(ටෝනි කරුණානායක)
මීරිගම කල්එළියේ දී පිහියෙන් ඇන පුද්ගලයකු ඝාතනයට වරදකරුවූ විත්තිකරුවකුට ගම්පහ මහාධිකරණය අද(22) මරණ දඬුවම් නියම කළේය.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා එසේ මරණ දඬුවම නියම කරනු ලැබුවේ කල්එළිය, දම්පිල්ලෑවේ පදිංචි මොහොමඩ් රාසික් මොහොමඩ් මුනව්වර් හෙවත් සීනු (62) නමැත්තාටය.
1994 මාර්තු 24 වැනිදා සිදුකළ ඝාතනයක් සම්බන්ධයෙන් විත්තිකරුවන් 6 දෙනකුට එරෙහිව ගම්පහ මහාධිකරණයේ නඩු පවරා තිබූ අතර නඩු විභාගය අතරතුර දී දෙදෙනකු මියගොස් ඇති අතර විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව චෝදනා ඔප්පු නොවීම හේතුවෙන් අධිකරණය විසින් ඔවුන් නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.
COMMENTS