( අමදෝරු අමරජීව)
පෞද්ගලික සමාගමකට බදු දි ඇති හම්බන්තොට වරායේ භාණ්ඩ ගොඩ බෑමේ මෙහෙයුම් කටයුතු එම පෞද්ගලික සමාගම අඩු මිල ගණන් යටතේ සිදු කිරිමෙන් ශ්‍රි ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමලය වරායේ භාණ්ඩ ගොඩ බෑමේ මෙහෙයුම් කටයුතු වලට බලපෑමක් එල්ලවි ඇතැයි වරාය වෘත්තිය සමිති පෙන්වා දෙයි.
ලංකාවේ ඇති සිමෙන්ති කම්හල් සදහා ගෙන්වන “ලින්කර්“ නැමැති අමුද්‍රව්‍ය මෙතෙක් ගොඩබෑම සිදුකළ ත්‍රිකුණාමලය වරායේ මෙහෙයුම් වලට ඇති මිල ගණන් වලට වඩා අඩු මිල ගණන් යටතේ මෙම මෙහෙයුම් කටයුතු හම්බන්තොට වරායේ සිදුකිරිම නිසා ත්‍රිකුණාමලය වරායට පැමිණිමට තිබු ලින්කර් නෞකාව හම්බන්තොට වරායට සේන්දුවිමෙන් වරායට ලැබිය යුතු විශාල ආදායමක් අහිමි වි ගොස් ඇතැයි එම වෘත්තිය සමිති පෙන්වා දෙයි.
ත්‍රිකුණාමල වරායේ භාණ්ඩ ගොඩබෑමේ මෙහෙයුම් වලින් 98% ක් ලින්කර් නැමැති අමුද්‍රව්‍ය ගොඩබෑම මෙතෙක් සිදුකරගෙන ගොස් තිබු අතර මාසයකට නෞකා 10ක් ත්‍රිකුණාමලය වරායට සේන්දු වි තිබුණි.
ලින්කර් ගොඩ බෑමට නැව් හම්බන්තොට වරායට යෑමෙන් වරාය අධිකාරියට නැතිනම් රජයට වාර්ෂිකව අහිමිවි යන ආදායම රුපියල් මිලියන 150ක් බවද පෙන්වා දෙයි.මාසයකට ත්‍රිකුණාමල වරායෙන් ලින්කර් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගොඩබෑම මේ නිසා නැවති ඇතැයි කියති.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ශ්‍රි ලංකාව රයා අධිකාරියේ ත්‍රිකුණාමලය නේවාසික කළමණාකාර කේ.ඒ.කේ.එම්.ඩබ්.වීරසිංහ මහතා පැවසුවේ ලින්කර් ගොඩබෑමට ත්‍රිකුණාමලය වරායට සේන්දු වීමට නියමිත ව තිබු නෞකාව හම්බන්තොට වරායට සේන්දුවිම ඇති බවයි.මෙය දිගටම පැවතිය හැකි බවද නේවාසික කළමණාකාරවරයා වැඩිදුරටත් කීය.



2025 දෙසැම්බර් මස 30
145
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
764
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පෞද්ගලික සමාගම් නිසා ත්‍රි‘මලේ වරාය කටයුතුවලට බාධා
saminda Tuesday, 03 April 2018 11:27 AM
කොහොම වුනත් ත්‍රීකුණාමල වාරයේ සේවකින්ට මෙහෙම වෙන්නත් ඕන
bandula Tuesday, 03 April 2018 12:36 PM
ඉතින් ඕගොලලොත් ගණන් අඩු කරන්න. වැඩ නොකරන පන්දන්කාරයෝ අස් කරලා ලාභ ගන්න. තරඟකාරී වෙළඳාම කියන්නේ ඕක තමා
sanka Tuesday, 03 April 2018 02:16 PM
මේක ලින්කර් නෙමේ, ක්ලින්කර්. සිමෙන්ති හදන්න ගන්න මුලික දේ .
Onl Tuesday, 03 April 2018 02:33 PM
හම්බන්තොට චීන්නු හැදුවා, ඒ අයම ගත්තා දැන් ඒ අය ඒකෙන් උපයනවා. අපේ අය ඒක විකුනලා දැන් අඬනවා
himal Tuesday, 03 April 2018 02:39 PM
ඕක තමයි කාර්යක්ෂමතාව කියන්නේ. ඒ සමාගම කොහොමද අඩු වියදමකින් සේවාව සපයන්නේ කියලා හොයලා බලලා ඒ ක්‍රමය ඉගෙන ගත්තා නම් හරිනේ.