(නිමල කොඩිතුවක්කු)
ඉදිරියේදී පාන් පිටි සඳහා විශේෂ බද්දක් පැනවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අතිරික්ත සහල් නිෂ්පාදනය හමුවේ එවැනි තීරණයක් ගැනීමට සිදුවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පාන්පිටි වලට අවශ්‍ය තිරිඟු ගෙන්වීම සඳහා රජය විශාල මුදලක් වැය කරන බවත් රාජගිරිය පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ අද (26) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව පැවසිය.
තිරිඟු පිටිවලට අමතරව විදේශ රටවලින් ගෙන්වන පලතුරු, බී ලූණු, අර්තාපල් බඬ ඉරිඟු ආදි ආහාර ද්‍රව්‍ය සඳහා ද ඉදිරියේදි බදු පැනවීමට කටයුතු කරන බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ගොවින් දිරිගැන්වීම සඳහා මෙම තීරණය ගත් බවද කෘෂිකර්ම අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාන්පිටි වලට බද්දක්
pissa Thursday, 26 July 2018 03:33 PM
නියමයිනේ
සෙනෙවි Friday, 27 July 2018 10:17 AM
ආපහු එන්නකෝ ඡන්දේ ඉල්ලගෙන