ඉන්දිකා රාමනායක
පුද්ගලයින් වෙඩි තබා ඝාතනය කිරීම, ව්‍යාපාරිකයින් බිය ගන්වා කප්පම් ගැනීම, ඇතුලු පාතාල ක්‍රියාකාරකම් මැඩලීම සඳහා පාතාල නායකයින් වන අංගොඩ ලොක්කාගේ සහ සමයංගේ ගෝලයින් සොයා විශේෂ කාර්ය බලකාය අද (26) තලංගම, අතුරුගිරිය හා යක්කල යන ප්‍රදේශ වල මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව විශේෂ කාර්ය බලකාය කියයි.
මෙම අපරාධ අංගොඩ ලොක්කාගේ සහ සමයංගේ ගෝලයින් විසින් මෙම අපරාධ සිදුකරන බවට හෙළි වී ඇති තොරතුරු මත විශේෂ කාර්ය බලකායේ අනදෙණ නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම් ක්‍රියාත්මක තර තිබුණි.
අතුරුගිය, පෝරේ, තලංගම, මාලඹේ හා යක්කල ප්‍රදේශව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවත් සැකකරුවන් ගේ නිවාස කිහිපයක් පරීක්ෂා කළ ද එම අවස්ථාවේ සැකකරුවන් නිවෙස් වලින් පැනගොස් සිටි බව විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
සැකකරුවන්ගේ නිවෙස් පරීක්ෂාවට ලක් කළ භට පිරිස් සැකකරුවන් සම්බන්ධයෙන් ඥාතීන්ට තරයේ අවවාද කර තිබේ .
අපරාධ මර්ධනය කිරීම සඳහා මෙම මෙහෙයුම් දිගින් දිගටම සිදුකරන බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
විශේෂ කාර්ය බලකාය භට පිරිස් මේ වසරේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් වලින් පාතාල සාමාජිකයකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවකු වන දඩල්ලගේ මංජු නැමැත්තා වෙඩි වැදී මියගිය අතර, මධුෂ් , ආමි සම්පත්, අංගොඩ ලොක්කා, සමයං ,දඩල්ලගේ මංජු නැමැති පාතාල සාමාජිකයන්ගේ ගෝලයින් 20 ට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි.
මොවුන් අතර මධුෂ්ගේ ගොලයෙක් වන චින්තක, පෑලියගොඩ බැරල් සංක, කටානේ දිනුක, ග්‍රෑන්ඞ්පාස් හි පොඩි උණ, කැලණියේ හුනා, මෝදර සාරංග, කුඩු නුවන්, යන කිහිප දෙනෙක් ඔවුන් අතර සිටින බව විශේෂ කාර්ය බලකාය කියයි.
මෙම වසරේ ගත වු මාස 3 ක කාලය තුළ මෙම කල්ලි විසින් සිදුකළ වෙඩි තැබීම් වලින් පුද්ගලයින් 15 දෙනකු පමණ ඝාතනය ලක් ව තිබුණි.
COMMENTS
මුලින් උපුටා දැමිය යුතුයි...
මැදමුල පැත්තේ එහෙම යනවා නෙවේ. දැක්කනේ බයිසිකලෙන් ඉල්ලුවත් නාගයාගෙන් ඉල්ලුවත් පොල්ලෙල්ලෙන් ඉල්ලුවත් ලොක්කගේ රූපකාය පෙන්නපු හැටියේ "ජහමනයා' වශී වෙලා කතිරේ ගහපු හැටි. 2020 දී පොල්ලෙලි ඕන වෙන්නේ නැහැ. මාපිලෙක් දාල වැඩේ දෙන හැටි අපි දන්නවා. ඒ හන්දා දැන් අපේ මිත්‍රයන්ට කෝචෝක් දාල පස්සේ පන බේරලා දෙන්න කියල කුරු කුරු ගාගෙන අපිගාවට එන්න එපා හරිය?
මගේ උපරිම සහය. කට්ටියටම එලොව පොල් පෙන්නන්න .
ඔක්කොටම ආයුධ පෙන්වන්න පාලු තැනකට එක්කන් යන්න.
අර දඩබල්ලගේ මංජු ට සලකපු විදියට අනිත් අයටත් සැලකුවාම වැඩේ ඉවරයි. නැත්නම් නඩු දාන, ඇප දෙන චක්‍රය කැරකෙන එක විතරයි වෙන්නේ
දේශපාලනය පැත්තකින් තියලා ඇත්තටම වැඩේ කොරන ඕනේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට වැඩේ බාර දෙන්න.
සිරිමල්ට උත්තර දීල කාලේ නාස්තිකරගන්නේ මොකටද?
ඇත්තටම ඒ කාලේ මේ වගේ පාතාලේ අය වැඩ දැම්මද? ඒ කාලේ මේ අය කොහෙද හිටියේ? මේ ආණ්ඩුවේ කොච්චර හොහැකියාවක්ද තියෙන්නේ? යාපනේ ප්‍රභාකරන් නෙමේ කොළොඹ පාතාලේ වත් නැති කරන්න බෑ.
මේ වෙනකොට කීදෙනෙක් අත්අඩංගුවට අරගෙන තියනවද, කාටද හරියට දඩුවමක් දුන්නේ. මේ ඔක්කොම සාමාන්‍ය මනුස්සයට විතරයි.
ඔය කවුරුත් හොඳට මතක තියාගන්න මේ යන විදියට ඉස්සරහට වෙන්නේ මෙහෙමෙ දෙයක්. ඔය පාතාල නායකයෝ පිට රටවල සුවසේ ඉඳන් මෙහෙ ඉන්න ගෝලයෝ දාල තමන්ට විරුද්ධ අයව පැහැරගෙන යන්න සලස්වල රහසිගත ස්ථාන වලදී අතපය බැඳ දමා ඊට පස්සේ දුර කතන තාක්‍ෂණය ඔස්සේ ඒ අය ඉදිරියේ පෙනී සිටිමින් නඩු අසා වහසි බස් කියා මරණ දඬුවම් දෙන ක්‍රමයක් ඇතිවෙමින් පවතිනවා.
කිසිම සාධාරණ රැකියාවක් නොකර, අනුන් උපයන දෙයින් කප්පම් ගනිමින් ජීවත් වන මේ අය සමාජයෙන් සහමුලින් අතු ගා දැමිය යුතුයි. මේ මැරයන්ට දේශපාලකයින් උදව් දෙනවා නම්, එවැනි අය අනාවරණය කොට පක්ෂයෙන් නෙරපා දැමීම ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ යුතුකමයි.