස්නැවතුම්පොළේ දී ලංගම බස් රථයකට යටවි බරපතල තුවාල ලැබූ 51 හැවිරිදි කාන්තාවක් වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව වැලිමඩ පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ බොරන්ද ගොවිපලේ සේවය කළ අඹගස්දෝව බලගල ,වැරැල්ලහින්න පදිංචිව සිටි වාරණදුරයලාගේ ඉන්ද්‍රා නමැති කාන්තාවකි.
කැප්පිටිපොල ඩිපෝවට අයත් හපුතලේ - වැලිමඩ බසයෙන් පැමිණි ඇය බසයෙන් බැස ඉදිරියට යද්දි එම බසයේම හැපී රියදුරු අසුන පැත්තේ රෝදයට යටවී මෙන් මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය සඳහන් කරයි.
අනතුර සිදුකළ බසය සමඟ එහි රියදුරා සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කරයි.
බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත වැලිමඩ පොලිස් ස්ථානාධිපති එච්.එම්.ඩබ්ලිව් .හේරත් මහතාගේ මෙහෙයවීමෙන් වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැමිණි බසයටම යට වී කතක් මරුට