IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


පිපිරවීම්වලට සම්බන්ධ දෙදෙනක් දඹුල්ලේදී සැක පිට අල්ලයි

(කාංචන කුමාර ආරියදාස)
 

බෝම්බ පිපිරවීම් සිද්ධියට සම්බන්ධ බවට දඹුල්ල නගරයේ ලැගුම්හලක් අසළ රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු සැකපිට  අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.
 
මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා  මාවනැල්ල ප්‍රදේශයේ සහ කටුපොත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ එක්තරා සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක ක්‍රියාශීලී ප්‍රබල සාමාජිකයන් බවයි.
 
දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාට පෞද්ගලික ඔත්තුකරුවෙකු මඟින් මෙම තොරතුරු ලැබීමත් සමඟ දඹුල්ල පොලිස් කණ්ඩායමක් දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි ලැගුම් හල ආසන්නයේදී මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
 
මාවනැල්ල  ප්‍රදේශයේ පසුගියදා සිදුවූ ආගමික ගැටුමක ප්‍රධාන සැකකරුවෙකු බවද පොලිසිය මෙන් එක් අයෙකු හදුනාගෙන තිබේ.
 
එමෙන්ම සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක නායකයෙකු ලෙස හඳුනාගත් අයෙකුගේ ළඟම ඥාතියෙකු අනිත් පුද්ගලයා බව හෙළි වී තිබෙන අතර ඔවුන්ගෙන් එකිනෙකාට පරස්පර  ප්‍රකාශ ලබා දීම සිදුවන බව පොලිසිය කියයි.
 
සැකකරුවන් දෙදෙනා දඹුල්ල පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  දැනුම් දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දඹුල්ලට පැමිණ සැකකරුවන් දෙදෙනා කොළඹට රැගෙන යෑමට පියවර ගත්තේය,
 
මේ අතර දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා දඹුල්ල පොලිසියට උදෑසන පැමිණ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ලේ ආරක්ෂාව තර කරන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කිරීමක්ද කර තිබේ.
 
 සැකකරුවන් දෙදෙනා   මාවනැල්ල ප්‍රදේශයේ ආගමික ගැටලුවත් සමග මාස තුනක පමණ කාලයක් සැඟවී සිටි පුද්ගලයන් බවද ඔවුන් සිදුවූ පිපිරීම් සිද්ධියත් සමඟ එම සැගවී සිටි ප්‍රදේශයෙන් කාතන්කුඩි ප්‍රදේශයට යන අතරදී පොලිස් ඇදිරිනීතිය පැනවීමත් සමඟ දඹුල්ලේ නැවතී පසුදින ගමන් කිරීමට සැලසුම් කර ඇති බව  පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ



අදහස් (1)

පිපිරවීම්වලට සම්බන්ධ දෙදෙනක් දඹුල්ලේදී සැක පිට අල්ලයි

Sapumal. Monday, 22 April 2019 09:49 AM

දඹුල්ල මුලස්ථාන පො.ප.තුමා ඇතුළු වැටලීම සිදුකල සැමට අපගේ ස්තුතිය. මේ විනාශකාරී අන්තවාදී මිනීමරු කල්ලි විනාශ කොට සාමය උදා කිරීමට අපගේ ආරක්ෂක අංශ වලට ශක්තිය හා ධෛර්යය ලැබේවා !!!

:       3       73

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 536 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 321 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site