(ඉන්දිකා රාමනායක සහ නිමන්ති රණසිංහ )
පානදුර එළුවිල මුස්ලිම් පල්ලියට ප‍්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සරසවි සිසුවකු අද (19) කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කියයි.
මෙම සැකකරු සබරගමුව විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුවෙක් බවත් ඔහු නීතිඥවරයකු මාර්ගයෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බවත් වාර්තාවේ.
සැකකරු ඇතුළු පිරිසක් ඉකුත් මැයි 17 වැනිදා එළුවිල මුස්ලිම් පල්ලියට ප‍්‍රහාර එල්ල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.
එම පරීක්ෂණ අනුව මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනකු මීට පෙර අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 30 දක්වා රිමාන්ඞ් බාරයට පත්කර ඇත.
එම සැකකරුවන් පස් දෙනා අතර භික්ෂුන් වහන්සේ නමක්, පොලිස් කොස්තාපල්වරයෙක්, මුස්ලිම් ජාතිකයින් දෙදෙනකු හා ද්‍රඩිඩ ජාතිකයෙක් සිටින බවද පොලිසිය කියයි.
COMMENTS
යකෝ.. ළග ඉදලත් අපි දන්නෙ නැහැනෙ මෙහෙම දෙයක් වෙලා කියල. ... මමත් දැනගත්තේ පත්තරෙන්...
පුජනිය ස්ථානකට පහරදීමෙන් හෝ ආගමකට නිග්‍රහා කිරීමෙන් මේ දැන උගත් කල්ලිය බලපොරෝතුවන ප්‍රතිපලය කුමක්ද.සියලුම ආගම් වසර දෙදහකට වඩා පැරණිය.ඉතින් මේ මොළ කට්ටිය පුජනිය ස්ථානයකට ගලක් ගහලා, අදහන්නන්ට රිද්දවලා, මොක්කක් බලාපොරොතු වන්නේ? මම මේ සදහන් වන සකකරුන්ට විශේෂයෙන්ම දොස් පවරනවා නොවේ, ඒ අය තවම සැකකරුවන් පමණයි.
මේ කිසි ආගමික පීඩාකාරී ක්‍රියාවක් අනුමත කරන්න බෑ. ඒත් අද ඊයේ අටවපු ඕනෑම යාඥා මඩුවකට දෙල් ගෙඩියක් වැටුනත් පොලිසිය හරිම උනන්දුයි හොයල බලල දෙල් ගහ ලඟින් ගිය කෙනෙක් හරි කුදලන් ගිහින් හිරේ දාන්න. හැබැයි අවුරුදු දහස් ගණන් පරණ බෞද්ධ සිද්ධස්ථාන වනසද්දී දන්නෙත් නෑ, දකින්නෙත් නෑ! පුදුම සහජීවනයක්, පුදුම සංහිදියාවක්!
"එම සැකකරුවන් පස් දෙනා අතර භික්ෂුන් වහන්සේ නමක්, පොලිස් කොස්තාපල්වරයෙක්, මුස්ලිම් ජාතිකයින් දෙදෙනකු හා ද්‍රඩිඩ ජාතිකයෙක් සිටින බවද පොලිසිය කියයි" ඒ කියන්නේ සිංහලයන්ට විතරක් නෙමෙය් අනෙකුත් සුළු ජාතීන් දෙකටත් මේ මුස්ලිම් පල්ලි හැමතැනම අටවන එක එපා වෙලා තියෙන්නේ. එතින් මේ ආණ්ඩුව බොරුවට "සහජීවන " මන්ත්‍රය මතුර මතුර ඉන්නේ නැතුව පාර්ලිමේන්තුව තුල පනතක් හෝ සම්මත කරගෙන මේ අන්තවාදී පල්ලි සැදීම නතර කල යුතුයි.
චන්දන මහත්තයා, ඕකෙන් කියවෙන්නේ පල්ලි එපාවෙලා කියන එක නෙමෙයි, මෙයාල එක කල්ලියක්, ජාතින් අතර තියෙන සහජිවනේ නැති කරන්න මෙයාල එකතුවෙලා ඉන්නේ. එකිනෙකා අතර තොරතුරු හුවමාරු කරගෙන දෙපැත්තටම එකතුවල ප්‍රශ්න ඇති කරනවා. කරුණාකරලා ඕක හරියට තේරුම් ගන්න.
අලුතෙන්ම ඇති වෙලා තිබෙන පල්ලි පන්සල් ව්‍යාපාර වලට බෝම්බ ගැසීම ගිනි තැබීම වැනි ක්‍රියා මගින් ජනවර්ග අතර අර්බුදකාරී තත්වයක් ඇති කරලා නැවත වතාවක් සිවිල් යුද්ධයක් කරා ගෙන යාමට ඇතැම් උදවියට උවමනා වී තිබෙන බවක් පෙනෙන්න තියෙනවා, මීට කලින් ඇති කල සිවිල් යුද්ධය ආරම්භයේ තිබුනෙත් මේ අන්දමේ ම වාතාවරනයක්මයි, එහිදීත් දේශපාලනඥයන් ප්‍රසිද්ධියේම මිනිසුන් කුපිත කරවමින්,ඒවාට අනුබල දෙමින්, රට ව්‍යසනයකට ඇද දැමුවා, ඉතින් ආයෙත් එවන් අර්බුදයක් ඇති කළහොත් මේ රට සිරියාව ඉරාකය මෙන් නටඹුන් වී වැනසෙනවා, ඉතින් කුමන හෝ මිලක් ගෙවා කිසිදු අනුකම්පාවකින් තොරව මේ අලුත් ත්‍රස්තවාදය මුල් කාලයේදීම වනසා දැමිය යුතුමයි, එයට ත්‍රස්තයා සිංහලද දෙමළද මුස්ලිම් ද කියන ඒක වැදගත් නැහැ, වැදගත් වන්නේ මේ රටේ ජනයාට,සමගියට,ආර්ථිකයට මේ ත්‍රස්තයන් අනතුරක් බවයි. එනම් මොවුන් ත්‍රස්තවාදියෙක් විනා අපේ හෝ උන්ගේ හෝ කියා හොඳ අයෙකු,නරක අයෙකු ලෙස වර්ග කල නොහැකි බවයි,