රොමේෂ් මධුෂංඛ සහ සිතුම් චතුරංග
මුලතිව් මහෙස්ත‍්‍රාත් අධිකරණ භූමියේ සිරකුටිය බිඳ පැනගිය සිරකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනකු මුලතිව් සෙල්වපුරම් කැළෑ ප‍්‍රදේශයක සැඟවී සිටියදී අද (8) අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලිසිය කියයි.
මිනි මැරුම් චෝදනා ලැබ බන්ධනාගාර ගතකර සිටි සිරකරුවකු , නිවසක් ගිනිතැබීම් සිද්ධියක් සම්බන්ධයෙන් හා ගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ සිරකරුවන් සිව්දෙනකු මුලතිව් මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සිරකුටියෙහි රඳවා සිටියදී යකඩ කම්බි කඩා පැනගොස් සිටි බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් සිව්දෙනා වවුනියාව රිමාණ්ඩ් බන්ධනාගාරයේ සිට මුලතිව් මහෙස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු කටයුතු සඳහා රැගෙන ගොස් යළි බන්ධනාගාරය වෙත රැගෙන යාමට සිටියදී මෙලෙස පැනගොස් සිටි බවද කීය.
2025 දෙසැම්බර් මස 30
129
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
754
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පැන ගිය රැඳවියන් සිව් දෙනාගෙන් දෙදෙනෙක් අත්අඩංගුවට