රංජන් කස්තුරි
පළාත් පාලන මැතිවරණය ඔක්තෝබර මාසයේදී ද සබරගමු, නැගෙනහිර සහ උතුරු මැද පළාත් සභා මැතිවරණය දෙසැම්බර මාසයේදී ද පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීවේය.
එහෙත් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය හැක්කේ ‘පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී ඉතා ඉක්මණින් සම්මත වුවහොත් පමණකැයි ද දේශප්‍රිය මහතා පැවසීය.
‘මැච් එක ගහන්න නම් පිට්ටනිය සකස් විය යුතුයි. පිට්ටනිය සකස් කළ යුත්තේ පාර්ලිමේන්තුවයි.‘ ද දේශප්‍රිය මහතා කීවේය.
(වීඩියෝ - අතුල දේවප්‍රිය)
COMMENTS
ඉස්සරනම් ඔලුවට වෙඩි තියන්න කතාව, දැන් කොහොමද මිනිස්සුන්ගේ ඡන්ද අයිතිය අවුරුදු ගානක් තිස්සේ උල්ලංගනය කරලා තියෙද්දී කියන කතා. ඔය පනත ගේන්නෙත් නෑ, බහුතර බලයක් තිබ්බට සම්මත කරන්නෙත් නෑ 2020වත් වෙනකන්. මේ තියන තත්ත්වේ යටතේ ඡන්දයක් තිබ්බොත් ඇපත් නැතිවෙන බව යහපලකයන දන්නවා. ඉතින් කරන්නේ ජනතාවගේ ප්‍රජතන්ට්‍රවාදී අයිතිය අහුරන එකයි, යහපාලන බයිලය ගසමින්.
පිට්ටනි හදනකොට තව අවුරුදු තුනක්වත් ගත වේ නැද්ද මන් කියන්නේ
ජනතාවගේ නිදහස යලි දුන්න කියමින් බලයට අාපු මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර වාදී භාවයේ ඉහලින්ම තියෙන මැතිවරණ නවතා තිබීම ජනතාවගේ නිදහස නැතිකරලීම නොවේද ?. පැහැදිලි ඒකාධිපතිවාදය තියෙන්නේ අද .
ඔබතුමා කාගෙවත් අතකොළුවක් නොවී ඡන්දය තියන්න. මුළු රටම බලන් ඉන්නවා ඡන්දයක් එන තුරු.. එහෙම බැරිනම් ප්‍රකාශයක් කරලා ගෙදර යන්න. ඡන්ද තියන්න ආණ්ඩුව ඉඩ දෙන්නේ නැහැ කියලා.. නිකන් ජනතාවට විහිළු සපයන්නේ නැතුව..... හිටියනම් තමයි හොඳ...
ඔතන සෙල්ලම මේකයි. කොට්ඨාශ ක්‍රමයට ඡන්දේ තිබ්බම සුළු පක්ෂ විසිවෙනවා. ප්‍රධාන පක්ෂ කිහිපයකට විශාල බලයක් එනවා. ඒ වගේම අලුත් ක්‍රමයට මන්ත්‍රීවරු ගණනත් වැඩි වෙනවා. ඒ වාසිය නිසා අලුත් ක්‍රමයටම ඡන්දේ තියන්න. ප්‍රධාන පක්ෂ එකඟ වෙලා ඉන්නේ. ඡන්දේ ඉල්ලා කවුරුහරි හඬ නඟනවා නම් කළ යුත්තේ පනත ඉක්මනින් පාර්ලිමේන්තුවට ගේන එකට හඬ නඟන එක.